සිංගප්පූරුව
Foo Jee Seng and Others v. Foo Jhee Tuang and Another (2012) SGCA 41
Foo Tai Joong විසින් තමන්ට පූර්ණ අයිතිය හිමි ව පැවති නිවස සඳහා අන්තිම කැමති පත්රයක්
මගින් භාරයක් නිර්මාණය කරන ලදී. මෙහි දී අර්ථලාභීන් ලෙස මොහුගේ බිරිඳ, පිරිමි දරුවන් සිව්දෙනා සහ ගැහැණු දරුවන් දෙදෙනා නම්කරන ලදී. මෙහි දී සමභාරකරුවන් ලෙස තෙස්තමේන්තුකරුගේ බිරිඳ සහ දරුවෙක් වන වගඋත්තරකාර Foo Jhee Tuang නම්කර
තිබිණි. එම අන්තිම කැමතිපත්රයේ
සඳහන් වූයේ, භාර දේපළ වන නිවස විකුණා මුදල් බවට පරිවර්තනය කිරීමයි. තෙස්තමේන්තුකරුගේ මරණයෙන් අනතුරු ව බිරිඳ සහ දරුවන් නිවසෙහි ජීවත් වූ අතර නිවසෙහි ඇතැම් කාමර අමතර ආදායමක් අපේක්ෂාවෙන් කුලියට ලබාදෙන ලදී. කෙසේ වෙතත් අර්ථලාභීන්ගෙන් එක් අයෙකු මියගිය අතර සෙසු අර්ථලාභීහු ඔවුන්ගේ රැකියා කටයුතු සඳහා නිවස හැරගියහ. 2010 වර්ෂය වන විට නිවසේ වටිනාකම ඩොලර් මිලියන 04ක් වූ අතර අර්ථලාභියෙකු මිය යෑම හේතුවෙන් සෙසු අර්ථලාභීන් ප්රකාශ
කළේ භාරකරු විසින් නිවස විකුණා මුදල් බෙදා දිය යුතු බවයි. මෙහි දී පළමු වගඋත්තරකරු (සමභාරකරු) එයට විරුද්ධ විය. එම නිසා අර්ථලාභීන් ඔහුට විරුද්ධව අධිකරණයට ගිය ද ප්‍රාග්විනිශ්චයේ
දී තීරණය වූයේ, භාරදේපළ පිළිබඳ ව තීරණ ගැනීමට භාරකරුට අභිමතයක් පවතින බවයි. මේ අනුව දේපළ විකිණීමට අදහස් කළ අර්ථලාභීහු පෙර තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනයක් ගොනුකරන ලදී. මෙහි දී ප්රශ්නගත
සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය විමසා බැලූ කරුණු කිහිපයකි. එනම්, අන්තිම කැමති පත්රයක
සඳහන් මූලධර්ම කුමක්ද?, විකිණීමට අවශ්‍ය
භාරදේපළ මොනවා ද?, භාරකරු සතු අභිමතය අධිකරණය විසින් අධීක්ෂණය කළ යුතු ප්රමාණය,
භාරකර්තෘගේ චේතනාව ඉටුවන අයුරින් අර්ථලාභීන් පිළිබඳ ව සහ භාරකරුගේ ක්රියාව
සම්බන්ධයෙන් අධිකරණය මැදිහත්විය යුත්තේ කෙසේද?, භාරදේපළින් උපයන මුදල් අර්ථලාභීන්ට ලබාදිය යුතු ද? යන කාරණා ඒ අතර විය.
විකිණීම සඳහා ඇති කරනු ලබන භාරයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අභිමතය භාරකරුට පවතින බව The Law of Real Property ග්රන්ථය
උපුටා දක්වමින් වගඋත්තරකාරපාර්ශ්වය විසින් තර්ක කරන ලදී. කෙසේ වෙතත් ලෙගසිලාභීන් සේ ම අර්ථලාභීන් වන අභියාචක පාර්ශ්වයට තම ජීවිතකාලය තුළ තමන්ට ලැබෙන අර්ථලාභය භුක්තිවිඳීමේ අයිතිවාසිකම පවතින බව අභියාචක පාර්ශ්වය විසින් තර්ක කරන ලදී. මෙහි දී අධිකරණය ප්රකාශ
කළේ, භාරකර්තෘ විසින් ඇති කරන ලද භාරය පරිවර්තනය කිරීමේ මූලධර්මය (Doctrine of Conversion) මත පදනම් වන බැවින් ප්රශ්නගත
සිදුවීමට පදනම් වන භාර දේපළ “සාධාරණත්වය ක්‍රියාත්මක
වීමට තිබූ දෙය ක්රියාත්මක
වූ ලෙස සලකයි” යන සාධාරණත්ව මූලධර්මය සමඟ බැඳෙන බව අධිකරණයේ මතය විය.
භාරකරුගේ අභිමතය යන්නෙන් මෙහි දී ගම්‍ය
වනුයේ, භාරකරුට භාරදේපළ විකිණීමට අවශ්‍ය
අවස්ථාව තීරණය කිරීමට පවතින අයිතිය බව අධිකරණය ප්රකාශ
කරන ලදී. එමෙන් ම පොදු සාධක අනුව බැලීමේ දී පෙනීයන කරුණක් වන්නේ, අදාළ භාරය ප්රකාශිත
භාරයක ලක්ෂණ විශද කරන බවයි. මෙහි දී අධිකරණය ප්රකාශ
කළේ, 19 වන ශතවර්ෂයේ එංගලන්තයේ ඉඩම් හිමිකරුවන් සිය පවුලේ අභිවෘද්ධිය උදෙසා මෙවන් භාර ගොඩනැංවූ බවයි.
