This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Monday, February 1, 2016

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UNCRC) ආශ්රිත ව වැදගත් වන නඩුතීරණ - පළමු කොටස


Samoa
Attorney General
v. Maumasi  (WSCA 1999)


                වගඋත්තරකරු වයස අවුරුදු 41ක් වන පුරුෂයෙකි. ඔහු විසින් සිය භාර්යාවගේ පළමු විවාහයෙහි ස්වාමි පුරුෂයාට දාව උපන් වයස අවුරුදු 08 දැරියට රබර් බටයකින් නොසෑහෙන ලෙස පහර දුන් අතර, එම පහර දීමෙන් සුළු වේලාවකට පසු දැරියට ශ්වසන අපහසුතාවයක් ඇති වූ අතර ඇයව කඩිනමින් රෝහල කරා ගෙන ගිය රෝහල් ගත කිරීමට පූර්වයෙන් දැරිය මිය ගියාය. මෙසේ වගඋත්තරකරුට අදාළ දැරියගේ මරණය සම්බන්ධ සාපරාධී වගකීම පවරා ඔහුට වසර තුනහමාරක සිරදඬුවමක් අධිකරණය විසින් නියම කරන ලදී. නීතිපතිවරයා විසින් වගඋත්තරකරු විසින් කරන ලද වරදට සාපේක්ෂ දඬුවම ප්රමාණවත් නොවන බව පවසමින් අභියාචනයක් ගොනු කරන ලදී.

                අධිකරණය ප්රාග් විනිශ්චයේ දී පරිවාස නිලධාරියා කළ වාර්තාවේ කොටසක් මෙහි දී උපුටා දැක්වීය. එනම්, “මෙය මනුෂ්යවර්ගයාට සිදු වූ බරපතළ වරදකි. කෙසේ වෙතත්, වගඋත්තරකරු කුඩාකාලයේ දී වගඋත්තරකරුගේ පියා විසින් ඔහු අපයෝජනය කරන ලද අතර එහි ප්රතිවිපාකය ලෙස දැරියට මරණය උරුම විය. එනම්, මොහු අපයෝජනයට ලක්වූවෙක් නිසා . ඇතැම්විට පියා අතින් වගඋත්තරකරු අපයෝජනයට ලක්නොවුණා නම් දැරිය මරණයට පත්නොවන්නට ඉඩ තිබිණි”. සපෝලු අගවිනිසුරුතුමා ප්රකාශ කළේ, මෙම නඩුතීරණය දරුවාගේ සැබෑ පියා නොවන පුද්ගලයෙකු අතින් සිදුවන ළමා අපයෝජනයක් හා සම්බන්ධ වන බවත් මෙම නඩුතීරණය තුළින් වගඋත්තරකරුගේ අකාරුණික බව පිළිබිඹු වන බවත් . මෙම පහර දීම කෝපවීමෙන් සිදු වූවක් නම්, එය පූර්වමර්ෂිත පහර දීමක් ලෙස සැලකිය හැකිය.

                රාජ්යයේ සම්මත ව්යවස්ථාපිත නීතිය අනුව මෙහි දී දරුණු අපරාධයක් සංස්ථාපනය වන බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. අභියාචක පාර්ශ්වයේ නීතිඥවරයා වන Leung Wai මහතා ප්රකාශකර සිටියේ සැමෝවා රාජ්යය විසින් අපරානුමත කරන ලද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 37() ව්යවස්ථාව  මෙයට ඍජුව අදාළ වන බවත් සියලු සැමෝවා අධිකරණ අදාළ සම්මුතිය නඩු විසඳීමේ දී ග්රහණය කරගත යුතු බවත් .

