Tuesday, February 2, 2016

ලංකාවේ භාර ආඥාපනත වෙනත් අධිකරණ කලාපවල තීරණය වූ නඩුතීරණ ඇසුරින් සංසන්දනය කිරීම- දෙවන කොටස

දකුණු අප්රිකාව

Annebelle Jean Stander and Others v. Dennis Arthur Schwulst and Otrhers  Case no: 6375/07


                මෙහි පෙත්සම්කාර පාර්ශ්වය වන්නේ, Jilelf Edwards Trusts හි වැඩිහිටි අර්ථලාභීන් . අදාළ භාරයෙහි භාරකරුවන් වූයේ පළවන සහ තුන්වන වගඋත්තරකරුවන්ය. පෙත්සම්කරුවන් අදාළ පෙත්සම මගින් භාරයෙහි වර්තමාන භාරකරුවන් ඉවත් කිරීමට බලාපොරොත්තු විය. ඔවුන් ප්රකාශ කර සිටියේ, භාරකරුවන් භාර සාධන පත්රයේ පවතින අරමුණුවලට පරිබාහිර කටයුතු කරන බවයි. භාරකරු අරමුදල් පවත්වා ගෙන යෑමට පමණක් උත්සාහ දරණ බවත් අර්ථලාභීන්ගේ සුබසිද්ධිය උදෙසා භාරය නොයොදන බවත් පෙත්සම්කාර පාර්ශ්වය ප්රකාශ කරන ලදී. එහි දී භාරකරුගේ අභිමතය මත කටයුතු කිරීම තුළ භාරය විනාශ වී යෑමේ අවදානමක් පවතින බවට පෙත්සම්කරුවන් තර්ක කරන ලදී.

                කෙසේ නමුත් භාරකරු පවසන්නේ, පෙත්සම්කාර පාර්ශ්වය භාරය දෙස සාවද් ආකාරයෙන් බලන බවත් එය අමතර ආදායමක් ලෙස අර්ථලාභීන් සලකන බවත් . භාරකර්තෘ තම භාරයෙන් මෙම තත්ත්වයට වඩා ප්රගතිශීලී තත්ත්වයක් බලාපොරොත්තු වූ අතර ඔහුගේ අපේක්ෂාව වූයේ, ඔහුගේ පැවත එන්නන්ගේ ජීවන මට්ටම උසස් කිරීමයි. පෙත්සම්කාර පාර්ශ්වය විසින් ප්රකාශ කරන ලද්දේ, අර්ථලාභීන්ගේ අධ්යාපන කටයුතු සඳහා, ව්යාපාර කටයහුතු සඳහා භාරයෙන් මුදල් ලබා ගැනීමට භාරකරු ඉඩ නොදුන් බවත් තුළින් භාරකරු භාරයෙහි අර්ථලාභින්ට ඊර්ෂ්යා සහගත ලෙස කටයුතු කරන බවත් ඔහු විසින් අර්ථලාභීන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු නොකරන බවත්ය.

                අනුව පළවන සහ තුන්වන වගඋත්තරකරුවන් අදාළ භාරයෙහි සමභාරකරුවන් ලෙස අධිකරණය විසින් හඳුනා ගන්නා ලදී. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා විසින් තර්ක කරන ලද්දේ, භාරකර්තෘ විසින් භාර දේපළ සම්බන්ධ ආයෝජන සිදුකිරීමේ නිර්බාධිත බලය භාරකරුට ලබා දී ඇති බවත් එය අර්ථලාභීන්ගේ සුබසිද්ධියට සද්භාවී යෙදවීමේ අභිමතය භාරකරුට ලබා දී ඇති බවත්ය. මෙහි දී භාරකරුවන් එකී වගකීමට යටත් කටයුතු කර ඇති බව ඔහු විසින් වැඩිදුරටත් ප්රකාශ කරන ලද්දේ, SACCAWU v. Letlapa No and Another (Mostert Intervening) නඩුතීරණය  උපුටා දක්වමිනි.
                                                                                                                                                                                    
                වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා දකුණු අප්රිකානු නීතිය තුළ භාරකරු සහ භාරකර්තෘ අතර නෛතික යථා පුද්ගල සබඳතාවයක් පවතින බව රෝම ලන්දේසි නීති මූලධර්මයක් වන persona standi in judicio යන්න උපුටා දක්වමින් ප්රකාශ කරන ලදී. භාරකරුවෙකුගේ ශක්නුතාවය දකුණු අප්රිකානු නීති මූලධර්ම අනුව කොටස් දෙකකින් යුක්ත වන බව ඔහු විසින් ප්රකාශ කරන ලදී. එනම්, නියෝජිත ශක්නුතාවය සහ පෞද්ලික ශක්නුතාවය වශයෙනි. මෙහි දී භාරකරුවන් කටයුතු කර ඇත්තේ, නියෝජිත ශක්නුතාවයෙන් බව ඔහු ප්රකාශ කරන ලදී. අනුව බැලූ බැල්මට භාරකරුවන් භාරයට වගකිව යුතු වන්නේ, භාරකර්තෘ විසින් ඔවුන් භාරකරුවන් ලෙස පත්කිරීම තුළ ඔවුන්ගේ නියෝජිත ශක්නුතාවය ධ්වනිත වන බව වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා විසින් ප්රකාශ කරන ලදී.