1925
දේපළ නීතිය පිළිබඳ පනතේ 205වන වගන්තිය තුළින් විකිණීම පිණිස ඇතිකරනු ලබන භාරයන් සඳහා අදාළ වන ව්යවස්ථාපිත
ප්රතිපාදන
දක්වා ඇති අතර වගඋත්තරකාර පාර්ශ්වය විකිණීම කල්දැමීම අදාළ ව්යවස්ථාපිත
නීතියට පටහැනි නොවන බවට වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා විසින් තර්ක කරන ලදී. කෙසේ වෙතත් අධිකරණය ප්රකාශ
කළේ, භාරකරු විසින් විකිණීම කල්දැමීම හේතුවෙන් අර්ථලාභීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙහි දී ශ්රී
ලකාවේ භාර ආඥා පනත අනුව නම් භාරකරුට ව්යතිරේකී
අවස්ථාවක් පවතී. එනම්, භාර ආඥා පනතේ 40(2) වගන්තිය අනුව
භාරකරුට භාරදේපළ විකිණීම සඳහා සාධාරණ ලෙස තම අභිමතය ක්රියාත්මක
කිරීමේ ශක්යතාවයක්
පවතින බව ගම්‍ය
වන අතර එය ශ්රි
ලංකාවේ භාර ආඥා පනතේ ශක්තිමත් වටිනාකමක් ලෙස හඳුනාගත හැකි ලක්ෂණයකි.
අධිකරණය මෙහි දී ප්රශ්නගත
භාරයන් සම්බන්ධව ඔස්ටේ්රලියානු
නීති තත්ත්වය විග්රහ
කරන ලදී. නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා යන ප්රාන්ත
තුළ විකිණීම සඳහා ඇතිකරනු ලබන භාරයක දී භාරකරු සතු විකිණීම කල් දැමීමේ බලය ප්‍රකාශිත
ව හෝ ව්‍යංග
ව භාරසාධන පත්රයෙහි
ඇතුළත් කළයුතු බව දක්වා ඇත. මීට
අමතර ව ක්වීන්ස් සහ බටහිර ඔස්ටේ්රලියාවේ
මෙවන් භාරයන් සම්බන්ධව භාරකරු සතු විකිණීම කල්තැබීමේ බලය යම් යම් ව්යතිරේකයන්ට
යටත් ව භාරකරු සතුවන බව
දක්වා ඇත.
අධිකරණය තවදුරටත් ප්රකාශ
කළේ, අසීමිත කාලයක් තුළ භාරකරු විසින් දේපළ රඳවා තබා ගැනීම භාරකර්තෘගේ චේතනාව කඩකිරීමක් බවයි. මෙම කාරණය කැනේඩියානු නඩුතීරණයක් වන Re Mclaren නඩුවේ දී විකිණීම
සඳහා ඇතිකරනු ලබන භාර භාරකරුගේ අවංක බව, යුක්තිසහගත බව සහ විශ්වාසය යන කාරණා මත පදනම් වන බව දක්වා ඇති බව අධිකරණය ප්රකාශ
කළේය. ඒ අනුව අධිකරණය ප්රකාශ
කළේ, භාරකරුගේ අභිමතය සීමා කිරීම කැනේඩියානු සහ ඔස්ටේ්රලියානු
නීතිය තුළ සීමා කිරීමකට ලක් කළ යුතුය යන්න ව්යංගයෙන්
සඳහන් කර ඇති බවයි. කෙසේ වෙතත් වගඋත්තරකාර පාර්ශ්වය තර්ක කළේ, භාරකරු භාර දේපළ විකිණීම කල් දැමීම භාරකර්තෘගේ චේතනාව ප්රත්යාදිෂ්ට
කරන බවයි. එනම්, කාලානුරූප ව භාරදේපළේ වටිනාකම ඉහළ යන බැවිනි.
අධිකරණය ප්රකාශ
කළේ, භාරකරුගේ අභිමතය හේතුවෙන් අර්ථලාභීන්ගේ අරමුණු සහ අවශ්යතා
යටපත් වී ඇති බවයි. ඔස්ටේ්රලියානු
නඩුතීරණයක් වන Cox v. Archer නඩුතීරණය
උපුටා දක්වමින් අධිකරණය ප්රකාශ
කළේ, සාධාරණ කාලයක් තුළ භාරය මගින් අපේක්ෂිත දේපළ විකිණීම භාරකරු විසින් සිදුකළ යුතු බවයි. මීට අමතර ව ටොරොන්ටෝ විශ්ව විද්යාලයේ
නීති සඟරාවක “Judicial Control of Trustees
Discreation” යන
ලිපිය උපුටා දක්වමින් ප්රකාශ
කළේ, මෙවන් අවස්ථාවක අධිකරණය තම අධිකරණ කලාපයෙන් ඔබ්බට ගොස් අදාළ භාරය පිළිබඳ දීර්ඝ ලෙස අධීකෂණය කළ යුතු බවයි.