                මෙහි දී Police v. Taimi Peleuaga නඩුතීරණය උපුටා දක්වමින් මෙහි විත්තිකරු තමාගේ සත් හැවිරිදි දියණියට පහර දී මරණයට පත්කිරීම හේතුවෙන් ඔහුව සාපරාධී වගකීමට යටත් කර සිව්වසරක සිර දඬුවමක් ලබා දුන් බව අධිකරණය ප්රකාශ කළේ . එමෙන් අධිකරණය ප්රකාශ කළේ, මෙය දරුවෙකුට එරෙහි සිදු වූ භෞතික අපයෝජනයක් බවත් එය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 37() ව්යවස්ථාවට පූර්ණ වශයෙන් පටහැනි ක්රියාවක් බවත් . අනුව අන්තර්ජාතික ප්රතිපාදනයන් සහ රටේ ව්යවස්ථාපිත නීතියට ගරු කිරීමක් වශයෙන් සැමෝවා රාජ්යයේ දරුවන්ගේ උපරිම යහපත ආරක්ෂා කිරීම පිණිස වගඋත්තරකරුගේ වසර තුනහමාරක සිරදඬුවම අහෝසි කර එය වසර පහක් දක්වා දීර්ඝ කරන ලදී.

                 ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පවතින ප්රතිපාදනයන් සහ ප්රාමාණිකයන් සමඟ මෙම නඩුතීරණය මනාව ගැළපේ. මීට අමතර මෙම නඩුතීරණය තුළ දරුවාගේ උපරිම යහපත පිළිබඳ මෙහි සඳහන් 3(1) ව්යවස්ථාව  ඍජු දක්වා නොතිබුණ නෛතික කරුණු විග්රහයේ දී විනිශ්චයකාරවරුන් එය ව්යංගයෙන් යොදාගෙන ඇති ආකාරය මේ තුළින් විශද වේ. එබැවින් මෙය අන්තර්ජාතික ප්රාමාණිකයන්ට ගරු කළ නඩුතීරණයක් ලෙස පෙන්වා දිය හැකිය.


South Africa
J v. National Director of Public Prosecutions and Another [2014] ZACC 13; Case CCT 114/13

පෙත්සම්කරු වයස අවුරුදු 14 පිරිමි දරුවෙකි. ඔහු වයස අවුරුදු 07 පිරිමි දරුවෙක්, අවරුදු 06 පිරිමි දරුවන් දෙදෙනෙක් අපයෝජනය කිරීම සහ වයස අවුරුදු 12 ගැහැණු දරුවෙකුට දරුණු පිහිඇණුම් තුවාල සිදුකිරීම නිසා මහේස්ත්රාත් අධිකරණය ඔහුට අනිවාර්ය වසර 05 ළමා හා තරුණ රැකවරණ මධ්යස්ථානයක නිවාස අඩස්සියේ සිටීමට නියම කළ අතර ඉන් අනතුරු අවුරුදු 03 සිර දඬුවමක් නියම කරන ලදී. ගැහැනු දරුවාට කළ අඩන්තේට්ටම්වලට මාස 06 අත්හිටවූ සිරදඬුවමක් සහ 2007 අංක 32 දරණ ලිංගික අපරාධ (සංශෝධන) පනතේ 50(2) වගන්තිය ප්රකාර ඔහුගේ නම ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයට ඇතුළත් කරන ලදී. එම ලේඛනයෙන් තමාගේ නම ඉවත් කරන ලෙස මොහු අභියාචනය කළේය.

                පෙත්සම්කරුගේ තර්කය වූයේ, 2007 අංක 32 දරණ ලිංගික අපරාධ (සංශෝධන) පනතේ 50(2) වගන්තිය ප්රකාර ඔහුගේ නම ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයට ඇතුළත් කිරීම තුළ ළමා අපරාධකරුවන්ගේ අයිතිවාසිකම් අවශ්යයෙන් උල්ලංඝනය වන බවයි. වගඋත්තරකරුවන්ගේ තර්කය වූයේ, මහාධිකරණ තීරණය දකුණු අප්රිකානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 36වන ව්යවස්ථාව  ප්රකාර යුක්තිසහගතවන බවයි. අධිකරණය ප්රකාශ කළේ, යථෝක්ත පනත මඟින් අපයෝජනයට ලක්වන උපහටයන් ආරක්ෂණය කරඇති නමුත් ළමා අපරාධකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරඇති බවයි. වගඋත්තරකරුවන් මෙය පිළිගත්ත ඔවුන් තර්ක කර සිටියේ අධිකරණය 50(2) වගන්තිය වැරදි ලෙස වටහාගෙන ඇති බවත්, ව්යවස්ථාවේ පවතින අඩුපාඩුකම ළමා අපරාධකරුවන් සම්බන්ධයෙන් පමණක් ලඝුකොට දැක්වීම නුසුදුසු බවත් .

