“අන්තර්ජාතික
නීතිය බොහෝ විට ශිෂ්ඨ සම්පන්න රාජ්යයන්
සමග ගනුදෙනු කරන හෙයින් එකී ශිෂ්ඨභාවය රැකීමට නම් එම රාජ්යයන්
තුළ පවත්නා ආණ්ඩු ද නීත්‍යනුකූල
ක්රමවේදයකින්
ජනිත විය යුතුය”
-Harvard
International Law Journal, vol. 51, (2010). P.498-
ආණ්ඩුවක් යනු යම් රාජ්යයක්
මෙහෙයවනු ලබන ප්‍රධාන
ම ඒකකයයි. ඒ අනුව යම් ආණ්ඩුවක් ජාත්යන්තරය
හමුවේ පිළිගැනීම එකී රාජ්යයට
තීරණාත්මක සාධකයකි. පිළිගැනීම යනු අන්තර්ජාතික නීතිය සමග රාජ්යයකට
ගනුදෙනු කළ හැකි වන පරිදි නෛතික පුද්ගලභාවය පිරිණැමීමයි. ලතින් ඇමරිකානු රාජ්යයක්
වන ඉක්වදෝරයෙහි ජන්ම ලාභය ලද Dr. Carlos Rodolfo Tobar නම් න්යායාචාර්යවරයා
විසින් පොදු අන්තර්ජාතික නීතිය වර්ධනය කිරීම උදෙසා සිදු කළ කාර්යභාරය සහ ඔහුගේ න්යායධර්මයන්
පිළිබඳ ව මෙම අධ්යයනය
තුළ විග්රහ
කෙරේ. 1853 නොවැම්බර් මස 04වන දින උපන් මොහු අන්තර්ජාතික නීතිය තුළ කැපී පෙනෙන නමක් සනිටුහන් කිරීමට සමත් විය. එනම්, මොහු විසින් 1908 දී අන්තර්ජාතික නීතිය පිළිබඳ ව රචනා කරන ලද Une affaire deign d’ etre traite au
congrès de la paix to the haye නම්
ග්රන්ථය
මගින් ප්රජාතන්ත්රවාදය
ගරු කළ මානුෂවාදී න්යායක්
වර්ධනය කරනු ලැබීය. ඒ අනුව මෙම න්යාය
අන්තර්ජාතික නීතික්ෂේත්‍රය
තුළ “ටෝබාර් සිද්ධාන්තය” ලෙස හඳුන්වනු ලැබේ.
Dr. Carlos Tobar විසින් පොදු අන්තර්ජාතික නීතියට අදාළ ව වර්ධනය කරන ලද විෂය පරිසීමාව
“පිළිගැනීම”, එනම් අන්තර්ජාතික නීතිය තුළ ජාත්යන්තර
පුද්ගලයෙක් සහ විෂයධරයෙක් වශයෙන් පිළිගැනීමට ලක්වීම අත්‍යවශ්‍ය
අංගයකි. ඒ මන්ද යත්, පිළිගැනීමකින් තොර ව පවතින යම් ඒකකයක් අදාළ පිළිගැනීම ලබාගන්නා තුරු ජාත්යන්තර
සබඳතා තුළ දී අගතියට ලක්වන හෙයිනි. ඒ අනුව අන්තර්ජාතික ප්රජාව
හමුවේ පිළිගැනීමට ලක්වීම ඉතා වැදගත් කරුණක් බව පැහැදිලිය. මේ අනුව පිළිගන්නා ලද ඒකකය රාජ්යයක්
විය හැකිය. එසේත් නැතිනම් ආණ්ඩුවක් විය හැකිය. එසේත් නැතිනම් සටන්කාමී කොටසකගේ සටන්වල
ප්‍රතිඵලයක් ලෙස පාලනමය වශයෙන් බලතල, අයිතීන් සහ යුතුකම් සමුදායක් ලබාගත් කැරළිකාර
ජනකොටසක් විය හැකිය.