මුල්කාලයේ දී අර්ථලාභීන්ට ගිවිසුමික ශක්නුතාවයක් නොපැවති හෙයින් භාර දේපළ විකිණීම කල් දැමීම සාධාරණ වුවත් ඔවුන් වයෝපූර්ණත්වයට පත් වී ඇති මෙම අවස්ථාවේ දී භාරදේපළ විකිණීම සුදුසු බවත් ඒ අනුව භාරකරු විසින් භාරදේපළ විකුණා මාස හයක් තුළ අදාළ මුදල් අර්ථලාභීන්ට ලබාදිය යුතු බවත් අධිකරණය විසින් ප්රකාශ
කරන ලදී. එමෙන් ම භාර දේපළින් භාරකරු ඉපයූ මුදල් පිළිබඳ ගිණුම් වාර්තාවක් අර්ථලාභීන්ට ඉදිරිපත් කළ යුතු බව මෙම තීරණයේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත. ගිණුම්වාර්තා ඉදිරිපත් කිරීම යන
කාරණය ශ්රී
ලංකාවේ භාර ආඥා පනතට අනුව විමසා බැලුවහොත් එහි දී භාරකරුවන්ගේ යුතුකම් සහ බැඳීම් යන පරිච්ඡේදයෙහි 19 වන වගන්තිය අනුව
භාරදේපළ සම්බන්ධව නිවැරදි ගණුම් පවත්වාගෙන යෑමට භාරකරු බැඳී සිටියි. එමෙන් ම අර්ථලාභීන්ගේ අයිතිවාසිකම් සහ බැඳීම් යන පරිච්ඡේදය ඔස්සේ භාර දේපළෙහි ගිණුම් ආදිය පරීක්ෂා කිරීමට අර්ථලාභීන්ට අයිතිවාසිකම් සලසා ඇත. ඒ
අනුව ගම්‍ය
වන කරුණක් වන්නේ, භාරකරුට සහ අර්ථලාභීන්ට වෙන වෙන ම අයිතිවාසිකම් සහ යුතුකම් පවරා තිබීම තුළ භාරයක වටිනාකම් සුරක්ෂිත වන බවයි. මෙය ලංකා නීතියෙහි පවතින සාධනීය ලක්ෂණයකි.
යථෝක්ත නඩුතීරණය තුළ දැක්වෙන අර්ථනිරූපණයන්ට සමගාමී ව ශ්‍රී
ලංකාවේ භාර ආඥා පනත අර්ථ නිරූපණය කිරීම උදෙසා උක්ත ප්රශ්නගත
සිදුවීම යොදාගත හැකිය. උක්ත නඩුතීරණය අනුව භාර කර්තෘ විසින් භාරකරුට භාරදේපළ විකිණීමට අභිමතයක් ලබා දුන්නද අභියාචක පාර්ශ්වයේ තර්කය වූයේ, භාරකරු ඒ සඳහා අසීමිත කාලයක් ගන්නා බවයි. මෙහිදී ශ්රී
ලංකාවේ භාර ආඥාපනත අනුව නම් භාරකරුට එසේ අසීමිත කාලයක් ගත නොහැකිය. එය 40වන වගන්තියේ (ආ) නිදර්ශනය මගින්
පැහැදිලි වේ. ඒ අනුව භාරකරුවෙකුගේ අභිමතානුසාරී බලය මෙයින් සීමාකර තිබේ. ඒ හැරුණුවිට භාරකර්තෘගේ චේතනාව එලෙසම ඉටුකරවාගැනීමට අර්ථලාභීන්ට පවතින අයිතිවාසිකම ශ්රී
ලංකාවේ භාර ආඥා පනතෙහි 58වන වගන්තිය මගින්
ප්රකාශිතව
දැක්වීම තුළ යථෝක්ත සිදුවීමක් ලංකා අධිකරණයක ප්රශ්නගත
වූ විට ලංකා අධිකරණයන්ට මෙම ප්රතිපාදනය
සෘජුව ම අර්ථ නිරූපණය කළ හැකිය. මේ අනුව බලන විට යථෝක්ත නඩු තීරණයෙහි ප්රශ්නගත
සිදුවීම හා සම්බන්ධ ව ශ්‍රී
ලංකාවේ භාර ආඥා පනතේ ශක්තිමත් වටිනාකම් ඉස්මතු වන බව ඉහත කරුණු අනුව බලන විට විශද වන ලක්ෂණයකි.
දකුණු අප්රිකාව
Potgieter v. Potgieter (629/2010)
[2011] ZASCA 181
Victor Potgieter විසින් භාරයක් ස්ථාපනය කරන ලද අතර එහි සම භාරකරුවන් වශයෙන් ඔහුගේ බිරිඳ වන Anna Potgieter ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙක් නම් කර තිබිණි. මෙහි දී භාරකර්තෘගේ මරණයෙන් අනතුරු ව සමභාරකරුවන් විසින් අදාළ භාරය නොතාරිස් ලේඛනයක් මගින් ප්‍රකාශිතව
ම වෙනස්කම්වලට ලක් කරන ලදී. එනම්, පූර්ව භාර සාධන පත්රයේ
1.3.2, වාක්යාංශය
තුළ අර්ථලාභීන් ලෙස භාරකර්තෘගේ දරුවන් දෙදෙනා නම් කර තිබුණු අතර, එය වෙනස් කළ භාර සාධන පත්රයෙහි
දක්වා තිබුණේ භාර කර්තෘගේ දරුවන් දෙදෙනා ඇතුළුව නෑදෑකමින් ඔහුට සබඳතාවයක් දක්වන සියලුම අය අර්ථලාභීන් වන බවයි. මෙහි දී අභියාචක පාර්ශ්වය විසින් අභියාචනය ගොනුකරන ලද්දේ, භාරකරුවන් විසින් භාර සාධන පත්රය
වෙනස් කිරීම නීතිවිරෝධී බව දක්වමිනි. එමෙන් ම අභියාචක පාර්ශ්වය තර්ක කළේ, පෙර කී සංශෝධිත 1.3.2. වාක්යාංශය
භාර සාධන පත්රයට
ඇතුළත් කිරීමෙන් භාරකාරිය වන Anna Potgieter අපේක්ෂා කළේ, ඇය සහ ඇගේ පෙර විවාහයේ දරුවන් දෙදෙනා අර්ථලාභීන් ලෙස භාරදේපළට හිමිකම්කීමට සඳහා බවයි.