                පෙත්සම්කාර පාර්ශ්වයෙහි නීතිඥවරයාගේ තර්කය වූයේ, භාරකරුට නියෝජිත ශක්නුතාවයක් පැවතිය ඔහු කටයුතු කර ඇත්තේ, පෞද්ගලික ශක්නුතාවයකින් වන බවයි. මෙහි දී නූපන් අර්ථලාභීන් වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටි අතර ඔහුගේ තර්කය වූයේ, නියෝජිත ශක්නුතාවය මත භාරයෙහි පැවැත්ම වෙනුවෙන් භාරකරු විසින් භාර දේපළ දරා සිටින හෙයින් ඔහු භාර දේපළ ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.

                භාරය සම්බන්ධ නීතිකෘත්යයක දී භාරකරුට වැය වන මුදල් භාරයෙන් අයකර ගත හැකි යන්න මෙහි දී ප්රශ්නගත විය. එහි දී දකුණු අප්රිකානු නීති තත්ත්වය තුළ නියෝජිත ශක්නුතාවයක් පවතින භාරකරුවෙකුට එසේ අයකරගත හැකි බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. මෙය ශ්රී ලංකා භාර ආඥා පනතෙහි 33(1) උපවගන්තිය  අර්ථනිරූපණය කිරීමේ දී සමග තරමක් දුරට සමවාය වන බවක් පෙන්නුම් කරයි. අනුව ශ්රී ලංකාවේ භාර ආඥා පනත තුළ එය භාරකරුවෙකු සතු ප්රබල අයිතිවාසිකම්ක් ලෙස පුළුල් පැතිරී ඇති බවට තර්ක කළ හැකිය. භාරකරුවෙකුගේ අසද්භාවී ක්රියාවන් හේතුවෙන් නඩුකටයුත්තකට මුහුණ දීමට සිදුවූයේ නම්, එහි දී භාර දේපළෙන් වියදම පියවා ගත නොහැකි බව ප්රශ්නගත නඩුවේ දී අධිකරණය විසින් ප්රකාශ කරන ලදී.

                මෙහි දී භාරය සඳහා භාරකරුවන් තිදෙනෙක් සිටි බවත් ඉන් එක් අයෙක් භාරකාර ධුරයෙන් ඉවත් වී ඇති බවත් අධිකරණයට අනාවරණය විය. එහි දී අධිකරණය ප්රකාශ කළේ, තුළින් ඔහු භාරය කඩකිරීමක් සිදුකර ඇති බවයි. South African Law of Trust  ග්රන්ථය උපුටා දක්වමින් අධිකරණය ප්රකාශ කළේ, එසේ භාරකරු ඉවත් වීම තුළ භාරය කඩවීම හේතුවෙන් ඔහුට එරෙහි නෛතික පියවර ගැනීමේ ශක්යතාවය පෙත්සම්කරුවන්ට පවතින බවයි. මේ පිළිබඳ ශ්රී ලංකා භාර ආඥා පනත නිහඬ නොවන බවට කදිම සාධකයක් වන්නේ, භාරකරුවන්ගේ අශක්නුතා යටතේ 48වන වගන්තිය  දක්වා තිබීම හේතුවෙනි. අනුව භාරයක් පිළිගැනීමෙන් පසු භාරකරුවෙකු විසින් භාරය අත්හල නොහැකි බව තුළ ප්රකාශිත සඳහන් වේ.

                1988 අංක 57 දරන භාර දේපළ පාලන පනතෙහි 20වන වගන්තිය  අනුව දැනට භාරකාර දුරයෙහි සිටින භාරකරුවන් ඉවත් කිරීමේ හැකියාව අර්ථලාභීන් වශයෙන් පෙත්සම්කරුවන්ට පවතින බව පෙත්සම්කරුවන්ගේ ප්රධාන තර්කයක් විය. එමෙන් අධිකරණය විසින් ප්රකාශ කරන ලද්දේ, භාරකරුවන් වරදකාරී නම් හෝ විෂමාචාරී නම් හෝ නොසැළකිලිමත් නම් හෝ අබුද්ධික හැසිරීම මත ඔවුන් භාරකාර ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි. ශ්රී ලංකා භාර ආඥා පනත තුළ මෙසේ භාරකරුවෙකු ඉවත් කිරීම පිළිබඳ ඉතා පුළුල් අර්ථකථනය කර නොතිබුණ භාරකරුවෙකු ධුරය අතහැරීම පිළිබඳ ඉතා පුළුල්  අර්ථකථනය කොට ඇත. බව භාර ආඥා පනතෙහි 72, 73, 74, 75 යන වගන්ති පරික්ෂා කිරීමෙන් අවබෝධ කරගත හැකිය.

                අධිකරණය Cooper No. v. First National Bank of SA Ltd.  නඩුතීරණය  උපුටා දක්වමින් අධිකරණය ප්රකාශ කළේ, වස්තු භංගත්වයට පත් වූ භාරකරුවන්ගෙන් භාර දේපළට අලාභයක් වුවහොත් එම අලාභය පියවා ගැනීමට වන්දි අය නොකරන බවයි. නමුත් ඉංග්රීසි නීතිය තුළ භාර දේපළට හානියක් වුවහොත් එම අලාභය භාරකරුගේ තත්ත්වය නොසලකා අය කර ගැනීමට අර්ථලාභියාට අයිතිවාසිකමක් පවතී. අධිකරණය ප්රකාශ කළේ, මෙය දකුණු අප්රිකානු නීතිය සහ ඉංග්රීසි නීතිය අතර දැකිය හැකි පැහැදිලි වෙනසක් බවයි.