                Teddy Bear Clinic for Abused Children and Another V. Minister of Justice Constitutional Development and Another නඩුව උපුටා දක්වමින් අපරාධකරුවන් ලියාපදිංචි කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර අපරාධකරුවන්ගේ ලේඛනයක් සෑදීම තුළ යුක්තිය ඉටු කිරීමට පහසු බව අධිකරණය විසින් දක්වන ලදී. එමෙන් 2007 අංක 32 දරණ ලිංගික අපරාධ (සංශෝධන) පනතේ 50(2) වගන්තිය  ප්රකාර අධිකරණය ප්රකාශ කළේ පෙත්සම්කරුගේ නම කිසිසේත් ඉවත් කළ නොහැකි බවයි. විනිසුරුවරුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ පනතේලිංගික අපරාධයකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුගේ තොරතුරු...” ලෙස සඳහන් වන බවත් මෙහිපුද්ගලයෙක්යන්නෙන් ළමයෙක් සහ වැඩිහිටියෙක් යන දෙපාර්ශ්වය අර්ථ ගැනවෙන බවයි. අධිකරණය ප්රකාශ කළේ මෙය මෙම ප්රතිපාදනයේ දුර්වලතාවයක් වන බවයි.

                වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයන්ගේ තර්කය වූයේ, දකුණු අප්රිකාව තුළ ලිංගික අපරාධ අවම කිරීමට නම් ළමා ලිංගික අපරාධකරුවන්ට අධිකරණය දක්වන සැලකිල්ල අවම කළ යුතු බවයි. මෙයට ප්රතිතර්කයක් ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ප්රකාශ කළේ, ළමයාගේ උපරිම යහපත යන කරුණ මත පිහිටා ප්රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි. අන්තර්ජාතික ප්රාමාණිකයන් තුළ ළමයාගේ උපරිම යහපත ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවත් දකුණු අප්රිකානු ව්යවස්ථාපිත නීතිය තුළ ළමා අපරාධකරුවන්ට අදාළ නීතිය සුදුසු අයුරින් ප්රතිශෝධනය විය යුතු බව ඔවුහු වැඩිදුරටත් ප්රකාශ කළහ.

                අධිකරණය ප්රකාශ කළේ පෙත්සම්කරුගේ නම අදාළ ලේඛනයට ඇතුළත් කිරීමට හෝ නොකිරීමට අධිකරණයට අභිමතයක් නොමැති බවත් ව්යවස්ථාපිත ප්රතිපාදන අනුව ඔහුගේ නම ලේඛනයට ඇතුළත් කළහොත් ළමයාගේ උපරිම යහපත කඩවන බවයි. නමුත් මෙම පනත අනුව පෙත්සම්කරුගේ නම අදාළ ලේඛනයට ඉදිරිපත් කිරීම තුළින් ඔහුගේ උපරිම යහපත සැලසෙන බව අධිකරණය දැක්වීය. අධිකරණය තීරණය කළේ, පෙත්සම්කරුගේ නම අදාළ ලේඛනයට ඇතුළත් කිරීම තාවකාලික නවත්වන බවත්, ළමා අපරාධකරුවන් පිළිබඳ ව්යවස්ථාපිත ප්රතිපාදන අන්තර්ජාතික ප්රාමාණිකයන්ට අනුව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට මාස 15 කාලයක් ලබාදෙන බවත්ය.