මීට අමතර ව භාරසාධන පත්රයෙහි
5 සහ 6යන වාක්යාංශ
තුළින් භාරය සතු වත්කම් පිළිබඳ ව භාරකරුවන්ට අභිමතානුසාරී බලයක් පවතින බව දක්වා ඇත. ඒ අනුව අධිකරණය ප්රකාශ
කළේ, භාරකරුට තම අභිමතය මෙහෙයවිය හැක්කේ හුදෙක් අර්ථලාභීන්ගේ යහපත පිණිස පමණක් වන බවයි. අභියාචක පාර්ශ්වය තර්ක කළේ පූර්ව භාර සාධන පත්රයෙහි
21වන වාක්යාංශය
අනුව භාර සාධන පත්රය
වෙනස් කිරීමේ දී අර්ථලාභීන්ගේ කැමැත්ත විමසිය යුතු නමුත් භාරකරුවන් එසේ නොකළ බවත් ය. නමුත් අධිකරණය විසින් ප්රකාශ
කරන ලද්දේ, අදාළ අවස්ථාවේ දී අර්ථලාභීන් ගිවිසුමික ශක්නුතාවයකින් නොසිටි බැවින් එම අවස්ථාවේ දී භාරකරුවන් විසින් භාර සාධන පත්රය
වෙනස් කිරීම භාරකරුවන්ගේ අභිමතානුසාරී බලය අතික්රමණය
කිරීමක් බවයි.
මෙහි දී අධිකරණය ඉදිරියේ ප්රශ්නගත
වූ කරුණක් වන්නේ, භාර සාධන පත්රය
වෙනස් කිරීම තුළින් භාර කර්තෘගේ චේතනාවට හානියක් සිදුවී ද? යන්නයි. මෙහි දී අධිකරණය 1988 අංක 57 දරණ භාර දේපළ පනතෙහි 13වන වගන්තිය උපුටා
දක්වමින් ප්රකාශ
කළේ, භාරය සුදුසු පරිදි ක්රියාත්මක
කරවීමේ බලය අධිකරණය සතුව පවතින බවයි. එමෙන් ම එම වගන්තියෙහි සඳහන් කරුණු “කළ නොහැකි දේ කිරීමට නීතිය බල නොකරයි” යන
සාධාරණත්ව මූලධර්මය හා බැඳන බව උගත් විනිසුරුවරයා වැඩිදුරටත් ප්රකාශ
කළේ ය.
මීට
අමතර ව වෙනස් කළ භාර සාධන පත්රය
යථා තත්ත්වයට පත්කිරීම උදෙසා ගිවිසුම යථා තත්ත්වයට පත්කිරීමේ නියෝගයක් (Specific Performance) ලබාදෙන ලෙස අභියාචක පාර්ශ්වය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව අධිකරණය ප්රකාශ
කළේ, භාරකරුවන් භාර සාධන පත්රය
අර්ථලාභීන්ගේ කැමැත්ත නොවිමසා වෙනස් කිරීම තුළ අසද්භාවී ව කටයුතු කර ඇති බවත් වෙනස් කළ භාර සාධන පත්රය
අවලංගු කර එය පෙර තිබූ තත්ත්වයට පත්කරන ලෙසත් ය.
ඉහත දක්වන ලද නඩු තීරණයෙහි අන්තර්ගත කරුණු දෙස විමසා බලන විට ශ්රී
ලංකාවේ භාර ආඥා පනතෙහි 11වන වගන්තිය ආශ්රයෙන්
අගතියට පත් පාර්ශ්වයට සාධාරණත්වය ඉටු කිරීම උදෙසා වගඋත්තරකරුවන්ට එරෙහි ව සෘජුව ම සහනයක් ලබාගැනීමේ ශක්යතාවය
පවතී. ඒ අනුව 11(1) උපවගන්තිය අනුව
භාර සාධන පත්රය
වෙනස්කිරීමේ දී අර්ථලාභීන්ගේ කැමැත්ත අනිවාර්ය බවත් නැතහොත් භාර කර්තෘගේ විධානවලට යටත් ව භාරකරු භාරයේ අරමුණු ඉටුකිරීමට බැඳී සිටියි. එමෙන් ම 11(2)වන උපවගන්තිය තුළ
ගිවිසුමික හැකියාවක් නොමැති අර්ථලාභීන් සිටින විට භාර සාධන පත්රය
වෙනස් කිරීම අධිකරණය හරහා සිදු කළ යුතු ය. මෙය ශ්රී
ලංකාවේ භාර නීතියෙහි යහපත් ලක්ෂණයකි. එනම්, යථෝක්ත විනිශ්චය සඳහා මෙවන් ප්රතිපාදනයක්
උපුටා දැක්වූයේ නම් නඩුතීරණයෙහි ප්රබලතාවය
තවදුරටත් තීව්‍ර
විය හැකි ව තිබිණි.