                මෙහි දී භාරකරුවන් ඉවත් කිරීමට පැමිණිලිකරුවන් සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකළ බවට අධිකරණයෙහි මතය විය. ඊට අමතර මෙම නඩුතීරණයේ දී කැනඩාව, එංගලන්තය, ඔස්ටේ්රලියාව, නවසීලන්තය ආදී රටවල පවතින නීති තත්ත්වය අධිකරණය විමසා බැලූ අතර අධිකරණය මෙහි දී ප්රකාශ කරන ලද්දේ, එකී නීති තත්ත්වයන් අවිධිමත් ස්වභායක් ගන්නා බවයි.

                අනුව මෙකී ප්රශ්නගත සිදුවීමට අදාළ ශ්රී ලංකාවේ භාර ආඥා පනත අර්ථනිරූපණය කිරීමේ දී එහි 61වන වගන්තිය  ප්රකාර භාරය ක්රියාවෙහි යෙදවීම පිණිස නඩු පැවරීමට ඇති අයිතිවාසිකම අර්ථලාභීන්ට පවතින බව විශද වේ.


එංගලන්තය

Hunter v. Moss [1993] EWCA Civ 11

                වගඋත්තරකරු වන Moss සතු Moss Electrical Company නම් සමාගමක් තිබිණි. එම සමාගමේ සියයට පහක කොටස් අභියාචක සතු තිබිණි. එම සියයට පහක කොටස් පැමිණිලිකරු වෙනුවෙන් භාරයක් ලෙස දරාගෙන සිටියේ වගඋත්තරකරුය. අනුව වගඋත්තරකරු අභියාචකගේ භාරකරු විය. වගඋත්තරකරු තම සමාගමේ කොටස් කිහිපයක් Bennett and Foundation Group PLC නම් සමාගමට අලෙවි කරන ලදී. පූර්ව නඩුවේ දී අභියාචක ඔහුගේ සියයට පහක කොටස සඳහා අර්ථලාභය වගඋත්තරකරුගෙන් ඉල්ලා සිටියේය. ප්රාග් විනිශ්චයේ දී අධිකරණය ප්රකාශ කළේ, වගඋත්තරකරු විසින් Bennett and Foundation Group වෙත කොටස් විකුණා ලත් ප්රතිෂ්ඨාවෙන් සියයට පහක අර්ථලාභයක් පැමිණිලිකරුට ගෙවන ලෙසය. නමුත් ඉන් සෑහීමකට පත් නොවූ අභියාචක අභියාචනාධිකරණයෙහි පිහිට පැතීය. එහි දී වගඋත්තරකරු විසින් ප්රකාශ කරන ලද්දේ, තමා සහ අභියාචක අතර ඇති වන එකඟතාවයේ දී අභියාචකගේ සියයට පහක කොටස් සඳහා තමා භාරකරු වන බවට ලිඛිත ගිවිස නොගත් බවයි. එමෙන් සියයට පහට අදාළ කොටස් ප්රමාණය නිශ්චිත ප්රකාශ කළ නොහැකි බවත් භාරයක් සිදුවීමට දේපළ නිශ්චිත විය යුතු හෙයින් අභියාචක වෙනුවෙන් වගඋත්තරකරු කිසිඳු භාරයක් ඇතිකරගෙන නොමැති බව වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරයාගේ තර්කය විය. එබැවින් වගඋත්තරකරුවන් ප්රකාශ කළේ, අභියාචක හට සිය කොටස් සඳහා සරිලන ප්රමාණාත්මක වටිනාකමක් ප්රාග් විනිශ්චයේ දී අධිකරණය විසින් ප්රදානය කර ඇති බවයි. නමුත් අභියාචක පාර්ශ්වය තර්ක කර සිටියේ, ලාභාංශ ගෙවීමේ දී තමාගේ සියයට පහක කොටස් සඳහා හිමි ලාභාංශ නොදීම හේතුවෙන් අදාළ අභියාචනය සිදු කළ බවයි.

                අභියාචක පාර්ශ්වයේ නිතීඥවරයා ප්රකාශ කළේ, වගඋත්තරකරු විසින් බටහිර ලන්ඩනයේ පිහිටි කර්මාන්ත සඳහා අවශ් වන විදුලි උපකරණ තොග වශයෙන් අලෙවි කරන්නා වූ සමාගමක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම සමාගමේ කොටස් 50 හිමිකම තම සේවාදායකයාට පවතින බවයි. නව සමාගම ලාභාංශ බෙදන විට අභියාචකට අයත් සියයට පහක කොටස් සඳහා වන ලාභාංශ වගඋත්තරකරුට හිමිවීම නිසා මෙහි ප්රධාන ගැටලුව උද්ගත වූ බවයි.