                උක්ත නඩුතීරණය තුළ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 12වන ව්යවස්ථාව  මනාව අර්ථනිරූපණය කර ඇත. එමෙන් ළමයාගේ උපරිම යහපත සැලසීම පිළිබඳ අධිකරණයේ අදහස් දැක්වීම තුළින් විශද වන්නේ, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 3(1) ව්යවස්ථාව අදාළ කරගෙන ඇති බවයි. කෙසේ වෙතත් අධිකරණයට මෙම සම්මුතියෙහි 40(2)()(VII) ව්යවස්ථාව  යොදාගත හැකි තිබුණි. එමෙන් මෙම සම්මුතියෙහි 16 වන ව්යවස්ථාව  අදාළ කරගැනීමට අධිකරණයට හා පෙත්සම්කරුට හැකියාව තිබුණි. මේ අනුව විමසා බලන විට උපයුක්ත නඩුතීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි ප්රාමාණිකයන්ට මනාව සමවාය වන නඩුතීරණයක් බව ගම්යමාන වේ.



Thuvalu
MARK ANDERSON v. R [2003] TVHC 27

පෙත්සම්කරු මිනීමැරීමකට වරදකරුවෙකු වූ අතර, ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වී තිබුණි. ඔහු අදාළ අපරාධය කරන අවස්ථාවේ දී වයස අවුරුදු 16ක් වූ අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වන විට වයස අවුරුදු 17ක් විය. ඔහු තුවාලු මහාධිකරණයට අභියාචනයක් ගොනුකරමින් සහනයක් බලාපොරොත්තු විය. පෙත්සම්කරුගේ තර්කයන් මූලික කාරණා 03ක් යටතේ පදනම් විය. එනම්, ඔහු අදාළ අපරාධය කරන අවස්ථාවේ හා දඬුවම නියම කරන විට ඔහුගේ වයස අවුරුදු 18 අඩුවීම, 1993 ළමුන් සහ යෞවනයන් පිළිබඳ ඉංග්රීසි පනතේ 53(3) වගන්තිය මෙයට අදාළ බවත්, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 37() ව්යවස්ථාව  අනුව ඔහුට ලබා දුන් තීරණය අයුක්ති සහගත බවත් යන කාරණාය.

                පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා විසින් වැඩිදුරටත් තර්ක කරන ලද්දේ, තුවාලු දණ්ඩනීති සංග්රහය අනුව පෙත්සම්කරු මිනීමැරුමක් කර ඇති බවත් අහි අදාළ වරදට දඬුවම වන්නේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවම වන නමුත් සෙසු රටවල දණ්ඩනීති සංග්රහයන් ප්රමුඛ නීතිය අනුව සැසඳීමේ දී මෙය යුක්ති සහගතද යන ගැටලුව මතුවන බවයි. අධිකරණය මෙකී කාරණා පිළිබඳ සංවේදී කටයුතු කළ අතර අධිකරණය ප්රකාශ කළේ, මෙම නීතිය වෙනත් ආකාරයකට අර්ථනිරූපණය කළහොත් අදාළ අපරාධ නඩුවිධාන කාර්යපටිපාටිය වරදවා වටහා ගැනීමක් වන බවයි.

                විනිසුරුවරුන් විසින් ප්රකාශ කරන ලද්දේ, අදාළ ප්රශ්නගත සිදුවීම පිළිබඳ නිරීක්ෂණය කිරීමේ දී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාගේ ස්ථාවරය සාධාරණ වන බවයි. එමෙන් ලෝකයේ වයස අවුරුදු 18 අඩු පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම පිළිබඳ ව්යවස්ථාපිත නොපවතින බව කිසිඳු සැකයකින් තොර පිළිගන්නා බව ඔවුහු වැඩිදුරටත් ප්රකාශ කළහ. එබැවින් බාලවයස්කරුවන් පිළිබඳ අපරාධමය නීති තත්ත්වය වෙනස් කළ යුතු බවත්, තුවාලු රජය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්වකරුවෙකු වන හෙයින් එහි සඳහන් අන්තර්ජාතික ප්රාමාණිකයන් තම රටට අදාළ කරගත යුතු අතර පිළිබඳ රජයට අවධාරණය කළ යුතු බවත් අධිකරණය විසින් ප්රකාශ කරන ලදී.

