වධහිංසාවන්ට
ලක්නොවීමටඔබට
ඇති අයිතිය ඔබ දන්නවාද?
අයිතිවාසිකම් නම් ප්රස්තුතය
ප්රධාන
වශයෙන් අනුකාණ්ඩයන් ද්විත්වයකට බෙදා දැක්විය හැකිය.
Ø මූලික අයිතිවාසිකම් යනු, යම් රටක පුරවැසියෙකු බුක්ති විඳින එම රටේ ආණ්ඩුක්රම
ව්යවස්ථාවෙන්
පිළිගන්නා ලද අයිතිවාසිකම්ය.
Ø මානව අයිතිවාසිකම් යනු, “මනුෂ්යයෙකු
වීම නිසා ම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට මානව අයිතීන් හිමිවේ. මිනිසුන්ගේ හැකියාවන් වර්ධනයට සහ මිනිසුන්ට ජීවත්වීමේ රුකුලක් වශයෙන් මානව අයිතිවාසිකම් පවතී. සෑම පුද්ගලයෙකුට ම මෙකී අයිතිවාසිකම් සමාන ව පවතී”.
එක්සත්
ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයට
අනුව,
මේ අනුව අභිප්රේත
කරුණු මුදුන් පමුණුවාගනු වස් මූලික අයිතිවාසිකම් පිළිබඳ ව නෛතික තත්ත්වය කෙබඳු ද යන්න වැඩිදුරටත් විමසා බැලීම වැදගත් වේ.
මූලික අයිතිවාසිකම්
පිළිබඳ
අන්තර්ජාතික
තත්ත්වය
1945 ට පෙර මූලික
අයිතිවාසිකම්
පිළිබඳ
සුවිශේෂි
අවස්ථා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්රකාශය
ඇතිවීමටත් පෙර සිට ම පුද්ගල අයිතිවාසිකම් සුරක්ෂිත කරනු වස් සුවිශේෂී සිද්ධිමාලා රාශියක් ලොව පුරා සිදුවිය. එනම්, 1215 මැග්නාකාටා ගිවිසුම, 1628 ඉංග්රීසි
විප්ලවය, 1688 අයිතිවාසිකම් පනත, 1776 ඇමරිකා එක්සත් ජනතා ස්වාධීනතා ප්රකාශය,
1789 මිනිසා හා ප්රංශ
පුරවැසියාගේ අයිතිවාසිකම් මේ අතර වැදගත් වේ. මෙකී අවස්ථාවල ඇති වූ විවිධ අරගල මහජන එකතු වීම් හේතුවෙන් මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් යන විෂය ක්ෂේත්රයන්හි
පුළුල් විපර්යාසයන් ඇතිවිය.
1945 ට පසු මූලික
අයිතිවාසිකම්
පිළිබඳ
සුවිශේෂි
අවස්ථා
වධහිංසාවන්ට ලක්නොවීමටඔබට ඇති අයිතිය ඔබ දන්නවාද?
සුවිශේෂී
අවස්ථාව
|
විස්තරය
|
එක්සත්
ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය
|
Ø
1948.12.10 දින සම්මත විය.
Ø
මානව
අයිතීන් සම්බන්ධයෙන් ලොව ඇති විශිෂ්ඨම ලියවිල්ල මෙයයි.
Ø
02 වන ලෝක මහා සංග්රාමයෙන් අනතුරු
ව මානව අයිතිවාසිකම් ක්ෂේත්රයේ ඇති
වූ මහා විනාශය නැවත ඇතිනොවීමට ලෝක ප්රජාවම ඒකාබද්ධ
කළ ලියවිල්ලකි.
Ø
රාජ්යයන් 191ක්
මේ හා බැඳී කටයුතු කරන අතර මෙය වගන්ති 30කින් සමන්විත වේ.
|
ආර්ථික,
සමාජයීය, සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය
|
Ø
1966 දී ඇති වූ මෙම සම්මුතිය මගින් ප්රස්තුත අයිතීන්
සුරක්ෂිත කර ඇත.
Ø
මිනිසාට
සමාජය තුළ ජීවත් වීමේ අයිතිය, රැකියාවක් තෝරා ගැනීමේ අයිතිය, සාධාරණ වැටුපක් ගැබීමේ අයිතිය මින් සුරක්ෂිත කර ඇත.
|
සිවිල්
හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතිය
|
Ø
මෙමගින්
කුරිරු අවමන් සහගත සැළකිළිවලින් මිදීමේ අයිතිය, සාධාරණ නඩුවිභාගයක අයිතිය වැනි අයිතීන් සුරක්ෂිත කර ඇත.
|
සිවිල්
හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පළවන කෙටුම්පත
|
Ø
කිසියම්
රටක අධිකරණ ක්ෂේත්රයේ ගතහැකි
අවසාන ක්රියාමාර්ගය ද
ගත් නමුත් අතෘප්තිමත් නම් සාමාජික රටවල පුරවැසියන්ට එ. ජා. මානවහිමිකම් කමිටුවට පැමිණළි කිරීමට මෙමඟින් අවකාශය සළසා ඇත.