                අනුව අධිකරණය විසින් ප්රකාශ කරන ලද්දේ, අභියාචක සහ වගඋත්තරකරු අතර ඇති වුණු සාකච්ඡාවෙන් තීරණය වූයේ, සමාගමෙහි අභියාචක සතු සියයට පහක කෙටස් සඳහා වගඋත්තරකරු භාරකරු වන බවයි. නමුත් භාරය ඇති කරන අවස්ථාවේ දී වගඋත්තරකරු සතු භාරකරුවෙක් ලෙස ක්රියා කිරීමේ සත් චේතනාවක් නොවූ අතර අනිටු අපේක්ෂාවන් පමණක් අභියාචක සතු පැවති බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී.

                ප්රාග් විනිශ්චයේ දී Knight v. Knight නඩුතීරණය  උපුටා දක්වමින් අධිකරණය ප්රධාන කරුණු කිහිපයක් හුවා දැක්වීය. එනම්, භාරකරු විසින් දරන කොටස් ප්රමාණය ප්රතිශතාත්මක පමණක් දැන සිටීම සහ පෞද්ගලික වාචික භාරයක් ඇති කර ගැනීමයි. අධිකරණය Milory v. Lord නඩුතීරණය උපුටා දක්වමින් ප්රකාශ කරන ලද්දේ, භාරයක් සහ එම භාරය භාරකරු විසින් දරා සිටින්නේ යැයි යන චේතනාව බලපැවැත්වෙන්නේ භාර සාධන පත්රයෙන් බවයි. මනා භාරයක් සංස්ථාපනය වන්නේ භාරයේ සියලු නිශ්චිතතා භාරයෙහි ඇතුළත් වීමෙන් බව අධිකරණය ප්රකාශ කරන ලදී. අනුව මෙය අසම්පූර්ණ භාරයක් බව අධිකරණය ප්රකාශ කළේය. එයට හේතුව වන්නේ, වාචික භාරයක් වන හෙයින් භාරකර්තෘගේ චේතනාව භාරකරුගේ වගකීම් මින් ගම් නොවන බවයි.

                අභියාචක පාර්ශ්වය ගිවිසුම එලෙස ඉටුකිරීමේ සාධාරණත්ව ප්රතිකර්මය අධිකරණයෙන් යාචනය කළේය. අනුව නිශ්චිත භාරයක් සංස්ථාපනය නොවී ඇති බැවින් අභියාචක තවදුරටත් වගඋත්තරකරුගේ අර්ථලාභියෙක් නොවන බව අධිකරණය ප්රකාශ කරන ලදී. මෙහි දී ප්රාග් විනිශ්චයේ දී ලබා දුන් තීරණය අධිකරණය අනුමත කරමින් අභියාචනය නිෂ්ප්රභ කරන ලදී.

                අනුව මෙහි දී පැහැදිලි පෙනෙන කරුණක් වන්නේ, අභියාචකගේ අභියාචනය නිෂ්ප්රභ වීමට ප්රධාන හේතුවක් වී ඇත්තේ, ඔහු අර්ථලාභියෙකු කරමින් ඇති වී ඇතැයි කියන භාරය භාරයක් සංස්ථාපනය වීමට අවශ් නිශ්චිතතා සම්පූර්ණ නොකිරීම තුළ වලංගු භාරයක් ස්ථාපිත නොවී තිබීමයි. අනුව විනිසුරුවරුන්ගේ කරුණු දැක්වීම සනාථ කරමින් ශ්රී ලංකාවෙහි භාර ආඥා පනතේ 05වන වගන්තිය සහ 06වන වගන්තිය මෙහි දී අර්ථනිරූපණය කර බැලිය යුතුය. එහි දී 5(1) උපවගන්තිය  සහ 5(2) උපවගන්තිය  තුළින් පිළිවෙළින් නිශ්චල දේපළ සහ චංචල දේපළ සඳහා ඇති කරනු ලබන භාරයන් නොතාරිස් ලේඛනයක් මගින් සහතික කරන ලද ලේඛනයක් මත ස්ථාපිත විය යුතු බව දැක්වේ. ඊට අමතර 06වන වගන්තිය  මගින් භාරයක් වලංගු වීමට පැවතිය යුතු නිශ්චිතතාවයන් පැහැදිලි දක්වා ඇත. අනුව භාරකර්තෘ විසින් ඊට යටත් භාරයක් සැකසුවහොත් මිස ඊට පරිබාහිර යන භාරයන් වලංගු නොවේ.


උගන්ඩාව

Stanbic (U) Ltd v. Joseph Aine & ors [2006] UGCommC 38


                පැමිණිලිකාර බැංකුවට පළමුවන විත්තිකරුගෙන් ඩොලර් 513577 අය කර ගැනීමට තිබිණි. දෙවන, තුන්වන සහ හතරවන වගඋත්තරකරුවන් බැංකුව නොමග යැවීමක් කර තිබිණි. දෙවන විත්තිකරු කලක් අදාළ බැංකුවේ සේවය කළ පුද්ගලයෙකි. දෙවන විත්තිකරු ඔවුන් විසින් කරන ලද ප්රෝඩාවෙහිමහ මොළකරුලෙස අධිකරණය හඳුන්වා දී ඇත. තුන්වන වගඋත්තරකරු දෙවන වගඋත්තරකරුගේ භාර්යාව විය. දෙවන සහ තුන්වන වගඋත්තරකරුවන් හට සංස්ථාගත කළ ව්යාපාරයක් තිබූ අතර එය ප්රවාහනය හා සම්බන්ධ ව්යාපාරයක් විය. එම ව්යාපාරයට වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් කිහිපයක් අයත් තිබුණි. හතරවන වගඋත්තරකරු ඔවුන්ගේ ව්යාපාරයෙහි සීමිත වගකීම් දරන්නෙක් විය. පැමිණිලිකාර පාර්ශ්වය තරයේ ප්රකාශ කර සිටියේ, දෙවන වගඋත්තරකරු සිය බැංකුවෙහි අරමුදල් පළිබඳ අනුමිත භාරකරුවෙක් සිටි බවත් ඔහු වංචාවක් සිදු කර ඇති බවත් ඔහු බැංකුවෙහි අර්ථලාභය පිණිස කටයුතු නොකළ බවත් .