ඒ අනුව ආණ්ඩුවක් අන්තර්ජාතික ප්රජාව හමුවේ
පිළිගත යුත්තේ, කුමන නිර්ණායකයන්ට අනුව ද යන්න පිළිබඳ ව Tobar විසින් අදහස් දක්වන ලදී. ඒ අනුව Tobar විසින් ඉදිරිපත් කරන ලද සිද්දාන්තයෙහි හරය මෙසේ කැටි
කර දැක්විය හැකිය. එනම්, “නීත්‍යනුකූල ව පත් වූ ආණ්ඩුවක් නීතියට පරිබාහිර වූ ආකාරයක්
මගින් ඉවත් කිරීමෙන් පසු ව බලයට පත්වන නව ආණ්ඩු අන්තර්ජාතික ප්‍රජාව විසින් පිළිනොගත
යුතුය” යන්නය. ඒ අනුව මෙකී සිද්ධාන්තය දෙස
බැලූ විට පෙනී යන්නේ, එය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ මානුෂවාදී පදනමකින් යුක්ත වූවක්
බවයි.
ආණ්ඩුවක් පත්වීමේ විවිධ ආකාර පවතී. එනම්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකූල ව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීවය. ඒ අනුව ආණ්ඩුවක් පත්වීමෙහි
ආකාරය එකී රාජ්‍යයට අන්තර්ජාතික නීතිය හමුවේ ගනුදෙනු කිරීමේ ශක්නුතාවය තීරණය කිරීමට
බලපායි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල
ව සාමකාමී පදනමකින් ජනිත වන නව ආණ්ඩු ලෝක හවුල ඉතාම උද්යෝගයෙන් සහ පහසුවෙන් පිළිගැනීමට
යොමු වේ. එබැවින් අන්තර්ජාතික ප්‍රජාව Tobar සිද්ධාන්තයෙහි හරයාත්මක පදනම අනුගමනය කරන බවට පැවසීම
සාවද්‍ය නොවේ. ආණ්ඩුවක් යනු, රාජ්‍යයක් මෙහෙයවන ප්‍රධාන ම ඒකකය වන අතර එය ජාත්‍යන්තරය
හමුවේ පිළිගැනීම හෝ නොපිළිගැනීම ආණ්ඩුව පිහිටි රාජ්‍යයට තීරණාත්මක සාධකයකි. ආණ්ඩුවක් යනු, රාජ්‍යයක් මෙහෙයවන ප්‍රධාන ම ඒකකය
වුවත් අන්තර්ජාතික නීතියේ දී කිනුම් ස්වරූපයෙහි ආණ්ඩුවක් පිළිගත යුතුද? යන්න පහසු කරවන
නිර්ණායකයක් 20වන සියවසෙහි මුල් අවධිය වන විටත් නොවීය. මෙයට උදාහරණයක් වශයෙන්, කුමන්ත්‍රණකාරී
ව හෝ විප්ලව මතින් හෝ බිහි වූ ආණ්ඩු ජාත්‍යන්තරය හමුවේ පිළිගත යුතුද? යන්න පිළිබඳ ව
විවිධ දුෂ්කරතා මතුවීම දැක්විය හැකිය. මේ පිළිබඳ ව විවිධ රාජ්‍යයන් විවිධ මත දැරූ අතර
අන්තර්ජාතික ප්‍රජාව වශයෙන් ගත් කල එක් මතයකට එලඹීම අසීරු විය. එහි දී Tobar
සිද්ධාන්තයෙහි වැදගත්කම ඉස්මතු වන බව පෙනී යයි. කොස්ටාරිකාවල පැවති අර්බුදය නිරාකරණය
කිරීමේ දී Taft විනිසුරුවරයා විසින් කරන ලද ප්‍රකාශය
මෙහි දී වැදගත් වේ. “ජාත්‍යන්තර නීතිය තුළ පිළිනොගන්නා ආණ්ඩුවකට ජාත්‍යන්තරය සමග ගනුදෙනු
කිරීමට ජාතික පෞර්ෂත්වයක් හිමිනොවේ. එනම්, ඔවුන් තවදුරටත් අන්තර්ජාතික නීතිය මගින්
පාලනය වීමට සුදුසු නොවේ”. ඒ අනුව අන්තර්ජාතික නීතියෙහි යම් ආණ්ඩුවක් පිළිගැනීම
ප්‍රතික්ෂේප කිරීම තුළ යම් රාජ්‍යයක් අන්තර්ජාතිකමය වශයෙන් හුදෙකළාභාවයට පත්විය හැකි
බව ඉහත ප්‍රකාශය තුළින් ගම්‍ය වේ. ඒ අනුව Tobar
විසින් ඉදිරිපත් කරන ලද සිද්දාන්තයට අනුගත ව ආණ්ඩුවක් නීත්‍යනුකූල ක්‍රමයකට පරිබාහිර
ව පත් වී නම් අන්තර්ජාතික සම්මුතිවලට හෝ සන්ධානවලට එලඹීමේ දී එකී රාජ්‍යයෙහි නෛතික
පුද්ගලභාවය (Legal
Personality) පිළිබඳ
ව බරපතල ලෙස ප්‍රශ්නගත වේ.