Ø
1997 දී ලංකාව ද මෙම කෙටුම්පත අනුමත කරන ලදී.
|
සිවිල්
හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ දෙවන කෙටුම්පත
|
Ø
මීට
එකඟ රටවල් තම රටවලින් මරණීය දණ්ඩනය ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.
|
වධහිංසා
හා වෙනත් අමානුෂික දඬුවම් හා අවමන්සහගත සැළකිළිවලට එරෙහි සම්මුතිය
|
Ø
CAT ලෙස මෙය
අර්ථ ගැන්වේ.
|
ශ්රී
ලංකාවේ
මූලික
අයිතිවාසිකම්
පිළිබඳ
නෛතික
පසුබිම
1947 සෝල්බරි
ආණ්ඩුක්රම
ව්යවස්ථාව
යටතේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නෛතික තත්ත්වය
Ø
මෙම
ආණ්ඩුක්රම
ව්යවස්ථාව
ලංකාව තුළ නොව බි්රතාන්ය
තුළ කෙටුම්පත් වූවකි. බි්රතාන්ය
තුළ ලිඛිත ආණ්ඩුක්රම
ව්යවස්ථාවක්
නොවූ හෙයින් එහි මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් අන්තර්ගත නොවීය. සර් අයිවර් ජෙනින්ස් පෙන්වා දුන්නේ, සම්ප්රදායන්
ඔස්සේ පාලනය වන බි්රතාන්ය
තුළ මූලික අයිතීන් සුරැකීම සඳහා අධිකරණය ක්රියා
කරන හෙයින් විශේෂ හඳුන්වා දීමක් අනවශ්‍ය
බවයි.
Ø
සෝල්බරි
ආණ්ඩුක්රම
ව්යවස්ථාවේ
29(2) අනුව්යවස්ථාවෙන්
කිසිඳු ජන කොටසකට, ආගමකට බාධා කෙරෙන අන්දමේ ව්යවස්ථා
පැනවීම තහනම් කෙරිණි. නමුත් ප්රායෝගික
ව මෙම ප්රතිපාදනය
මගින් මූලික අයතීන් සුරක්ෂිත නොවීය. කෙසේ
වෙතත් යම් යම් අයිතීන් සුරක්ෂිත වූ යුගයක් ලෙස මෙම යුගය හැඳින්විය හැකිය (පුවත්පත් නිදහස, වෘත්තීය සමිතිවල ක්රියාකාරීත්වය)
1972 ප්රථම ජනරජ
ව්යවස්ථාව
යටතේ
මූලික
අයිතිවාසිකම්
පිළිබඳ
නෛතික
තත්ත්වය
Ø
ආණ්ඩුක්රම
ව්යවස්ථාවක්
තුළ එම රටේ ජනතාවගේ අයිතිවාසිකම් සහ නන්වැදෑරුම් නිදහස පිළිබඳ කාරණා අත්යවශ්යයෙන්
ම ඇතුළත් විය යුතුය. නමුත් උපයුක්ත ව දැක්වූ පරිදි ගම්‍ය
වූයේ සෝල්බරි ව්යවස්ථාව
මගින් අවධාරණය කරනු ලැබූවේ සමස්ත ජනතාවට පොදු අයිතිවාසිකම් නොව එක්තරා ජනකොටසකට පමණක් වෙන් වූ ආගමික අයිතීන්ය.
නමුත් 1972 ආණ්ඩුක්රම
ව්යවස්ථාව
මගින් සමස්ත ජනතාවගේ ම අයිතිවාසිකම් අවධාරණය කරමින් ප්රථම
වරට මූලික අයිතිවාසිකම් ප්රකාශයක්
ආණ්ඩුක්රම
ව්යවස්ථාවට
ඇතුළත් කරන ලදී.
ව්යවස්ථාව
|
විස්තර
|
18(1) අනුව්යවස්ථාව
|
Ø
නීතියේ
රැකවරණය සර්වසාධාරණ විය යුත්තේය.
Ø
නීතියට
අනුකූල මිස කිසිවෙකුගේ නිදහසට හෝ ප්රාණයට හානියක්
නොකළ යුතුය.
Ø
නීතියට
අනුකූලව මිස කිසිම පුරවැසියෙකු අත්අඩංගුවට ගැනීම, බන්ධනාගාරගත කිරීම හෝ රඳවා තැබීම නොකළ යුතුය.
Ø
සෑම
පුරවැසියෙකුටම සිතීමේ නිදහස, ආගමේ නිදහස, හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමේ නිදහස අයත් වේ.
|
18(2) අනුව්යවස්ථාව
|
Ø
උපයුක්ත
අයිතිවාසිකම් බුක්තිවිඳිය හැක්කේ රටේ ආරක්ෂාව, ජාතික ආර්ථිකය, මහජන ගෞරවය හා නිදහස ආරක්ෂා කිරීම පිළිබඳ රාජ්‍ය ප්රතිපත්ති ක්රියාත්මක කිරීම
පිළිබඳ නීතියකින් නියම කරන ලද සීමාවන්ට යටත්වය (ඉහත කී තත්ත්වයන් ආරක්ෂා කිරීමට ගන්නා ක්රියාමාර්ග තුළින්
ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි අන්දමේ නීතියක් වුවද පැනවීමේ හැකියාව ද ජාතික රාජ්‍ය සභාවට
පවතී).
