Monday, March 14, 2016

මරණය අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙකු විසින් (මිය යමින් සිටින පුද්ගලයෙකු) ඔහුගේ මරණයට හේතුව පිළිබඳ ව ඔබට කරනු ලබන ප්රකාශයක් අධිකරණය හමුවේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකිද?



මෙවැනි සාක්ෂි, නීතිය තුළ හඳුනාගන්නේ, “ප්රවාදක සාක්ෂියන නමිනි. සාමාන් රීතිය අනුව ප්රවාදක සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැක. නමුත් ශ්රී ලංකාවෙහි සාක්ෂි ආඥාපනතේ 32වන වගන්තිය මීට ව්යතිරේකයක් සපයයි.

                32(1) වගන්තිය ප්රකාර මරණාසන්න ප්රකාශයක් ඉදිරිපත් කරුණට අනුකූල කරුණක් වශයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ හැකිය. එම වගන්තිය මෙසේ .
එම තැනැත්තාගේ මරණයට හේතුව විවාදයට භාජනය වන අවස්ථාවල දී තම මරණය සම්බන්ධයෙන් හෝ තම මරණයෙන් කෙළවර වූ කටයුත්තේ යෙදී තිබුණු කරුණු අතුරෙන් කිසිවක් සම්බන්ධයෙන් ඔහු විසින් ප්රකාශ කරනු ලබන විටක;
එවැනි ප්රකාශ කරනු ලබද්දී ප්රකාශ කළ තැනැත්තා මරණය බලාපොරොත්තුවෙන් සිටිය , නොසිටිය , ඔහුගේ මරණයට හේතුව විවාදයට භාජනය වන අධිකරණ කටයුත්තේ ස්වභාවය කුමක් වුවද, එබඳු ප්රකාශ අනුකූල වේ”.

                අනුව උක්ත වගන්තිය අදාළ වන්නේ, අදාළ තැනැත්තාගේ මරණය ප්රශ්නගත වන අවස්ථාවක දී පමණක් බව තරයේ සිහි තබා ගත යුතුය. එසේ මෙම වගන්තිය මත මරණාසන්න ප්රකාශයක් අදාළ කරගැනීම සඳහා අදාළ ප්රකාශය කරන පුද්ගලයා ප්රකාශය කරන අවස්ථාවේ දී මරණය අපේක්ෂාවෙන් සිටීම අත්යවශ් කරුණක් නොවන බව පෙනේ.

මරණාසන්න ප්රකාශයක් අදාළ කරගැනීමේ දී පහත කොන්දේසි සම්පූර්ණ කළ යුතුය.

· මරණාසන්න ප්රකාශය අධිකරණමය කටයුතු ආරම්භ වීමට ප්රථම සිදුවිය යුතුය.

· එම ප්රකාශය මරණකරුගේ මරණයට හේතු වූ කරුණු සම්බන්ධ හෝ ඔහුගේ මරණයෙන් අවසන් වූ ක්රියාවලියක් සම්බන්ධයෙන් වූ අවස්ථානුගත කරුණු මත පිහිටා තිබිය යුතුය.

· මරණකරුගේ මරණය නඩුවේ ප්රශ්නගත කරුණක් තිබිය යුතුය.

· අදාළ ප්රකාශය අධිකරණය හමුවේ ඉදිරිපත් කරන තැනැත්තාට සාක්ෂි දීමට ඇති හැකියාව තහවුරු විය යුතුය.

·  මරණකරු කළ ප්රකාශය ආකාරයෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ යුතුය.

King v. Asiruan Nadar 51 NLR 322  නඩුවේ දී ප්රකාශ කරන ලද්දේ, මරණකරු විසින් කළ ප්රකාශය කිසිඳු වෙනසක් නොමැති අධිකරණය හමුවේ ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන් ශීලා සිංහාරගේ . නීතිපති (1985) 1 Sri LR 01  නඩුතීරණයේ දී මියගිය තැනැත්තියගේ ප්රකාශය කිහිප අවස්ථාවක දී එකිනෙකට වෙනස් අයුරින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණි. අධිකරණය විසින් එහි දී තීරණය කරන ලද්දේ, ස්වාධින මූලයකින් පැමිණෙන තහවුරු කිරීමේ සාක්ෂියක් රහිත අදාළ මරණාසන්න ප්රකාශය සාක්ෂියක් ලෙස අදාළ කරගත නොහැකි බවයි.

                රත්නායක . රැජිණ 73 NLR 481 කඩුතීරණයේ සිද්ධිමය සාදක අනුව චූදිතයාට එරෙහි පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ චෝදනා එල්ල වී තිබිණි. එහි දී x නමැත්තාට චූදිතයා විසින් පිහියෙන් අනින විට එය වැළැක්වීමට y නමැත්තා ඉදිරිපත් වූ විට චූදිතයා ඔහුට පිහියෙන් ඇන්නේ . එහි ප්රතිඵලයක් වශයෙන් x නමැත්තා මියගිය  අතර y ගේ මරණාසන්න ප්රකාශය වූයේ, චූදිතයා විසින් x හා තමන්ට පිහියෙන් අනින ලද බවත් . අභියාචනයේ දී චූදිත පාර්ශ්වයේ තර්කයක් වූයේ, x නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් y නමැත්තා කරන ප්රකාශය සාක්ෂියක් ලෙස නොගත යුතු බවයි. නමුත් අධිකරණය ප්රකාශ කළේ, x ගේ මරණය ඔප්පු කිරීමට y ගේ මරණාසන්න ප්රකාශය සාක්ෂි ආඥාපනතේ 32(1) වගන්තිය ප්රකාර සාක්ෂියක් ලෙස අදාළ කරගත හැකි බවයි.