එංගලන්තය
Redferns and Others v. Target Holdings Ltd [1996]
AC 421
වගඋත්තරකරුවන් වන Target Holdings සමාගමෙන් Crowngate’s සමාගම ඉඩම් කැබලි දෙකක් ඇපයට තබා පවුම් මිලියන දෙකක ණය මුදලක් ලබාගත් අතර ඔවුන් වස්තුභංගත්වයට පත්වීම හේතුවෙන් Crowngate’s සමාගම ඇපයට තබා තිබූ ඉඩම් කැබලි දෙක Target Holdings සමාගම සතු විය. Target Holdings සමාගම ඉන් පසු එම ඉඩම් කැබලි දෙක විකිණූ අතර ඔවුන්ට දැනගන්නට ලැබුණේ එම විකිණීමේ දී Target Holdings සමාගමේ සොලිසිටර්වරයෙකු ලෙස සේවය කළ Redferns නම් පුද්ගලයා සමාගමට වංචාවක් සිදු කර ඇති බවයි. අභියාචක වගඋත්තරකාර සමාගමේ භාරකරුවෙක් ලෙස කටයුතු කල අයෙකි. එහි දී Target Holdings සමාගම Redferns නම් පුද්ගලයා භාරකරුගේ යුතුකම් සහ වගකීම් කඩකර ඇති බව දක්වමින් චෝදනා කළ අතර ඔවුන්ට එම හානි පූර්ණය කරගත හැකි ද? යන්න පිළිබඳ ව ප්‍රශ්නගත
විය. මෙහි දී අධිකරණය විසින් මේ සඳහා සලකා බැලිය යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කරන ලදී. එනම්, අභියාචක වන Redferns නම් පුද්ගලයා ඔහුගේ අවධානීය යුතුකම කඩකර තිබේ ද?, අභියාචක පාර්ශ්වය අතින් භාරය කඩවීමක් සිදු ව තිබේ ද? යන කාරණා ය.
අභියාචක විසින් සමාගමේ ගිවිසුමික කටයුතු සමාගමේ අර්ථලාභය පිණිස භාරයක් ලෙස දරා සිටි බවත් ඔහුගේ වගකීම් විරහිතභාවය හේතුවෙන් භාරය කඩකිරීමකට ලක් කර ඇති බව වග උත්තරකාර පාර්ශ්වය විසින් තර්ක කරන ලදී. එමෙන් ම ඔහුගේ මෙම වගකීම් විරහිතභාවය නිසා වගඋත්තරකාර සමාගමට පවුම් මිලියන 1.2ක පාඩුවක් සිදු වී ඇති බව ඔවුහු වැඩිදුරටත් ප්රකාශ
කළහ.
මෙහි දී භාරකරුවෙකුගේ වගකීම පිළිබඳ ව 1925 Trustee Act හි 61වන වගන්තිය තුළ සඳහන් වන බව අධිකරණය විසින් ප්රකාශ
කරන ලදී. එමෙන් ම මෙම නඩු තීරණයේ දී අධිකරණය විසින් භාරය කඩකිරීමක් යනු කුමක් ද? යන්න පිළිබඳ ව මනාව විග්රහ
කර ඇත. එනම්, යම් භාරකරුවෙක් භාරය කඩකරන අවස්ථාවේ දී යම් අර්ථලාභියෙකු ඊට විරුද්ධ නොවුණහොත් භාරය කඩකිරීම සම්බන්ධ ව භාරකරුට විරුද්ධ ව කිසිදු නෛතික ප්රතිකර්මයක්
අර්ථලාභීන්ට ලබාගත නොහැකි බවට අධිකරණය ප්රකාශ
කළේ ය. එමෙන් ම වගඋත්තරකාර සමාගමේ භාරසාධන පත්‍රයෙහි
“අර්ථලාභීන්ට සුදුසු ම අවස්ථාවල දී භාරකරු සම්බන්ධ ව තීරණ ගැනීමට හැකියාව ඇත” යනුවෙන් සඳහන් කර තිබීම නිසා වගඋත්තරකාර සමාගමට අභියාචක භාරකරු සම්බන්ධයෙන් එම භාරය කඩවන අවස්ථාවේ දී ම ප්‍රතිකර්මයක්
ලබා ගත හැකි ව තිබිණි.
එමෙන් ම අධිකරණය විසින් ප්රකාශ
කරන ලද්දේ, වර්තමානයේ සුලබ ව භාරයන් යොදාගනු ලබන්නේ වාණිජ ගිවිසුම් සඳහා වන බැවින් රටේ පවත්නා ව්යවස්ථාපිත
නීතිය අනුව භාරය කඩකිරීමෙන් අර්ථලාභීන්ට සිදුවන හානිය පූර්ණය කරගැනීමට හැකියාව පවතින බවත්, එහි දී භාරකරු එම හානිය පූර්ණය කිරීමට බැඳී සිටින බවත් ව්යවස්ථාපිත
නීතිය තුළ සඳහන් වන බවයි. මෙහි දී අභියාචක පාර්ශ්වය කටයුතු කළේ ගිවිසුම් සම්බන්ධ ව බැවින් තම අර්ථලාභියාගේ ගිණුම් සම්බන්ධ කටයුතු වගකීමකින් යුක්ත ව සිදුකිරීමට ඔහු බැඳී සිටින බවට අධිකරණය ප්රකාශ
කරන ලදී.