|
45(4) අනුව්යවස්ථාව
|
Ø
මෙම
ව්යවස්ථාවට අනුව
මූලික අයිතිවාසිකමක් වුවද අත්හිටුවීමේ නියෝගයක් පැනවීමට ජනාධිපතිට ඇති ඉඩකඩ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් සීමා වේ.
|
1978 ආණ්ඩුක්රම
ව්යවස්ථාව
යටතේ
මූලික
අයිතිවාසිකම්
පිළිබඳ
නෛතික
තත්ත්වය
Ø
මෙරට
ආණ්ඩුක්රම
ව්යවස්ථා
ඉතිහාසය තුළ ප්රථම
වරට විධිමත් ව මූලික අයිතිවාසිකම් ප්රකාශයක්
අන්තර්ගත වූයේ මෙම ආණ්ඩුක්රම
ව්යවස්ථාව
තුළය. 1978 ආණ්ඩුක්රම
ව්යවස්ථාව
තුළ අයිතිවාසිකම්වල ගුණාත්මකභාවය වඩාත් පුළුල් පරාසයක පැතිර පැවතීම සුවිශේෂී ලක්ෂණයකි.
Ø
දීර්ඝ
ලෙස අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කර ඇති ඉන්දීය ආණ්ඩුක්රම
ව්යවස්ථාව
අනුව යමින් 1978 ව්යවස්තාවේ
03වන පරිච්ඡේදයේ 10වන ව්යවස්ථාවේ
සිට 14වන ව්යවස්ථාව
දක්වා සවිස්තරව මූලික අයිතිවාසිකම් දක්වා තිබේ.
ව්යවස්ථාව
|
විස්තරය
|
10 ව්යවස්ථාව
|
Ø
සිතීමේ
නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස
|
11 ව්යවස්ථාව
|
Ø
වධහිංසාවලින්
නිදහස
|
12 ව්යස්ථාව
|
Ø
සර්වසාධාරණත්වයේ
අයිතිවාසිකම
|
13 ව්යවස්ථාව
|
Ø
අත්තනෝමතිකව
සිරභාරයට ගැනීමෙන් රඳවා තබාගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහසට සහ අතීතයට බලපාන දන්ඩන නීති පැනවීම තහනම් කිරීම
|
14 ව්යවස්ථාව
|
Ø
භාෂණයේ,
රැස්වීමේ, සමාගමේ, රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස
|
1978 ආණ්ඩුක්රම
ව්යවස්ථාවට
අනුව එහි සඳහන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බලාත්මකභාවය දෙනු ලබන්නේ 17වන ව්යවස්ථාවෙනි.
1978 ආණ්ඩුක්රම
ව්යවස්ථාව
අනුව
මූලික
අයිතිවාසිකමක්
කඩවීම
Ø
මීට
අදාළ ව්යවස්ථාව
වන්නේ 126වන ව්යවස්ථාවයි.
Ø
126වන ව්යවස්ථාව
අදාළ වන්නේ, විධායක හෝ පරිපාලන ක්රියාවක්
මගින් හටගන්නා ක්රියාවලට
හෝ නොකරහැරීම්වලට පමණි. ඒ අනුව අධිකරණ කටයුත්තක් ප්රශ්න
කිරීමට 126වන ව්යවස්ථාව
යොදාගත නොහැක. ඒ බව ප්රනාන්දු
එ. නීතිපති නඩුවෙන්
තීන්දු කර ඇත.
Ø
126(1) අනුව්යවස්ථාවේ
සඳහන් පරිදි යම් මූලික හෝ භාෂා අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන ක්රියාවක්
මගින් කඩකිරීම හෝ කඩකිරීමට අත්යාසන්නව
පැවතීම හා සම්බන්ධ කවර හෝ ප්රශ්නයක්
විභාග ඛර තීරණය කිරීමේ තනි හා අනන්‍ය
අධිකරණ බලය ශ්රේෂ්ඨාධිකරණය
සතු වේ.
අධිකරණ බලය
යොදවා
ගතහැකි
අන්දම
126(2) අනුව්යවස්ථාව
අනුව තමාට සම්බන්ධ යම් මූලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන ක්රියාවක්
මගින් කඩ වූ විට ඔහු විසින් ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු මාර්ගයෙන් මාසයක් ැතුළත තත්කාලයේ බලපාන අධිකරණ රීතිවලට අනුව ශ්රේෂ්ඨාධිකරණය
අමතා ලිඛිත පෙත්සමක් ගොනු කිරීමේ ශක්යතාව
පවතී.
Ø
විධායක
හෝ පරිපාලන ක්රියාවක්
යනු,
වෙල්මුරුගු
එ. නීතිපති නඩුවේ
දැක්වූ පරිදි “රාජ්යයේ
විධායක නිලධාරියෙකු විසින් කරනු ලබන ක්රියාවක්
සඳහා 126වන ව්යවස්තාව
යටතේ සහනයක් ලබාගන්නේ රාජ්යයේ
විධායක බලය පාවිච්චි කරමින් රජය විසින් කරඇති දේකට විරුද්ධවය. එය රාජ්යයේම
වගකීමයි”.