               
                පළමුවන වගඋත්තරකරු අවස්ථා කිහිපයක දී බැංකුවෙන් මුදල් රැගෙන එම මුදල් දෙවන විත්තිකරුට ලබා දී තිබුණි. අනුව අවස්ථා පහක් යටතේ මෙම හුවමාරු කිරීම් සිදු වී ඇත. එකී අවස්ථා පහේ දී මුදල් උපනයනය කර ඇත්තේ, දෙවන විත්තිකරු විසිනි. දෙවන විත්තිකරු අදාළ බැංකුවෙහි මුදල් භාණ්ඩාගාර අධීක්ෂක ලෙස සේවය කළ අයෙකි. බැංකු සේවිකාවගේ සාක්ෂියෙන් හෙළි වූයේ දෙවන විත්තිකරු විසින් පළමුවන විත්තිකරුගේ ගිණුමට මුදල් බැර කිරීමට නියම කළ බවයි. අනුව අදාළ මුදල් පළමුවන විත්තිකරුගේ ගිණුමට බැර කිරීමේ දී උත්පාදකයා වී තිබුණේ, දෙවන විත්තිකරු . මේ ආකාරයේ ගෙවීම් කිහිපයක් හුවමාරු වී ඇති බවට අධිකරණය ඉදිරියේ දී අනාවරණය විය. පැමිණිලිකාර පාර්ශ්වයේ නීතීඥවරයා Paragon Finance v. D.B. Thakerar and Company නඩුතීරණය  උපුටා දක්වමින් අනුමිත භාරකරුවෙක් යනු කවරෙක් ? යන්න හඳුන්වා ඇත. එයට අනුව අනුමිත භාරකරුවෙක් යනු ප්රකාශිත පත් නොකළ භාරකරුවෙක් බවත් ඔහුට අපකල්පිත වගකීම් පවතින බවත් ප්රකාශ කළ අතර අනුව දෙවන විත්තිකරු බැංකුවේ මුදල් බැංකුව වෙනුවෙන් භාරයක් ලෙස දරා සිටි බව ප්රකාශ කරන ලදී. අනුව මොහු භාරය කඩ කර ඇති බවට පැමිණිලිකාර පාර්ශ්වය තර්ක කළේය. අනුව දෙවන වගඋත්තරකරු තම කූඨ උපායන් මගින් බැංකුව සතු මුදල් තමාගේ අර්ථලාභය පිණිස යොදා ගෙන තිබුණු බව අධිකරණය ප්රකාශ කරන ලදී. අනුව 1,3,4, යන විත්තිකරුවන් දෙවන විත්තිකරුවන් විසින් කළ වරදෙහි හවුල්කරුවන් වන බව අධිකරණය දැක්වීය. එම නිසා දෙවන විත්තිකරු අදාළ තම ව්යාපාර සඳහා ප්රාග් ධනය ලෙස යොදා ගෙන ඇත්තේ බැංකුව සතු මුදල් බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී.

                නමුත් විත්තිකරුවන් විත්තිවාචකයක් ලෙස ප්රකාශ කළේ, තමන් අදාළ ව්යාපාරය සිදු කළේ බැංකුවෙහි මුදල්වලින් නොවන බවත් ඔවුන් වෙනත් බැංකුවලින් ණයටගත් මුදල් සහ ඉතිරි කරන ලද මුදල්වලින් බවත්ය. විත්තිකරුවන් සාක්ෂිකරුවන් ඉදිරිපත් කරමින් ප්රකාශ කර සිටියේ ඔවුන් ව්යාපාර අතින් බංකොලොත්භාවයට පත් ඇති බවත් එම නිසා බැංකුවෙන් ගත් මුදල් ගෙවීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවයි. අධිකරණය මෙහි දී ප්රකාශ කරන ලද්දේ, දෙවන සහ තුන්වන විත්තිකරුවන් දෙදෙනාට පැමිණිලිකරුගේ මුදල් සම්බන්ධ සමාන වගකීමක් පවතින බවයි. එමෙන් විත්තිකරුවන් ව්යාපාරවලින් ලබන ලාභයන් බැංකුවෙහි අර්ථලාභය පිණිස යෙදවිය යුතු බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. එමෙන් දෙවන වගඋත්තරකරු බැංකුවෙහි මුදල් වංචා කිරීම තුළ බැංකුව සමග සේවකයෙකු වශයෙන් පැවති විශ්වස්ථ බැඳීම් කඩ කර ඇති බවත් අනුව ඔවුන් බැංකුවෙහි මුදල්වලින් උපයාගත් දේපළ බැංකුව සතු භාර දේපළ ලෙස සැලකිය හැකි බව අධිකරණය ප්රකාශ කළේය. Halsbury’s Laws of England නම් කෘතියෙහි දැක්වූ කරුණු අධිකරණය මෙහි දී උපුටා දක්වන ලදී අනුව අධිකරණය අවසාන වශයෙන් ප්රකාශ කළේ, වගඋත්තරකරුවන් වංචාවෙන් උපයාගත් දේපළ බවත් එබැවින් මෙහි දී අනුමිත භාරයක් ගොඩනැඟෙන බවත් එකී භාරයේ සමභාරකරුවන් ලෙස 2, 3, සහ 4 යන විත්තිකරුවන් ත් කළ යුතු බවත් එකී භාරකරුවන් බැංකුවෙහි අර්ථලාභය පිණිස ඔවුන් උපයාගත් දේපළ භාරයක් ලෙස දරා සිටිය යුතු බවත්ය.