මෙහි දී වගඋත්තරකාර පාර්ශ්වය Canson Enterprises Ltd. v. Boughton and Co. නඩු තීරණය උපුටා
දක්වමින් ප්රකාශ
කළේ, භාරකරු විසින් විශ්වස්ථ යුතුකම් කඩකිරීම හේතුවෙන් භාරය කඩවීම සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් අධිකරණය තීරණය කළේ, අභියාචක භාරකරු සිදුකළ ක්රියාව
නොදැන සිදුකරන ලද්දක් හෙයින් භාරයට සිදු වූ හානිය පූර්ණය කිරීමට ඔහුට පැවරීම සාධාරණ නොවන බවයි.
යථෝක්ත අධිකරණ තීරණය දෙස විමසා බලන විට එහි ප්රශ්නගත
සිදුවීමේ දී අභියාචක වන Redferns නම් පුද්ගලයා වගඋත්තරකාර පාර්ශ්වය වන Target Holdings සමාගමට විරුද්ධ ව සිදු කළ අභියාචනයේ දී ශ්රී
ලංකාවේ භාර ආඥා පනත අනුව විමසා බලන විට මෙම පනත තුළින් අභියාචකට සිය තර්කයන් සාධනීය කරගැනීම උදෙසා ශ්රී
ලංකා භාර ආඥා පනත හරහා නම් ශක්යතාවයක්
පවතින බව එය අර්ථනිරූපණයේ දී පෙනී යයි. එනම්, භාර ආඥා පනතෙහි 15වන වගන්තිය ගෙනහැර
දැක්වීම තුළින් අභියාචකට භාරදේපළ නැතිවීම පිළිබඳ ඔහු කිසිදු වගකීමක් නොදරන බවට දැක්විය හැකිය. මෙහි පවතින්නා වූ නිශේධනීය ලක්ෂණය නම් භාරකරුගේ අවධානීය යුතුකම හීනකරලීමයි.
මෙය අර්ථලාභීන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, ශ්රී
ලංකා භාර ආඥා පනත අනුව භාරකරුගේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට අනුබල දීමට අර්ථලාභීන්ට 62වන වගන්තිය හරහා
අයිතිවාසිකමක් ලබා දීම මත යථෝක්ත සිදුවීම් අවම කරගැනීමට එය හේතුවක් වන අතර ම භාරකරුගේ වගකීම ඔහු මත ම පමණක් නොව අර්ථලාභීන් ද භාරයට වගකිව යුතු බව මෙම ප්රතිපාදනය
අර්ථනිරූපණයේ දී හෙළි වන කරුණකි.
එංගලන්තය (නිව්ජර්සි ප්රාන්තය)
Peter Routier and other v. Commissioners For Her
Majesty’s Revenue And Customs [2014] EWHC 3010 (Ch)
මෙහි
දී අභියාචක පාර්ශ්වය වූයේ, Mrs. Coulter නම් තැනැත්තියගේ අන්තිම කැමති පත්රයෙහි
පොල්මඃකරුවන් ය. මෙම අන්තිම කැමති පත්රයෙහි
සඳහන් වූයේ, තෙස්තමේන්තුකරුගේ මරණයෙන් අනතුරුව වසර තුනක කාලයක් ඇතුළත ඇයගේ දේපළ ඇය ජීවත් වන ප්රදේශයේ
පිහිටි අරමුදලකට බැර කළ යුතු බවය. ඉන් ලැබෙන ආදායම UNTO Jersy Hospital Care හි අර්ථලාභය පිණිස යෙදවිය යුතු බවට අන්තිම කැමති පත්රයෙහි
2.3, 2.4, 2.5, ඡේදයන්
යටතේ භාරයක් ඇති කර තිබිණි. මෙහි දී තෙස්තමේන්තුකාරියගේ මරණයෙන් අනතුරු ව භාරය ක්රියාත්මක
කරන අවස්ථාවේ දී ආදායම් බදු කොමසාරිස් විසින් ඒ සඳහා බදු අය කළ යුතු බව දක්වමින් ඒ
සඳහා අධිකරණ තීරණයක් ලබා ගත්තේ ය. මේ අනුව අභියාචක පාර්ශ්වය 1984 උරුම බදු පිළිබඳ පනතෙහි 23(6) වගන්තිය ප්‍රකාර
ව පුණ්‍ය
භාරයක් සඳහා බදු අය කළ නොහැකි බව දක්වමින් අභියාචනයක් ගොනු කරන ලදී.