ඉල්ලුම්පතක්
ඉදිරිපත් කිරීම සඳහා නියමිත කාලය
අයිතිවාසිකම කඩ වූ තැන සිට මසක් ඇතුළත ඉල්ලුම්පත ඉදිරිපත් කළ යුතු බව 126(2) අනුව්යවස්ථාව
තුළ දැක්වේ. මුල්කාලීනව මෙය දැඩිව අර්ථනිරූපණය කළ අතර වර්තමානයේ මෙය නිදහස්කාමී ලෙස අර්ථනිරූපණය කිරීමට ශේෂ්ඨාධිකරණය උත්සුක වී තිබේ. ඒ අනුව සාධාරණ හේතුවක් ඇතිවිට මෙම කාලසීමාව නොසලකා හැරීමට පෙලඹී තිබේ. ඒ බව එදිරිසූරිය එ. නවරත්නම් නඩුවෙන්
පැහැදිලි වේ.
තීන්දුව දිය
යුතු
කාලසීමාව
Ø
පෙත්සමක්
ශ්රේෂ්ඨාධිකරණය
වෙත ඉදිරිපත් කළ දින සිට දෙමසක් ඇතුළත් එය විභාග කර කටයුතු නිමකළ යුතු බව 126(5) අනුව්යවස්ථාවෙන්
විශද වේ.
Ø
නමුත්
කතිරගේසු විසුවලිංගම් එ. ලියනගේ නඩුවේදී මෙම මාස දෙකේ සීමාව ඒ අයුරින්ම අනවශ්‍ය
බව අධිකරණය තීරණය කරන ලදී.
Ø
ඒ
අනුව මූලික අයිතිවාසිකම් පිළිබඳ ලංකාවේ පැවති හා පවතින නෛතික තත්ත්වයන් සම්බන්ධව උපයුක්තව විශ්ලේෂණාත්මකව විග්රහ
කළ අතර මෙම පත්රිකාවේ
අභිප්රේතාර්ථය
මස්තකප්රාප්ත
කරනු වස් වධහිංසාවලින් නිදහස යන ප්රස්තුතය
විග්රහ
කිරීම වැදගත් වේ.
1978
ආණ්ඩුක්රම
ව්යවස්ථාවේ
11වන ව්යවස්ථාව තුළ
වධහිංසාවලින් නිදහස යන මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්රතිපාදනය
අඩංගු වේ.
පුද්ගලයන්ගේ මූලික අයතිවාසිකම් උල්ලංඝනය වන බරපතල කරුණක් ලෙස වධහිංසාව හැඳින්විය හැකිය. වධහිසාව ලෙසින් හඳුන්වන්නේ, යම් පුද්ගලයෙකු වෙත පමුණුවනු ලබන බරපතල වූ කායික හෝ මානසික වේදනාවක් ගෙනඑනු ලබන ක්රියාවකි.
එක්සත් ජාතීන්ගේ වධහිංසාව, වෙනත් අමානුෂික දඬුවම් සහ අවමන් සහගත සැලකිල්ලට එරෙහි සම්මුතයෙහි වධහිංසාව මෙසේ දක්වා ඇත.
“... 'torture' means any act by which
severe pain or suffering, whether physical or mental, is intentionally
inflicted on a person for such purposes as obtaining from him or a third person
information or a confession, punishing him for an act he or a third person has
committed or is suspected of having committed, or intimidating or coercing him
or a third person, or for any reason based on discrimination of any kind, when
such pain or suffering is inflicted by or at the instigation of or with the
consent or acquiescence of a public official or other person acting in an
official capacity. It does not include pain or suffering arising only from,
inherent in or incidental to lawful sanctions”.[1]
උපයුක්ත
නිර්වචනයට අනුව පෙනී යන කරුණක් නම්, වධහිංසාව යන ප්රපංචය
චේතනාත්මකව උග්‍ර
මානසික, භෞතික පීඩාවන් හා හානි පමුණුවන දෙයක් බවයි. ඊට අමතර ව බොහෝ විට වධහිංසාව රාජ්‍ය
බලධාරීන්ගේ පටු අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමේදී ක්රියාවට
නැඟෙයි. එසේ ම වෛරය පිරිමසාගැනීමේදී ද වධහිංසාව යොදා ගනී. අන්තර් පුද්ගල වධහිංසාව හේතුවෙන් බිය හා ත්රස්තවාදය
යන අතුරු ඵල හට ගනී.
වධහිංසාවට ලක්වන
පුද්ගලයන්
Ø දේශපාලන කටයුතුවල නියැලෙන්නන්
Ø ශිෂ්‍ය
ක්රියාකාරීන්
Ø මාධ්යවේදීන්
Ø සෞඛ්‍ය
වෘත්තීයවේදීන්
Ø පොලිස් අත්තඩංගුවේ පසුවන්නන්
වධහිංසාවෙන්
ඇතිවන
ප්රතිඵල
Ø විශාදය
Ø අධික විඩාබර බව
Ø සාංකාව
Ø නින්දාසහගත බව
Ø මරණය
Ø ලිංගික බෙලහීනත්වය
Ø අලස බව
වධහිංසාවට එරෙහි
මිණුම්දඬු
Ø වධහිංසා පැමිණවීම නීතියෙන් තහනම් කිරීම
Ø සිරකරුවන් පිළිගත් ස්ථානවල රඳවා තැබීම
Ø වන්දි ගෙවීම
Ø නඩුපැවරීම
ජාත්යන්තර
නීතිය
තුළ
වධහිංසාව
වැළැක්වීමේ
ප්රතිපාදන
Ø 1948 මානව
හිමිකම් පිළබඳ විශ්ව ප්රකාශනයේ
05වන වගන්තිය තුළින්
වධහිංසාව වැළැක්වීමට පියවරගෙන ඇත.