                රැජිණ . පෙරේරා 76 NLR 217 නඩුතීරණයේ දී විත්තිකරුවන් අභියාචකට මිනීමැරීමේ චෝදනාව එල්ලකර තිබිණි. මරණකරු විසින් මහේස්ත්රාත්වරයාට කරන ලද ප්රකාශයෙහි පූර්ව සිද්ධියක් වන තමා විත්තිකරු සමඟ ඇති වූ අරගලයේ දී ඔහුට බෝතලයකින් තමා පහරදුන් බව සඳහන් කර ඇත. අපරාධයට පෙලඹවීමේ හේතුව ඔප්පු කිරීමේ දී සාක්ෂි ආඥාපනතේ 32(1) උපවගන්තිය යටතේ මෙම සාක්ෂිය යොදාගෙන තිබිණි. නමුත් අධිකරණය ප්රකාශ කළේ, මරණකරුගේ මරණය සම්බන්ධයෙන් උක්ත ප්රකාශය අදාළ නොවන බැවින් එය සාක්ෂි ආඥාපනතෙහි 32(1) උපවගන්තියෙහි විෂයපථයට නොවැටෙන බවයි.

                මේ හැරුණුවිට වීරප්පන් . රජය 76 NLR 109 නඩුතීරණයේ දී එච්. එන්. ජී. ප්රනාන්දු අගවිනිසුරුතුමා ප්රකාශ කළේ, මරණාසන්න ප්රකාශයක් නඩුවිභාගයක දී සාක්ෂියක් වශයෙන් සැළකීමේ දී ප්රවේසම් සහගත විය යුතු බවයි. මන්ද යත්, මරණාසන්න ප්රකාශය කළ තැනැත්තා නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දී අධිකරණයේ නොසිටින බැවිනි.

                සාක්ෂි ආඥාපනතෙහි 32(1) උපවගන්තිය අධිකරණය විසින් පුළුල් අර්ථනිරූපණය කර ඇත. රජ . මුදලිහාමි 47 NLR 139 නඩුතීරණයේ දී අධිකරණය විසින් ප්රකාශ කරන ලද්දේ, මරණයට හේතු වූ ක්රියාවෙන් පසුව කරන ලද ප්රකාශයක් පමණක් නොව මරණකරුගේ මරණයට හේතු වූ කාරණය උද්ගත වීමට පූර්වයෙන් කළ ප්රකාශයක් අවස්ථානුගත කරුණු මත සාක්ෂි ආඥාපනතේ 32(1) උපවගන්තිය ප්රකාර සාක්ෂියක් වශයෙන් යොදාගත හැකි බවයි. මෙම නඩුතීරණයේ දී රජ . අර්නෝලිස් පෙරේරා  නඩුවේ දී මරණයට හේතු වූ සිද්ධියෙන් අනතුරු කළ ප්රකාශ පමණක් සාක්ෂි ආඥාපනතෙහි 32(1) උපවගන්තිය යටතේ අදාළ කරගත යුතුය යනුවෙන් දැක් වූ සීමාන්තිකභාවය බැහැර කරන ලදී.

 එමෙන් ම අධිකරණමය අර්ථනිරූපණයන් තුළින් ගම්‍ය වන කරුණක් වන්නේ, මරණයට හේතුව යැයි ප්‍රකාශිත කරුණ සහ සත්‍ය වශයෙන් ම මරණයට හේතු වූ කරුණ අතර අන්තර්සබඳතාවයක් පැවතිය යුතු බවය. රජ එ. හේරත්හාමි නඩුතීරණයේ දී විත්තිකරු මරණකරුට තුවාල සිදු කළ අතර එම තුවාල හේතුවෙන් මරණකරු දීර්ඝකාලයක් ඇඳමත සිටීම නිසා ඇඳවන සෑදී මියගියේය. අධිකරණය ප්‍රකාශ කළේ, මරණකරුගේ මරණයට නියම හේතුව ඇඳවන සෑදීම වන බැවින් ද හේරත්හාමිගේ පහරදීම මරණකරුගේ මරණයට සෘජු සම්බන්ධතාවයක් නොදක්වන බැවින් ද මෙය සාක්ෂි ආඥාපනතේ 32(1) උපවගන්තියේ විෂයපථයට නොවැටෙන බවයි.

කෙසේ වෙතත්, මරණාසන්න ප්‍රකාශයක් සාක්ෂියක් වශයෙන් යොදා ගැනීමේ දී අනෙකුත් සාක්ෂි සමඟ සසඳන කල සාක්ෂ්‍යමය වටිනාකම අවම බැව් අප විසින් සිහිතබා ගත යුතුය.

මෙම ලිපිය ඔබ විසින් පරිශීලනය කරන විට මෙම බ්ලොග් අඩවියේ පල වූ DPP v. Albie Lonergan නඩුතීරණය පිළිබඳ දක්වා ඇති ලිපිය කෙරෙහි ද අවධානය යොමු කරන්න.

From:  Saranga Bandara Senevirathna
    Suranga Bandara Senevirathna  

    

0 comments:

Post a Comment