රාජ්‍යයක් පිළිගැනීම සහ ආණ්ඩුවක් පිළිගැනීම
අතර පැහැදිලි වෙනසක් දක්නට නොහැකි බවත් එකී කරුණු ද්විත්වය ම සමාන ස්වරූපයෙහි ඒවා බවත්
මහාචාර්ය Shaw විසින් පෙන්වා දෙනු ලබයි. ඒ අනුව ආණ්ඩු පිළිගැනීම යන කාරණය යම් රජයකට රාජ්‍යතාන්ත්‍රික
සබඳතා පැවැත්වීමේ දී ඉතා වැදගත් තීරණාත්මක සාධකයක් බව පෙනී යයි. එනම්, අන්තර්ජාතික
බැඳියාවන්ට බලපානු ලබන සම්මුතීන් හෝ සන්ධාන ඇතිකර ගැනීම, තානාපති සබඳතා පවත්වාගෙන යාම
වැනි කරුණුවල දී මෙකී සිද්ධාන්තයේ උපයෝගීතාවය තීව්‍ර වන බව විද්‍යමාන වේ. ඒ අනුව ටෝබාර්
සිද්ධාන්තයෙන් මූලිකව ම සිදුකරනුයේ, බලයට පත් වූ ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය විනිශ්චය
කිරීමකි. එනම්, මෙම සිද්ධාන්තයෙහි මූලික හරය වන්නේ, බලයට පත් වූ ආණ්ඩුව බලයට පැමිණ
ඇති ආකාරය සෙවීමයි.
Tobar සිද්ධාන්තය අන්තර්ජාතික නීතිය තුළ බලාත්මක වී ද?
Carlos Tobar
විසින් ඉදිරිපත් කළ
මෙකී න්‍යාය අනුව ආණ්ඩු පිළිගැනීම සම්බන්ධයෙන් එකී ආණ්ඩු පත්වූයේ නීත්‍යනුකූල පදනමකින්
ද? යන්න පිළිබඳ කරුණ 1907 දී මධ්‍යම ඇමරිකානු රාජ්‍යයන් 05ක් අතර ඇති කරගන්නා ලද සන්ධානයක්
මගින් නීතිගත කර තිබුණි. පසුකලෙක දී ඇමරිකා එක්සත් ජනපදයෙහි පැවති රාජ්‍ය පරිචය මගින්
මෙකී න්‍යාය ස්ථිර පදනමක් මත පිහිටුවීය. ඒ අනුව මෙකී සිද්ධාන්තය වෙත අන්තර්ජාතික නීතිය
තුළ නෛතික බලධාරීත්වයක් ආරෝපනය වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුය.