Ø 1966 සිවිල්
හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර
සම්මුතියේ 07වන වගන්තිය තුළින්
වධහිංසාව වැළැක්වීමට පියවර ගෙන ඇත.
ශ්රී
ලංකාව
තුළ
වධහිංසා
නඩුවක්
ගෙන
යෑමේ
දී
අදාළ
කරගන්නා
ප්රතිපාදන
Ø
පොලිස්
ආඥා පනත
Ø
1996 අංක
21 දරණ ශ්රි
ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත
Ø
1994 අංක
22 වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත
Ø
1979 අංක
15 දරණ අපරාධ නඩුවිධාන සංග්රහා
පනත- 28, 38 වගන්ති
Ø
1895 අංක
14 දරණ සාක්ෂි
ආඥා පනත-25 වගන්තිය, 26(1) උපවගන්තිය
Ø
2001 අංක
11 දරණ අධ්යාපන
චක්‍ර
ලේඛනය (පාසල් තුළ සිදුනරන ශාරීරික දඬුවම් තහනම් කිරීම)
Ø
ශාරීරික
දඬුවම් (අහෝසි කිරීම) 2005 අංක 23 දරන පනත- 1, 2 වගන්ති
නඩුතීන්දු නීතිය
තුළ
වධහිසාවට
අදාළ
නීති
පද්ධතිය
විකාශනය
වී
ඇති
ආකාරය
මේ පිළිබඳව විමසා බැලීමේදී ශ්රී
ලංකාවේ මෙන්ම සෙසු රටවල ද වධහිංසාව පිළිබඳව විභාග වූ විශාල නඩුතීරණ සංඛ්යාවක්
පවතී. ඒ අනුව එකී නඩුතීරණ ලබාදුන් විනසුැවරුන්ගෙන් වධහිංසාවට අදාළ නීතිපද්ධතිය සංවර්ධනය වූ ආකාරය විමසා බැලීම වැදගත් වේ.
Ø
ආණ්ඩුක්රම
ව්යවස්තාවේ
11වන ව්යවස්ථාව
ප්රකාරව
වධහිංසාවලින් නිදහස පිළිබඳව ධ්වනිත වන අතර පොලිසිය හෝ සන්නද්ධ හමුදා විසින් ජනතාවට සලකනු ලබන ආකාරය සම්බන්ධයෙන් මෙම විධිවිධානය ආධාර කරගනිමින් තීන්දු ඉදිරිපත් කර තිබේ. එනම්, අත්‍යවශ්‍ය
මහජන
සේවා පනත් කෙටුම්පත්
තීන්දුවේදී ශ්රේෂ්ඨාධිකරණය තත්ත්වාකාරවාදී ඇමරිකානු නඩුතීන්දු අනුව යමින් තීන්දු කරනු ලැබූයේ පුද්ගලයෙකු විසින් කළා වූ වරදට වඩා අතිශයින් ම බරපතල වූ දඬුවමක් පැනවීම කෲරතර දඬුවමක් ලෙස සැලකිය හැකි බවයි.
Ø
ඊට
අමතරව පොලිසිය හෝ වෙනත් ආරක්ෂක සංවිධාන භාරයේ සිටින පුද්ගලයන්ට කෲරතර හෝ අමානුෂික ලෙස සැලකීම සෑම විටම අධිකරණයේ පිළිකුලට භාජනය වී තිබේ. ඒ බව අමල් සිල්වා
එ. කොඩිතුවක්කු
නඩුවේදී අතුකොරළ
විනිසුරුතුමා පැවසූයේ, “පොලිසිය විසින් අනුගමනය කරන පහත් ක්රියාමාර්ග
ඵීස්තර කළ හැක්කේ ම්ලේච්ඡ වනචාරි සහ අමානුෂික ඒවා ලෙස පමණකි. විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බොහෝ උනන්දුවක් දක්වන වර්තමානයෙහි මෙබඳු ක්රියාමාර්ග
මිනිසත් බවට එරෙහිව එල්ල කරන නිග්රහයන්
ලෙස හෙළා දැකිය යුතුය” යනුවෙනි.
Ø
ජෙරාල්ඞ් පෙරේරා
නඩුවේදී වැරදි
හඳුනාගැනීමක් මත අත්අඩංගුවට ගත් ජෙරාල්ඞ් නමැත්තාට වත්තල පොලිසිය බරපතල වධහිංසා පැමිණවීය. ඊට එරෙහිව ජෙරාල්ඞ් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවෙන් ඔහු ජය ගත්තද මහාධිකරණ නඩුවේ ප්රධාන
සාක්ෂිකරුව සිටියදී ඔහුව ඝාතනය කෙරිණි.