ඒ අනුව අභියාචක පාර්ශ්වය තවදුරටත් ප්රකාශ
කරන ලද්දේ, ඔවුන් භාර සාධන පත්රයෙහි
භාරකාර ධුරයෙන් නීත්‍යනුකූල
ව ඉවත් වූ බවත් ඉන් පසු භාරයෙහි භාරකාරත්ව අයිතිය Thomas Eggar Trust Corporation Ltd.වෙත පුණ්යමය
භාරයක් වශයෙන් පැවරූ බවයි. එමෙන් ම අභියාචක පාර්ශ්වයේ නීතිඥවරයා විසින් 1984 උරුම බදු පිළිබඳ පනතේ 272වන වගන්තිය උපුටා
දක්වමින් ප්රකාශ
කළේ, තෙස්තමේන්තුකාරියගේ හෙවත් භාරකර්තෘගේ පුණ්යමය
අරමුණ සධාරණ වූවක් බවයි. කෙසේවෙතත්, වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා විසින් තර්ක කරන ලද්දේ, 1984 උරුම බදු පිළිබඳ පනතෙහි සහ 2007 ආදායම් බදු පිළිබඳ පනතෙහි “පුණ්‍යමය
අරමුණ” යන්නට නිශ්චිත අර්ථනිරූපණයක් දක්නට නොමැති බවයි. නමුතත් අධිකරණය ප්රකාශ
කළේ, 2006 Charities Act හි පුණ්යමය
අරමණු පිළිබඳ ව සඳහන් වන බවයි. මීට අමතර ව අධිකරණය ප්රකාශ
කළේ, 2007 ආදායම් බදු පිළිබඳ පනතෙහි 989වන වගන්තිය තුල
සැළකිය යුතු ප්රමාණයකින්
පුණ්යමය
භාරයක් යනු කුමක් ද? යන්න පිළිබඳ ව දක්වා ඇති බවයි.
Camille and Henry Dreyfus Foundation
Inc. v. Inland
Revenue Comissioners නඩු
තීරණයේ දී විනිසුරු කළ ප්රකාශයක්
අධිකරණය මෙහි දී උපුටා දැක්වීය. එමෙන්
ම 2007 ආදායම් බදු පිළිබඳ පනතෙහි 37වන වගන්තිය ප්‍රකාර
ව රෝහල්, පොදු පාසැල්, මහලු නිවාස, ආසනදෙව්මැදුරු සහ පල්ලි ආදිය පුණ්යමය
ආයතන ලෙස අධිකරණය දක්වා ඇත. එබැවින් අධිකරණය ප්රකාශ
කළේ, අභියාචකයන් විසින් ඇති කරන ලද භාරය පුණ්යමය
අරමුණක් උදෙසා ඇතිකරන ලද භාරයක් ලෙස පිළිගත හැකි බවත් ජර්සි ප්රාන්ත
නීතියේ පවතින අඩුලුහුඬුකම් හේතුවෙන් අභියාචනය නිෂ්ප්රභ
කිරීමට සිදුවන බවයි.
උපයුක්ත නඩු තීරණයේ දී පැවති සිද්ධිමය සාධකවලට අනුරූප ව ශ්‍රී
ලංකාවෙහි භාර ආඥා පනතේ ව්යවස්ථාපිත
ප්රතිපාදන
දෙස විශ්ලේෂණාත්මක ලෙස විමසා බලන කල ගම්‍ය
වන කරුණක් වන්නේ, මේ සඳහා භාර ආඥාපනතෙහි 99(1) වගන්තිය යොදා
ගනිමින් පුණ්යභාරයක්
ස්ථාපනය වන බව අවිවාදයෙන් පිළිගත හැනි බවයි. මෙහි දී එංගලන්ත නීතිය තුළ පවතින සංකීර්ණභාවය හේතුවෙන් අභියාචක පාර්ශ්වය සිදුකළ ඔප්පු කිරීමේ භාරය ඵල රහිත වූවක් විය. ඒ මන්ද යත්, එංගලන්තය තුළ ප්රාන්තවල
ව්යවස්ථාපිත
ප්රතිපාදන
මධ්යම
රජයේ ව්යවස්ථාපිත
ප්රතිපාදනයන්
හා ගැටෙන බැවිනි.
මීට අමතර ව යථෝක්ත අධිකරණ තීරණයේ දී අධිකරණය ප්රාන්ත
නීතිය අනුව යමින් අභියාචනය නිශ්ප්රභ
කළ ද ශ්‍රී
ලංකා නීතිය තුළ එසේ කළ නොහැකි වන්නේ, භාර ආඥා පනතෙහි 107වන වගන්තිය ප්‍රකාර
ව පුණ්‍ය
භාරයකට යටත් යැයි කියනු ලබන භාරයක් ඔප්පු කිරීමේ භාරය මනාව සිදුනොවූව ද භාරය තුළින් මහජන යහපතක් සිදුවන බව අධිකරණයට හැඟේ නම් තත්වාකාරයෙන් අධිකරණ මතය අනුව භාරයක් ස්ථාපිත කළ හැකි බැවිණි.