ඇමරිකනානු
ජනාධිපති s Woodrow Willson විසින් මෙම න්යාය
1912 දී නිකරගුවා සම්බන්ධයෙන් ද, 1973 දී මෙක්සිකෝවෙහි සහ ඉක්වදෝරයෙහි පැවති තත්ත්වයන් සම්බන්ධයෙන් ද, 1917 දී කියුබාව සහ කොස්ටාරිකාව සම්බන්ධයෙන් ද අදාළ කරගන්නා ලදී. ඊට අමතර ව ඇමරිකා එක්සත් ජනපදය ඉන් නොනැවතී Tobar සිද්ධාන්තයෙහි මූලබීජයන් ආරක්ෂා
කරමින් එහි ප්රවර්ධනය
කෙරෙහි ද දායක විය. ඒ අනුව 1923 දී මුලින් ඇති කරගත් සන්ධානයට නව සංශෝධනයක් එක්කරමින් Tobar සිද්ධාන්තයෙහි දෘඪ බව
අවම කෙරිණි. එනම්, නීතියට පිටුපා ගිය විප්ලවයක් තුළින් බලය අල්ලාගත් රජයක් පසු ව ව්‍යවස්ථානුකූල
ව බලය ලබාගතහොත් අනෙක්
පාර්ශ්වයන් විසින් එකී ආණ්ඩුව පිළිගැනීම සාධාරණ බවයි. මහාචාර්ය Shaw විසින් ද
මෙකී කරුණ අවධාරණය කොට ඇති අතර අනුමත කිරීමට ද උත්සුක වී තිබේ. ඒ
අනුව Tobar විසින් හඳුන්වා
දුන් සිද්ධාන්තය පිළිගැනීමට බොහෝ පිරිස් අකමැති වූයේ, එහි පවත්නා දෘඪභාවය හේතුවෙනි. නමුත් ඇමරිකානු දායකත්වය මත මෙම න්යාය
වඩාත් සාධනීය අවධියකට ළඟා වූ බව පිළිගත හැකිය. ඒ මත Tobar සිද්ධාන්තයෙහි ඵලදායීත්වය තීව්‍ර
වූ බව නිගමනය කළ හැකිය. නමුත් කුමන්ත්‍රණකාරී
ව රජයක් පෙරළන්නන්ගේ ක්රියාව
යුක්ති සහගත බවට සාධාරණීකරණය කරන ඇතැම් පිරිස් Tobar ගේ මතය
නොවැදගත් ලෙස පිළිගත්ත ද ප්‍රජාතන්ත්‍රවාදය
අගයන්නන් මෙකී න්යායට
අනුගත වන බව ඔවුන්ගේ පරිචයන් තුළින් විශද වේ.
Tobar සිද්ධාන්තය
මත පොදු අන්තර්ජාතික නීතියෙහි මූලාශ්රයන්
සංවර්ධනය වූයේ කෙසේ ද?
මේ පිළිබඳ ව සාකච්ඡා කිරීමට පූර්වයෙන් අන්තර්ජාතික නීතියෙහි මූලාශ්රයන්
හඳුනාගත යුතුය. මෙකී මූලාශ්රයන්
කවරේ ද? යන්න අන්තර්ජාතික යුක්ති අධිකරණ ව්යවස්ථාවෙහි
38(1) ව්යවස්ථාව තුළ
දක්වා ඇත. ඒ අනුව Tobar විසින් ඉදිරිපත්
කළ න්යාය
මත අන්තර්ජාතික නීති මූලාශ්රයන්
සුපෝෂණය වී ඇත්ද? යන්න විමසීමේ
දී අන්තර්ජාතික සම්මුතියක් සඳහා යම් රජයක් එලඹීමට නම්, එකී රජය අන්තර්ජාතික ප්‍රජාව
විසින් පිළිගත යුතුය. එනම්, අන්තර්ජාතික සම්මුති සඳහා අනුමැතිය ලබාදීමට යම් ආණ්ඩුවක
විධායකයට අන්තර්ජාතික නීතිය තුළ නෛතික පුද්ගලභාවයක් තිබිය යුතුය. ඒ අනුව එකී නෛතික
පුද්ගලභාවය හිමිවනුයේ, අන්තර්ජාතික ප්‍රජාවෙහි කැමැත්ත මතය. Tobarගේ අදහස් දැක්වීමට අනුව යම් ආණ්ඩුවක් පිළිගත යුතුද? නැද්ද?
යන්න පිළිබඳ ව නිර්ණායකයක් සැපයේ.