Ø
පාලිත තිස්සකුමාර
නඩුවේදී ප්රකාශ කර සිටියේ ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදී ඔහුගේ මුඛයට ක්ෂය රෝගියෙකු ලවා කෙළ ගැස්සවූ බවයි. ඉහත කරුණු අනුව පෙනී යන්නේ, ලංකාව තුළ පොලිස් වධහිංසාව දිනෙන්දින වර්ධනය වී ඇති බවයි.
Ø
එසේම
ඇතැම් අවස්තාවකදී අධිකරණය පවා කෲර අමානුෂික අවමන් සහගත සැලකිල්ල හා වධහිංසාව යන්නට සීමාකාරී බවක් ගෙනහැර දක්වා ඇත.
Ø
සමන් එ. ලීලදාස
නඩුවේදී සෑම
පහරදීමක්ම ආණ්ඩුක්රම
ව්යවස්ථාවේ
11වන ව්යවස්ථාව
උල්ලංඝනය වීමක් නොවන බව අධිකරණයේ තීරණය වූ අතර අධිකරණය එහිදී ප්රකාශ
කළේ, අදාළ සැලකීමේ හෝ දඬුවම් කිරීමේ බැරෑරුම්කම මත පමණක් 11වන ව්යවස්ථාව
උල්ලංඝනය කිරීමක් වන බවයි.
Ø
එසේම
බණ්ඩාර
එ. වික්රමසිංහ
නඩුවේදී වෛද්‍ය
සාක්ෂි මගින් වින්දිතයාට ඉතා සුළු වධහිංසාවක් වී ඇති බැව් අනාවරණය වූ නිසා අධිකරණය තීරණය කළේ එය කෲර අමානුෂික වධහිංසාවක් නොවන බවයි. බොහෝ විට මුල්කාලීන නඩුතීරණවලදී මෙම තත්ත්වය සුලබව දක්නට ලැබුණි.
Ø
ඔප්පු
කිරීමේ කාර්යයේදී අවධානය යොමු කළ යුතු ප්රතිවාදී
මූලධර්ම 02ක් වෙල්මුරුගු
එ. නීතිපති
නඩුවේදී වනසුන්දර
විනිසුරුතුමා විසින් පෙන්නුම් කරදෙන ලදී.
1. මූලික
අයිතිවාසිකම් නිසි ලෙස ආරක්ෂා කළයුතු වන්නේ නම් මූලික අයිතිවාසිකමක් කඩවීම ගැන අනවශ්‍ය
ඔප්පු කිරීමේ කාර්යයක් පැමිණිලිකරු මත නොපැවරිය යුතුය.
2. චෝදනාව
ඉතා බරපතල එකක් නිසා විධායක හෝ පරිපාලන නිලධාරීන් විසින් කෲර වධහිංසා පමුණුවන ලදැයි කියාපාන නිසා සාපේක්ෂ ලෙස ඉහත මට්ටමේ ශක්යතාවක්
යෙදෙන්නේය.
ඒ අනුව මෙම නඩුතීරණයෙන් පෙන්නුම් කෙරුණේ අධිකරණය සෑහීමකට පත්වන අයුරින් සිවිල් නඩුවක දී චෝදනා ඔප්පු කරන ආකාරයට පැමිණිලිකරු විසින් චෝදනා ඔප්පු කළ යුතු බවයි.
Ø
පසුකාලය
වන විට 11වන ව්යවස්ථාව
සම්බන්ධයෙන් අධිකරණය ඉදිරිගාමීව කටයුතු කරඇති බව පෙනී යයි. ඒ බව සුමිත් ජයරත්න
එ. රෙජී
රණතුංග නඩුවෙන්
අනාවරණය වේ. මෙහිදී කැමරා ශිල්පියෙකුට පහරදීම සම්බන්ධව ප්රශ්නගත
වූ අතර නියෝජ්‍ය
අමාත්යවරයා
මෙකී සිද්ධියට ඍජුවම සම්බන්ධ නොවූ අතර ඔහුගේ පෙළඹවීම මත මෙය සිදුව ඇති බැවින් ඔහුටද වගකීම පවරා පෙත්සම්කරුට උපරිම සාධාරණය ඉටුකොට තිබේ.
Ø
ඊට
අමතරව මානසික වධහිංසාව පිළිබඳවද අධිකරණයේ සැලකිල්ල භාජනය වී තිබේ. ඒ බව ඩග්ලස් බණ්ඩාර
නඩුවේදී විදුහල්පතිවරයෙකු
සිසුවෙකුට කම්මුලු පහරක් දීම නිසා සිසුවාට සිදුවූ අවමානයට 11වන ව්යවස්ථාව
යටතේ සහන ලබාගත හැකිවිය.