                විශ්වස්ථ යුතුකම් යටතේ තවත් අයෙකුගේ ප්රතිලාභ ආරක්ෂා කිරීමට බැඳී ඇති තැනැත්තෙක් එකී විශ්වස්ථ යුතුකම් කඩකිරීම තුළ ඇති වන අනුමිත භාර පිළිබඳ ප්රධාන වශයෙන් අධිකරණ තීරණය තුළ අර්ථකථනය කර ඇති බව විශද වේ. එහි දී ඉහත නඩුතීරණය තුළින් අර්ථකථනය කළ එකී කාරණය ශ්රී ලංකවේ භාර ආඥා පනතෙහි 90වන වගන්තිය තුළින් පැහැදිලි විද්යමාන වේ. අනුව නඩුතීරණය පුරාවට අධිකරණය දැක්වූ කරුණු මත 90 වගන්තිය  ඉතා පුළුල් ලෙස අර්ථනිරූපණය වී ඇති බව විද්යමාන වේ.


ඇමරිකා එක්සත් ජනපදය (ඇරිසෝනා ප්රාන්තය)

Shriners Hospitals v. Gardiner 733 P.2d 1110, 152 Ariz. 527

                Laurable Gardiner විසින් භාරයක් ඇති කරන ලදී. එහි භාරකරු වූයේ, වගඋත්තරකාරිය වන Mary නම් තැනැත්තියයි. ඇගේ පුතුන් දෙදෙනා විකල්ප භාරකරුවන් විය. පුතුන් දෙදෙනා වූයේ, Charles සහ Robert නම් පුද්ගලයන්ය. භාරයෙහි අර්ථලාභීන් වූයේ, අභියාචක පාර්ශ්වයයි. වගඋත්තරකාරිය වන Mary නම් තැනැත්තියට මූල්යමය කටයුතු පිළිබඳ දැනුමක් නොතිබුණු බැවින් ඇය විසින් ගාස්තුවක් ගෙවා තම සහයට පුද්ගලයෙකු සපයා ගන්නා ලදී. භාරයෙහි විකල්ප භාරකරුවෙකු වන Charles නම් පුත්රයා ආයෝජන උපදේශකයෙකු මෙන් තැරැව්කරුවෙකු ලෙස සේවය කළේය. භාරයෙහි වත්කම්  පිළිබඳ කටයුතු සකස් කරන ලද්දේ, ඔහු විසිනි. ඔහු ඇතැම් අවස්ථාවල දී භාරයෙන් මුදල් වංචා කරන ලදී. අනුව අර්ථලාභීන් අධිකරණ ක්රියාමාර්ගයක් කෙරෙහි යොමු විය. අනුව අධිකරණය මෙය ප්රධාන කාරණා 03ක් ඔස්සේ සලකා බැලීය. එනම්, වගඋත්තරකාරිය විසින් සිය පුත්රයාට ආයෝජන බලතල පැවරීම විශ්වස්ථ වගකීම් කඩකිරීමක්ද?, එම භාර මුදල් වංචා කිරීමට ආසන්න හේතුව වූයේ, වගඋත්තරකාරිය විසින් සිය පුත්රයාට ආයෝජන බලතල පැවරීම ?, මොවුන්ගේ වංචාව ඔප්පු වුවහොත් Robert නම් වූ විකල්ප භාරකරු භාරකරු ලෙස පත් කළ හැකිද? යන කරුණුය.

                වෙනත් අයෙකුගේ දේපළක් භාරයක් ලෙස දරාගෙන සිටින භාරකරු දූරදර්ශී කටයුතු කළ යුතු බව ඇරිසෝනියා ප්රාන්ත නීතිය අනුව දක්වා ඇති බව අධිකරණය විසින් දක්වන ලදී. අනුව මෙම භාරුගේ නොසැළකිලිමත් ක්රියාව නිසා භාරයට පාඩුවක් උද්ගත වී ඇති බව අධිකරණය ප්රකාශ කරන ලදී. වගඋත්තරකාරිය විසින් තර්ක කරන ලද්දේ, තමාට ආයෝජන පිළිබඳ දැනුමක් නොමැති නිසා තම පුත්රයාට පිලිබඳ බලය පැවරූ බවයි. නමුත් අධිකරණයෙහි තර්කය වූයේ, වගඋත්තරකාරිය සිය පුතුගේ අවවාද පමණක් ගෙන ඇයට සිය අභිමතය අනුව කටයුතු කිරීමට හැකියාව තිබූ බවයි. අනුව භාරය මුළුමණින් පාලනය කොට ඇත්තේ, Charles නම් පුද්ගලයාය.