ඊට අමතර ව අන්තර්ජාතික චාරිත්‍රයක් ලෙස
මෙකී න්‍යාය දියුණු වූ බවට අවධාරණය කළ හැකිය. එනම්, Tobar විසින් මෙකී න්‍යාය ඉදිරිපත් කිරීමට සමගාමී ව රාජ්‍ය
පරිචය විග්‍රහ කර බැලීම තුළින් ඒබ ව අවබෝධ වේ. චාරිත්‍රමය නීති ඇතිවන්නේ, නීතිමය බැඳීමක්
ඇතිකරන අදහසින් පොදුවේ හා නිරන්තර ලෙස බලපෑම් සහිත රාජ්‍ය පරිචයන් පවත්වා ගෙන ඒමෙනි. එහි දී ඇමරිකානු ජනාධිපති Woodrow Willson විසින් මෙම න්‍යාය යොදා ගැනීම තුළ
එය පැහැදිලි වේ. එනම්, ඇමරිකානු රාජ්‍ය පරිචය තුළ විශද වන කරුණක් වන්නේ, ඔවුන් Tobar සිද්ධාන්තයට පක්ෂ බවයි. ඒ අනුව ඔවුන්ට මෙකී න්‍යාය සමග
නෛතික බැඳීම් ඇතිකර ගැනීමේ අදහසක් තිබූ බව ද ගම්‍ය වේ. ඒ අනුව ඇමරිකාවෙහි පමණක් නොව
එක්සත් රාජධානියෙහි ද රාජ්‍ය පරිචය දිවෙනුයේ, Dr. Tobar
සිද්ධාන්තයට සමගාමීවය. එබැවින් Dr. Carlos Rodolfo Tobar
අන්තර්ජාතික නීතිමූලාශ්‍ර අතර එන චාරිත්‍රානුකූල අන්තර්ජාතික නීතිය වර්ධනය කිරීම උදෙසා
උර දී ඇති බව සඳහන් කිරීම සාවදය නොවේ. ඒ බව බි්‍රතාන්‍ය රාජ්‍ය පරිචය අනුව පසක් වේ.
බි්‍රතාන්‍ය නීතිවේදී ස්මිත්ගේ ප්‍රකාශයක මෙසේ දැක්වේ. “අවුරුදු 100කට අධික කාලයක්
තුළ බි්‍රතාන්‍ය පරිචය වූයේ, නෛතික පිළිගැනීමට කලින් පහත කරුණු සංස්ථාපනය වී ඇත්දැයි
බැලීමයි. ඒවා නම්, නවක රාජ්‍යය හෝ ආණ්ඩුව ස්ථිර පැවැත්මක් ඇතිවීමේ සම්භාවිතාවය, ජනතාවගේ
සහයෝගය ඇති බවට සාක්ෂි , ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට ඇති හැකියාව යනාදියයි”. ඒ අනුව මෙහි දී බි්‍රතාන්‍ය රාජ්‍ය පරිචය Tobar න්‍යායට සමානුපාතික වන බව පැහැදිලිය. මේ බව එක්සත් රාජධානිය
විසින් තීරණාත්මක අවස්ථාවන්වලදී කරනු ලැබූ ප්‍රකාශනයන් තුළින් ඔවුන්ගේ මානසික අංගය
ද අනාවරණය වේ. 1924 ඇල්බේනියානු රජය බලයට පත් වූ ආකාරය පිළිබඳ ව සහ 1956 හංගේරියාවෙහි
කාඩර් රජය බලයට පත්වීම පිළිබඳව ද Tobar
සිද්ධාන්තය අදාළ කරගන්නා ලදී. මේ අනුව විමසා බලන විට අන්තර්ජාතික චාරිත්‍රානුකූල නීති
ඔදඉ්ර න්‍යාය මත ගොඩනැඟී ඇති බව නිගමනය කළ හැකිය.
අන්තර්ජාතික යුක්ති අධිකරණ ව්‍යවස්ථාවෙහි
38(1)(ජ)ව්‍යවස්ථාවෙහි දැක්වෙන්නේ, ශිෂ්ඨ සම්පන්න ජාතීන් විසින් පිළිගන්නා සාමාන්‍ය
මූලධර්මයන් ද පොදු අන්තර්ජාතික නීතියෙහි මූලාශ්‍රයන් වන බවයි. එනම්, අන්තර්ජාතික නීතියෙහි
නියෝජිතයන් ශිෂ්ඨ සම්පන්නවුන් බවට පූර්වනිගමනයක් පවතී. එසේ නම්, Tobar න්‍යායෙහි අන්තර්ගත නීතිගරුකභාවය නම් පදනම එකී ශිෂ්ඨ
සම්පන්න ජාතීන් විසින් අවිවාදයෙන් ම පිළිගනු ලබන මූලධර්මයකි. ඒ අනුව ශිෂ්ඨ සම්පන්න
ජාතීන් විසින් පිළිගත යුත්තේ, ව්‍යවස්ථානුකූල ආණ්ඩුවක් මිස ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක්
නොවේ. එබැවින් Tobar සිද්ධාන්තය ශිෂ්ඨ සම්පන්න ජාතීන්
විසින් පිළිගත යුතු මූලධර්මයක් බව තර්ක කළ හැකිය. මේ වන විටත් ශිෂ්ඨ යැයි සම්මත ඇමරිකාව
සහ එක්සත් රාජධානිය වැනි බටහිර ලෝකයේ රටවල් රාශියක් සිය රාජ්‍ය පරිචය මත Tobar සිද්ධාන්තය පිළිගෙන ඇත.