Ø
එසේම
සෝමවතී
එ. වීරසිංහ
නඩුවේදී නඩුවේදී
ශ්රේෂ්ඨාධිකරණය
තීරණය කළේ 126(2) අනුව්යවස්ථාව
අර්ථනිරූපණය කරමින් භාර්යාවට හෝ හානියට පත් ස්වකීය සැමියා වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කළ නොහැකි බවයි. කෙසේ නමුත් රැඳවියාගේ මූලික අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බැවින් පෙත්සම අඩුපාඩු සහිත වුවත් විභාගයට ගැනීමට අධිකරණය තීරණය කරන ලදී. පොදු යහපත සඳහා මෙවන් තීරණ ගැනීමට ලංකා අධිකරණයට පූර්වාදර්ශය සැපයුණේ ඉන්දීය අධිකරණවලිනි.
Ø
වධහිංසාව
ඇතුළු සෙසු මූලික අයිතිවාසිකම් පිළිබඳව නඩුතීන්දු නීතිය තුළ ඉතා වර්ධනීය අවස්ථාවක් ලෙස ශ්රියාණි
සිල්වා එ. චානක ඉද්දමල්ගොඩ
නඩුතීරණය හැඳින්විය
හැකිය. මෙහි දී සැමියා පොලිස් රැඳවුම්භාරයේදී මියගිය හෙයින් අධිකරණය 126(2) අනුව්යවස්ථාව
අතික්රමණය
කරමින් අයිතිවාසිකම් කඩ වූ පුද්ගලයාගේ භාර්යාවට හෝ දරුවන්ට හෝ ළඟම ඥාතියෙකුට අනුප්රාප්තික
අයිතිය යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකි බව ප්රකාශ
කරන ලදී. මේ අනුව විමර්ශනය කර බලන කල වධහිංසාව නම් විෂය ක්ෂේත්රයට
අදාළ නීති තත්ත්වය නඩුතීන්දු නීතිය හරහා සංවර්ධනය වී ඇති බව මනාව ගම්යමාන
වේ.
Ø
ඊට
අමතරව ඉන්දියාවේ වධහිංසාවට අදාළ නීති තත්ත්වය විමසීමේදී ඉන්දීය ආණ්ඩුක්රම
ව්යවස්ථාවේ
21වන ව්යවස්ථාවේ
ජීවත් වීමට ඇති අයිතිය යටතේ වධහිංසාවන්ගෙන් නිදහස පිළිබඳව අන්තර්ගත වේ. එසේම මානව ගරුත්වය සමග ජීවත්වීමට ඇති අයිතිය පිළිබඳව මෙන්ම වධහිංසාන්ගෙන් නිදහස පිළිබඳ අයිතිය ඉතා පුළුල් ලෙස අර්ථ විවරණය කොට ඇති නඩුතීරණ 02ක් Bandhua Mukti Morcha v. Union of India සහ Sheela Barse v. Maharashtra යන නඩුතීරණ දැක්විය හැකිය.
Ø
එසේම
මානව අයිතීන් නොසලකා හරිමින් පොලිස් අත්අඩංගුවේ සිටින කිසිම පුද්ගලයෙකුට එරෙහිව නඩුවිභාගයකින් තොරව වධහිංසා පැමිණවීම ඉන්දීය ආණ්ඩුක්රම
ව්යවස්ථාවට
පටහැනි බව Kishore Singh v. State of
Rajasthan නඩුවේ තීරණය
විය.
වධහිංසාවකට
විරුද්ධව නඩු පවරන ආකාරය
නඩුකර ගෙන ආ හැකි නෛතික අයිතිය ඇත්තේ කා හටද යන්න Locus Standi ලෙස හඳුන්වයි.
ඒ අනුව 126වන ව්යවස්ථාව
යටතේ බැලූබැල්මට පෙනෙන්නේ වධහිංසාවට ලක්වූ පුද්ගලයා හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු මාර්ගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බවයි. නමුත් ප්රායෝගික
අපහසුතා මත එම නෛතික ක්රියාවලිය
ඉටුකිරීමට නොහැකිවිය හැකිය (උපයුක්ත සෝමවතී
එ. වීරසිංහ
සහ ශ්රියාණි
සිල්වා එ. ඉද්දමල්ගොඩ නඩු බලන්න).
එසේ ප්රායෝගික
අපහසුතා මත අසම්පූර්ණ පෙත්සම් ඉදිරිපත් කරන්නන් හේතුවෙන් අධිකරණයට විකල්පයක් නොවූයෙන් 44වන නව ශ්රේෂ්ඨාධිකරණ
රීතියෙන් ව්යවස්ථාපිත
නීතියට නම්යශීලී
අර්ථනිරූපනයක් ගෙන එන ලදී. මෙහිදී යම් පුද්ගලයෙකු තමාගේ නඩුවක් නීතිඥයෙකුට බාරදෙන විට පෙරකලාසියකට අත්සන් කළ යුතු අතර ප්රායෝගික
හේතු මත වින්දිතයාට අත්සන් කළ නොහැකි නම් ඔහු වෙනුවෙන් තුන්වන පාර්ශ්වයකට අත්සන් කළ හැකි විය. තවද, නීතිඥවරයෙකු පවා යම් යම් අවස්ථාවලදී පෙරකලාසියක් නොමැතිව පවා නීතිඥයෙකුට මැදිහත් විය නොහැකි විය.