                අනුව වගඋත්තරකාරිය මෙහි දී සිය අභිමතය හුවමාරු කිරීම සිදුකර ඇති බව අධිකරණය ප්රකාශ කරන ලදී. අධිකරණය ප්රකාශ කළේ, භාරකරුවෙකුට සිය විශ්වස්ථ යුතුකම් එසේ අභිනියෝජනය කළ නොහැකි බවයි. අනුව වගඋත්තරකාරිය විසින් භාරය කඩ කර ඇති බව අධිකරණයෙහි මතය විය.

                සමභාරකරුවෙකුට නම් භාරය සම්බන්ධ වගකීම් අභිනියෝජනය කළ හැකි නමුත් වෛකල්පිත භාරකරුවෙකුට යම් භාරකරුවෙකුගේ වගකීම් හා යුතුකම් අභිනියෝජනය කළ නොහැකි බව අධිකරණය තවදුරටත් දැක්වීය. අනුව අධිකරණය ප්රකාශ කළේ, වගඋත්තරකාරිය විසින් ආයෝජන බලතල Charles පැවරීම තුළ ඔහුට මුදල් වංචා කිරීමට නිරායාසයෙන් ඉඩ සලසා දී ඇති බවයි. කෙසේ වෙතත් මෙහි දී වගඋත්තරකාරිය පමණක් වරදකාරී නොවන අතර විකල්ප භාරකරු වන Charles මෙම වරදින් බැඳෙන බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. අනුව අධිකරණය විසින් තීරණය කරන ලද්දේ, වගඋත්තරකාරිය සහ වරදකාරී විකල්ප භාරකරු භාරකාර ධුරයෙන් ඉවත් කර අනෙක් විකල්ප භාරකරු වන Robert නම් පුද්ගලයා භාරකාර ධුරයෙහි ස්ථාපනය කළ යුතු බවයි.
                මෙහි දී ශ්රී ලංකාවේ භාර ආඥා පනත සමග මෙකී තත්ත්වය විශ්ලේෂණය කිරීමේ දී 47වන වගන්තිය සලකා බැලීම වැදගත් වේ. එහි සඳහන් වන්නේ, අධිකරණ අනුමැතියක් රහිත භාරකරුවෙකුට බලතල ක්රියාත්මක කළ නොහැකි බවයි. එනම්, තීන්දු ප්රකාශයක් මගින් භාරකරුගේ බලය අත්හිටුවීමයි. අනුව මෙකී සිද්ධිමය සාධක අනුව මෙම වගන්තිය සමපාත වන බව ගම් වේ.

                ඊට අමතර අනෙක් වැදගත් වගන්තිය වනුයේ, 49වන වගන්තිය  යි. අනුව භාරකරුවෙකු විසින් තම ධුරය හෝ තම යුතුකම් කිසිවක් යම් භාරකරුවෙකුට හෝ අමුත්තෙකුට පවරා දීම මෙම පනතෙහි විධිවිධාන මත සිදුවිය යුතු බව දක්වා තිබේ. අනුව මේ තුළින් භාරකරුවෙකු සතු අභිමතානුසාරී බලතල සීමා කිරීමකට ලක් කර ඇති බවට තර්ක කළ හැකිය.


එක්සත් රාජධානිය (සීමන් දූපත්)

Attorney General of the Caymen Islands and Others v. Even Wahr-Hansen (Caymen Islands) [2000] UKPC 26

                Jahre ධනවත් නෝරවේජියානු නැව් හිමියෙකි. ඔහුගේ ව්යපාරික කටයුතු පිළිබඳ අන්වේශනයන් සිදු කරන ලද්දේ, Norwegian Central Banking and Revenue Authorities නම් ආයතනයයි. Jahre ගේ වත්කම් පවත්වාගෙන යනු ලැබුවේ Continental Foundation නම් ආයතනය විසිනි. අනුව ඔහු තුළින් භාරයක් ස්ථාපිත කොට තිබුණි. එහි දී ඔහු විසින් ගිවිසුමකට අත්සන් කර තිබුණි. එහි දී අදාළ භාරයෙහි ප්රදර්ශනාත්මක භාරකර්තෘ වූයේ, Mr. Hansen . නමුත් සත් භාරකර්තෘ වූයේ, Jahre .

                Jahreගේ මරණින් පසු Mr. Hansen විසින් Aall Foundation නමින් නව පදනමක් පිහිටුවනු ලැබූ අතර Jahreගේ සියලු වත්කම් එයට ඈඳා ගනු ලැබීය. අනුව අධිකරණය මෙහි දී කරුණු 03ක් සාකච්ඡා කරන ලදී. එනම්, Continental Foundation මගින් ඇති කළ භාරය තවදුරටත් වලංගුද? යන්නත්, Aall Foundation මගින් ඇති කළ භාරය වලංගු යන්නත්, භාරකරුගේ වත්කම් කුමන භාරයෙන් පවත්වාගෙන යා යුතුද? යන්නත් .