නීතිවේදීන්ගේ මතයන් අනුව ද පෙනී යන්නේ,
Tobar සිද්ධාන්තයෙහි හරයාත්මක පදනම පටුවිවරණයන්
මත බැහැර කිරීම අසාධාරණ බවයි. මොන්ටිවීඩියෝ සම්මුතියෙහි රාජ්‍යයක ආවශ්‍යක අංග පිළිබඳ ව දක්වන අතර එහි දැක්වෙන
“ආණ්ඩුව” නම් අංගය රාජ්‍යයෙහි පවතින නීතියට
අනුව බිහිවිය යුතු බවටත් එය එම රාජ්‍යායහි නිදහස සීමා කිරීමක් ලෙස වටහා නොගත යුතු බවටත්
මහාචාර්ය Shaw පෙන්වා දෙයි. ඊට අමතර ව අන්තර්ජාතික සම්මුති කිහිපයකට Tobar විසින් හඳුන්වා දෙන ලද සිද්ධාන්තය වස්තු විෂය වී තිබේ.
ඒ අතර පැරිස් ප්‍රඥප්තිය ප්‍රමුඛ වේ. පැරිස් ප්‍රඥප්තියෙහි කරුණු දක්වා ඇත්තේ, නීතියේ
බලය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ ව ය. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව ගරුත්වය
අගයන මෙකී ප්‍රඥප්තිය තුළ Tobar සිද්ධාන්තයෙහි අන්තර්ගත හරයාත්මක
පදනම දැකිය හැකි බව පෙනී යයි. පැරිස් ප්‍රඥප්තියෙහි දක්වා ඇත්තේ, ප්‍රජාතාන්ත්‍රික
ආණ්ඩුවක් යනු ජනතාවගේ කැමැත්ත මත නිදහස් සහ සාධාරණ මැතිවරණයකින් ජනිත වන ඒකකයක් බවයි.
මේ අනුව අදාළ ප්‍රඥප්තිය අපේක්ෂා කරනුයේ, Tobar
විසින් පිළිගත යුතු යැයි දක්වන ලද ආකෘතියෙහි ආණ්ඩු මිස නීතිවිරෝධී පදනමකින් ජනිත වන
ආණ්ඩු නොවේ.
අන්තර්ජාතික නීතිමූලාශ්රයක්
ලෙස ගැනෙන අධිකරණ තීරණ සුපෝෂණය කිරීම උදෙසා ද Tobar හඳුන්වා දුන්
සිද්ධාන්තය උපස්ථම්භක වී තිබේ. ඬේ තීරණයේ දී නිකරගුවා
පාලකයා ව සිටි චාමාරෝ හමුදා කුමන්ත්රණයකින්
ඉවත් කළ පසු එම රජය පිළිගත නොහැකි බව ඇමරිකානු-වෙනිසියුවේලානු කොමිසම මගින් තීරණය කර ඇත. හෙල් සිලාසි තීරණයේ දී ඉතියෝපියාවෙහි
හෙල් සිලාසි රජය නීත්යනුකූල
රජයක් බවට පිළිගෙන තිබුණු නමුත් ඉතාලිය විසින් අදාළ රජය ආක්රමණක්
මගින් අල්ලාගත් විට පිළිගැනීම අත්හරින ලදී. ඒ අනුව මෙහි දී Tobar ගේ සිද්ධාන්තය
මගින් අධිකරණ තීරණයන්හි ප්රගමණය
සිදු වූ බව පැහැදිලිය. ඒ අනුව පොදු අන්තර්ජාතික නීති මූලාශ්රයන්
සුපෝෂණය කිරීම උදෙසා Tobar ගේ දායකත්වය
අදාළ මූලාශ්රයන්හි
අවකාශීය ව්යාප්තිය
කෙරෙහි අවධානය යොමු කිරීම තුළ තහවුරු වේ. එනම්, Tobar ගේ සිද්ධාන්තය
අන්තර්ජාතික නීතික්ෂේත්රයෙහි
පෘථුල ව පැතිරී ඇති බව ඉහත කරුණු අනුව පෙනේ.