Ø
පොදු
යහපත උදෙසා නඩු පැවරීමේ හැකියාව ඉන්දියාවේ ඇතත් ලංකාවේ එබඳු හැකියාවක් නැත (ඉන්දියාවේ Locus Standi පටිපාටිය ඉතා
පුළුල්ය).
Ø
ලංකාවේ
Locus Standi පටිපාටිය ඉන්දියාවේ
තරම් පුළුල් නොවුණත් සෝමවතී
එ. වීරසිංහ
නඩුවෙන් ඇතිවූ නෛතික තත්ත්වයන් දරදඬු බව 44වන රීතිය මගින් තරමක් ලිහිල් වූ බව කිව හැකිය.
නිගමනය
යම් විධායක ක්රියාවක්
හේතු කොට ගෙන පුද්ගලයෙකු වධහිංසාවට ලක් වූ විට ශ්රේෂ්ඨාධිකරණය
ලවා ඊට රැකවරණය ලබාගැනීමට ආණ්ඩුක්රම
ව්යවස්තාව
මගින් අවස්ථාව සලසා දී ඇති අතර යම් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකමක් කඩ වූ විට ඒ පිළිබඳ ව පාර්ලිමේන්තු කොමසාරිස්වරයෙකු විසින් පරීක්ෂණයක් පවත්වාගත හැකි වීම මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය. ඊට අමතරව ශ්රී
ලංකාව තුළ අදද ක්රියාත්මක
වන්නේ දැනට දශක දෙකකටත් වඩා ඉහතින් සම්පාදනය කරන ලද ව්යවස්ථාවකි.
නමුත් මේ වන විට ජාත්යන්තරව
පවතින විවෘතභාවයට සාපේක්ෂව අප රටේ ජනතාවගේ අපේක්ෂාවන්ද වර්ධනය වී ඇත. එසේම සමාජ අසහනය හා අසමතුලිතභාවය පිළිබඳ ගැටලු ගණනාවක්ම උද්ගත වී ඇත. ඒ අනුව ශ්රී
ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ගුණාත්මක බව මෙන්ම ප්රමාණාත්මක
පරාසය ද පුළුල් කළ යුතුය. සංවර්ධනය පිළිබඳ ප්රධාන
නිර්ණායකය ලෙස අයිතිවාසිකම්වලට ගරුකරන ජාත්යන්තර
ප්රජාව
ද ශ්රී
ලංකාවේ මානව හිමිකම් පුළුල් කිරීමටත් ඒවාට අභිමානවත් බවක් ලබාදීමට ඇති අවශ්යතාවය
දැඩි ලෙස අවධාරණය කර ඇත. ඊට අමතර ව ජීවත් වීමේ අයිතිය මූලික අයිතියක් බවට පත් කිරීම, කවර අයෙකු හෝ කෲර අවමන්සහගත සැලකිල්ලකට භාජනය කිරීමෙන් නිදහස් කිරීම සඳහා කැපී පෙනෙන වෙනස්කම් හඳුන්වා දිය යුතුය. එපමණක් නොව අධිකරණ තීරණවලදී විනිශ්චයකාරවරුන් මූලික අයිතිවාසිකම් නඩුවලදී අකුර්තා රීතියට නොව නිදහස් අර්ථ නිරූපණ රීතියට ප්රමුඛතාවය
දිය යුතුය.
1948 -12-10 පැරීසියේදී නිකුත් කළ වගන්ති 30 න් යුතු ඒ යෝජනාව සොයාගැනීමට අවශ්‍යව ඇත. ඔබ ලග වේ නම් මාවෙත ලබාදෙන්න. පෝස්ට් එකක ඉතා වැදගත් කියවුයෙමි. යෝජනාව හොයන කොට ඔබේ බ්ලෝග් එක නෙත ගැටුනෙ. ස්තුතියි. (vimukthikd@gmail.com තොරතුරක් දෙන්න.)
ReplyDeleteඔබගේ අදහස් දැක්වීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙමු. මෙම ලින්ක් එකට ගොස් ඔබට අවශ්‍ය යෝජනා සම්මතය ලබාගත හැකියි.
Deletehttp://www.un-documents.net/a3r217a.htm
Best article. Thanks a lot.
ReplyDeleteBest article. Thanks a lot.
ReplyDeleteවේලාව ප.ව 4:48 .සීවල් ඇදුමෙන් සැරසී සිටි පොලිස් නිලධාරින් තිදෙනකු. මිනිස්සුන් ගමන් කරන්න අතුරු මාර්ගයක් මාව නවතා පරීක්ෂා කරන්න උනා.. ඔවුන් බයික් එකේ කැබින් ඒක පරීක්ෂා කරන්න ත් මව පරීක්ෂා කලා මම ඔයාට සහාය දුන් නත්. මම එහිදී නිලධාරීන් ගේන් ගොඩක් ම අපහසුතාවයට පත්විය.. රහස් පරදේශ මිනිසුන් මාර්ගයක රිසිසේ පරීක්ෂා කරන්න පොලිස් නිලධාරියෙකුට බලයක් තිබෙද ?..😭ඒය සීවාව ඉකමවා යන්නේ නමී අකමැති වීම වරදක් ද ?😭..
ReplyDelete😰😰.......ඒ සම්බන්ධ නීතිය පැහැදිලි කරන්න...😰😰