                ප්රාග් විනිශ්චයේ දී ප්රකාශ වූයේ, අදාළ භාරයන් දෙකම වලංගු භාරයන් වන බවයි. ප්රිවිකවුන්සිලය විසින් ප්රකාශ කරන ලද්දේ, මෙම භාරයන් දෙකම Jahre භාරකර්තෘ ලෙස පිහිටා ඇති කරන ලද භාරයන් වන බවයි. Jahre විසින් ඇති කළ පදනමෙහි ප්රකාශිත දක්වා තිබුණේ එම භාරය මගින් පොදු මහජන යහපත සඳහා මුදල් යොදවන බවයි (ආගමික, අධ්යාපන කටයුතු සඳහා). අනුව පුද්ගලයෙක්, පුද්ගලයන් කිහිපදෙනෙක්, ආයතනයක් හෝ සංවිධානයක් මෙම භාරය අනුව අර්ථලාභීන් ලෙස දක්වා තිබේ. මෙහි දී උද්ගත වූ ප්රශ්නයක් වූයේ, Continental Foundation යන භාරයෙහි බලතලයන් පමණක් දක්වා තිබූ අතර ඔවුන් අත්යවශයයෙන් අවනත විය යුතු බැඳීම් පිළිබඳ දක්වා නොතිබිණි. අනුව වගඋත්තරකාර පාර්ශ්වය විසින් තර්ක කරන ලද්දේ, මෙය වලංගු භාරයක් නොවන බවටය. ඊට අමතර මෙහි බලතල පැවරීම සිදුකොට තිබුණේ, සදාකාලිකත්ව රීතියට පටහැනි වන බැවින් භාරය අවලංගු විය යුතු බවට වගඋත්තරකාර පාර්ශ්වය විසින් තර්ක ලදී. භාර සාධන පත්රයෙහි අරමුණුවලින් මෙම භාරය පුණ් භාරයක් ලෙස පෙනෙන බව අධීකරණයෙහි මතය විය. නමුත් මෙම භාරය කොටස් දෙකකින් යුක්ත වූ අතර එක් කොටසක පැහැදිලි පුණ් අරමුණු දක්වා තිබූ නමුත් අනෙක් කොටසෙහි එසේ නොවීය. අධිකරණය විසින් Incorporated Council of Law Reporting For England and Wales v. Attorney General නඩුතීරණය උපුටා දක්වමින් ප්රකාශ කරන ලද්දේ, පුණ් භාරයක දී අර්ථලාභීන් සහ පුණ් අරමුණ පැහැදිලි සේ දැක්විය යුතු බවයි. එනම්, බැලූ බැල්මට පුණ් අරමුණක් වෙනුවෙන් ඇති කරන ලද භාරයක් බවට පෙනී යා යුතුය යන්නයි.

                නීතිපතිවරයා විසින් අවසන් වශයෙන් ප්රකාශ කරන ලද්දේ, Continental Foundation නම් භාරය මගින් පැහැදිලි පුණ් අරමුණු 04ක් හඳුනාගත හැකි බවයි. එනම්, ආගමික වැඩිදියුණුව, අධ්යාපනික වැඩිදියුණුව, දිළිඳුකමට පිහිට, අනෙකුත් පොදු අරමුණු යනාදී වශයෙනි. එමෙන් To endeavour to act for the good or for the benefit of mankind in generalයන කොටස තුළින් භාරකර්තෘගේ චේතනාව පැහිදිලි වන බවට නීතිපතිවරයා තර්ක කළේය. නමුත් අධිකරණය අවසාන වශයෙන් තීරණය කළේ, භාර සාධන පත්රයෙහි දෙවන කොටස අපැහැදිලි හෙයින් Aall Foundation නම් භාරය වලංගු වන බවයි.

                අනුව ඉහත නඩුතීරණය ආශ්රයෙන් ශ්රී ලංකාවේ භාර ආඥා පනතෙහි ප්රතිපාදන අර්ථනිරූපණය කිරීමේ දී භාර ආඥා පනතෙහි 99(1) වගන්තිය  වැදගත් වේ. අනුව පුණ් භාරයක දී පුණ් භාරයක් ඇතිවීමට අවශ් වන භාර අරමුණු කිහිපයක් පෙන්වා දී තිබේ. එයට අනුව දිළිඳුකම සමනය කිරීමට, අධ්යාපනය දියුණු කිරීමට, ආගම දියුණු කිරීමට සහ මනුෂ් වර්ගයාට අර්ථදායී වූ වෙනත් කාර්යයන් සඳහා පුණ් භාරයන් ඇති කළ හැකි බව දැක්වේ.


                මීට අමතර මෙහි දී Continental Foundation තුළින් ඇති කළ පුණ් භාර වැනි අවිධිමත් පුණ් භාර විධිමත් කිරීම උදෙසා ලංකා භාර ආඥා පනතෙහි 107වන වගන්තිය  ඉතා වැදගත් පිටුබලයක් සපයයි. එයට අනුව අවස්ථාපිත කර්ණු අනුව භාරයක් පැවතිය යුතු බවට අධිකරණය සලකයි නම්, අධිකරණයට ස්වකීය බලතල ක්රියාත්මක කිරීමට බාධාවක් නොපවතී. අනුව තත්ත්වාකාර වශයෙන් භාරයක් ගොඩනැංවීමේ බලය අධිකරණය සතු පවතී.


       From- Suranga Bandara Senevirathna

මෙම බ්ලොග් අඩවිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් දක්වන්න

1 comments:

  1. නීති ශිෂ්‍යයන්ට ඉතාම ප්‍රයෝජනවත් ලිපි. ස්තුතියි.

    ReplyDelete