Tobar
සිද්ධාන්තයෙහි නූතන භාවිතය
21වන සියවසේ ද මෙම න්යායට
අන්තර්ජාතික නීතික්ෂේත්රයෙහි
හිමි වී ඇති ස්ථානය විමසීමේ දී සමකාලීන සිද්ධි අධ්යයනය
කිරීම වැදගත් වේ. මෙම සිද්ධි අධ්යයනය
තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණය නම්, Tobar සිය න්යායන්
තුළින් වර්ධනය කළ පොදු අන්තර්ජාතික නීති මූලාශ්‍ර
ඍජු ව මෙකී සිදුවීම් තුළට අන්තර්ග්රහණය
කොටගෙන තිබීමයි. මෑතකාලීන ව ඊජිප්තුවෙහි සිදු වූ බලපෙරළිය මීට කදිම නිදසුනකි. ඊජිප්තු ජනපති මෙහොමඞ් මුර්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඔහු ව සිරභාරයට ගෙන එරට හමුදාව විසින් අන්තර්වාර රජයක් යටතේ පාලනය මෙහෙයවීය. ඒ අනුව මෙය පිළිගත හැකි ආණ්ඩුවක්ද? යන්න අන්තර්ජාතික ප්රජාව
හමුවේ ප්රශ්නගත
විය. මෙය රාජ්යවිරෝධී
කුමන්ත්රණයක
ප්රතිඵලයක්
වූ හෙයින් Tobar ගේ සිද්ධාන්තයට
අනුව අදාළ ආණ්ඩුවෙහි සුජාතභාවය පිළිබඳ
ව ගැටලුවක් පවතී. මේ අනුව ඊජිප්තුවෙහි නව ආණ්ඩුව ජනමත විචාරණයකින් තහවුරු කරගත යුතු බවට අන්තර්ජාතික ප්රජාවෙහි
එකඟතාවය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ
කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ සමුළුවලට සහභාගී වන්නේ නම් ඊජිප්තු රජය නීත්යනුකූල
පදනමක් මත පිහිටුවා ගත යුතු බවයි. ඒ
අනුව මෙහි දී අන්තර්ජාතික සංවිධාන, කලාපීය සංවිධාන සහ රාජ්යයන්හි
පරිචය Tobar න්යාය අනුව ගොනැඟණු අන්තර්ජාතික නීතිමූලාශ්‍ර
අනුගමනය කිරීමක් බැව් පෙනී යයි.
ලිබියාවෙහි ඇති වූ ගැටුම්කාරී වාතාවරණයන් අවසාන වීමත් සමග ම නීත්‍යනුකූල
රජයක අවශ්යතාවය
මතුවීම නිසා එරට මැතිවරණයක් ප්රකාශයට
පත්කරන ලදී. එහි දී මැතිවරණයෙන් අනතුරු ව පත්වන නව නීත්යනුකූල
ආණ්ඩුව පිළිගැනීම උදෙසා අප්රිකානු
රාජ්යයන්
(African Union) සූදානම් බැව් ප්රකාශ
කරන ලදී(A
statement issued by Nigeria’s Foreign Affairs Ministry,cited in Ogala, 2011). ඒ
අනුව 21වන ශතවර්ෂයෙහි පවා අන්තර්ජාතික ප්රජාව
Tobar න්යාය
මත ගොඩනැඟුණු පොදු අන්තර්ජාතික නීතිමූලාශ්‍ර
මත යැපෙන බව පෙන්වා දිය හැකිය.
From- Saranga Bandara
Senevirathna
Suranga Bandara Senevirathna
මෙම බ්ලොග් අඩවිය සම්බන්ධ ව ඔබගේ අදහස් පහතින් දක්වන්න
0 comments:
Post a Comment