ඇමරිකා එක්සත් ජනපදය (ඔක්ලහෝමා ප්රාන්තය)
Johny Michael Corr v. Thomas R. Corr and Others 2001 OK CIV APP 31
Thomas R. Corr භාරයේ භාරකර්තෘ විය. ඔහු විසින් අවලංගු කළ හැකි වන භාරයක් ස්ථාපනය කරන ලදී. ඔහුගේ භාර සාධන පත්රයෙහි
අර්ථලාභීන් ලෙස සඳහන් කර තිබුණේ, ඔහුගේ සුජාත දරුවා සහ දරුකමට හදාගැනීමට ගත් දරුවන් දෙදෙනා ය. භාරකර්තෘ
අන්තිම කැමතිපත්රයක්
මගින් ඔහුගේ සියලු දේපළ භාරයට රික්ථවරණය කර තිබිණි. භාරයෙහි භාරකරු ලෙස භාරකර්තෘගේ සුජාත පුත්රයා
නම් කර තිබිණි. භාර සාධන පත්රයෙහි
භාරකර්තෘ හෝ ඔහුගේ බිරිඳ යන දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගියහොත් භාර දේපළ බෙදිය යුතු බවට වගන්තියක් සඳහන් විය. මෙහි දී භාරකර්තෘ මිය ගිය අතර භාර දේපළ බෙදීමේ දී භාරකරු ලෙස ක්රියා
කළ භාරකරතෘගේ සුජාත පුත්රයා
භාර දේපළ දරුකමට හදාගත් දරුවන් දෙදෙනාට බෙදීම ප්රතික්ෂේප
කළේය. මෙහි දී එම දරුකමට හදා ගත් දරුවන් විසින් භාරකරුට විරුද්ධ ව පැමිණිල්ලක් ගොනු කරන ලදී.
භාර දේපළවලට අර්ථලාභී හිමිකමක් පැමිණිලිකරුවන්ට නොමැති බවත් භාර දේපළෙහි හිමිකම පවතිනුයේ, අනුප්රාප්තික
අයිතිවාසිකමක් පවතින පුද්ගලයන්ට පමණක් බවත් දක්වමින් වගඋත්තරකාර පාර්ශ්වය තර්ක කළේය. ඒ අනුව අධිකරණය ප්රකාශ
කළේ මෙහි දී භාරකර්තෘගේ චේතනාව කුමක් ද? යන්න පිළිබඳ ව සාකච්ඡා කළ යුතු බවයි. මෙහි දී අධිකරණය ප්රකාශ
කළේ, භාරකර්තෘ විසින් භාර සාධන පත්රය
නිර්මාණය කිරීමේ දී අර්ථලාභීන් වශයෙන් සුජාත දරුවන් වෙනමත් දරුකමට හදාගැනීමට ගත් දරුවන් වෙනමත් දක්වා තිබීමට තරම් භාරකරු සැළකිළිමත් වී ඇති බවයි. අධිකරණය In Re Will of Dimik නඩු තීරණය උපුටා
දක්වමින් ප්රකාශ
කළේ, භාර සාධන පත්රය
මගින් භාරකරුගේ චේතනාව අනාරණය කරගත හැකි බවයි.
එමෙන්
ම අධිකරණය විසින් O’Neil v. Cox නඩු තීරණය උපුටා
දක්වමින් අපැහැදිලි භාර සාධන පත්රයක්
පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලදී. එහි දී “තමාට දරුවන් නොසිටින බව” භාර සාධන පත්රයේ
එක්තැනක සඳහන් කර ඇති අතර “තමාගේ පෙර විවාහයේ පමණක් දරුවන් සිටින බව” තවත් තැනක සඳහන් කර ඇත. නමුත් අර්ථලාභීන් ලෙස ඔහුගේ භාර්යාව නම් කර ඇති බව අධිකරණය ප්රකාශ
කළ අතර මෙම නඩුවේ දී භාර සාධන පත්රය
එවැනි සංකීර්ණතාවයකින් යුක්ත නොවන බව ප්රකාශ
කළේය.
අධිකරණය තීරණය කළේ මෙම නඩුවේ දී වගඋත්තරකරු අනෙක් අර්ථලාභීන් දෙදෙනාගේ අයිතිවාසිකම් සීමා කිරීමට උත්සාහ දරා ඇති බවයි. අර්ථලාභය එම හදා ගත් දරුවන් දෙදෙනාට ද බෙදී යා යුතු බව දැක්වීය. භාරකර්තෘගේ චේතනාව භාර සාධන පත්රයෙහි
07වන වගන්තිය තුළින්
පැහැදිලි වන බවත් මොවුන් තිදෙනා ම භාර දේපළට අයිතිවාසිකම් දරන බවත් අධිකරණය තීරණය කළේය.
මේ අනුව ඉහත නඩුතීරණයේ දී භාර කර්තෘගේ චේතනාව සහ අර්ථලාභීන් නිශ්චිත වේ ද? නොවේ ද? යන්න ප්රශ්නගත
වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී
ලංකාවෙහි භාර ආඥා පනතේ 06වන වගන්තිය අනුව
අර්ථ නිරූපණය කර බලන කල යථෝක්ත භාරකර්තෘ විසින් පැහැදිලිව ම ප්‍රකාශිත
භාරයක් නිර්මාණය කර ඇති බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි. එනම්, භාර ආඥා පනතෙහි සඳහන් අන්දමට යථෝක්ත භාරයෙහි භාරකර්තෘගේ චේතනාව, භාරයේ අරමුණු, අර්ථලාභීන් සහ භාර දේපළ නිශ්චිත වීම මෙකී භාර සාධන පත්රය
තුළින් විද්යමාන
වේ.
From-
Saranga Bandara Senevirathna
මෙම බ්ලොග් අඩවිය සම්බන්ධ ව ඔබගේ අදහස් පහතින් දක්වන්න
නීතිය පිලිබඳ හදාරන්නන්ගේ අධ්‍යනයන්ට වචනයෙන් කිව නොහැකි දායකත්වයකි. ස්තුතියි.ජය වේවා.
ReplyDeleteThank u
ReplyDeleteස්තූතියි
ReplyDeleteGreat helpful blog
ReplyDelete