                තුවාලු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 80(1)(e) ව්යවස්ථාව  අනුව දඬුවම් ක්රියාත්මක කිරීමේ සම්පූර්ණ කොටස ප්රේෂණය කරන්නේ, ආණ්ඩුකාරවරයා සහ කැබිනට් මණ්ඩලය වන බවත් එය තම රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ යථාර්ථයක් බව පෙත්සම්කරු පිළිගත යුතු බවත් අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. මෙම ප්රතිපාදනයෙහි නිශේධනීය ලක්ෂණ පිළිබඳ ආණ්ඩුකාරවරයා සහ කැබිනට් මණ්ඩලය ස්වයංක්රීය අවධානය යොමු කළ යුතු බව විනිසුරුවරු ප්රකාශ කළහ. අධිකරණය අවසන් වශයෙන් ප්රකාශ කළේ, අන්තර්ජාතික විධිවිධාන කෙසේ වෙතත් රටේ පවතින නෛතික ව්යුහය අනුව පෙත්සම්කරුට අදාළ කරගත නොහැකි බවයි. අනුව අදාළ සහනය පෙත්සම්කරුට ලබා දිය නොහැකි බව තීරණය කරමින් අධිකරණය විසින් පෙත්සම නිෂ්ප්රභ කරන ලදී.

                මෙම නඩුතීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සමග නොගැළපෙන බවක් විශද වේ. එනම්, අධිකරණය විසින් මෙම සම්මුතියෙහි 37() ව්යවස්ථාව මෙයට අදාළ වන බව අධිකරණය පිළිගනු ලැබුව රටේ ව්යවස්ථාපිත නීතිය එයට ආවරණයක් වී ඇත. අනුව මෙම නඩුතීරණය මගින් විශද වන්නේ, මෙම සම්මුතියෙහි 37වන ව්යවස්ථාව හා 3වන ව්යවස්ථාව (දරුවාගේ උපරිම යහපත) උල්ලංඝණය කරඇති බවයි. දරුවාගේ උපරිම යහපත යන්න නිර්ණය කිරීමේ දී දරුවා යනු හුදෙක් වැඩිහිටියාගෙන් වෙනස් වන පුද්ගලයෙකු බව විශද කරන නීති තත්ත්වයක් රටේ ව්යවස්ථාපිත නීතිය තුළ තිබිය යුතුය. එබැවින් මෙහි දී රටේ ව්යවස්ථාපිත නීතිය හා ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි ප්රාමාණිකයන් හා ගැටීමක් ඇතිවන බව මනාව විද්යමාන වේ.




Costa Rica
State v. Navarrete 02-002448-0369-PE-(3)

බාලදරුවා ඉදිරියේ වැඩිමහලු දරුවන්ට පහර දීම සම්බන්ධයෙන් පියා චෝදනා ලබා සිටියේය. දරුවා තම අවසරයකින් තොර නිවසින් පිටවීම නිසා ඔහු බඳපටියකින් දරුවන්ට පහර දී තිබුණු අතර, පහර කෑමට ලක් වූ දරුවන් දවස් 10ක් අබාධිත තත්ත්වයට පත්විය. වින්දිත දරුවන්ගේ සහෝදරිය ප්රකාශ කළේ, ඇය නිවසට පැමිණෙන විට පියා තම සහෝදරයන් දෙදෙනාට පහර දුන් බවයි. ඉන්පසු ඇයට පහර දුන් බව ඇය ප්රකාශ කළාය. අපරාධ නඩුවිධාන සංග්රහයෙහි 142, 184, 361, 363, 367, 369 යන වගන්ති වගඋත්තරකරු විසින් කඩකර ඇති බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. නමුත් විත්තිකරුගේ පාර්ශ්වයෙහි තර්කය වූයේ, තම දරුවන් ඇතිදැඩි කිරීම සම්බන්ධ පරම බලය පියාට පවතින බවත්, ඔහුගේ භාරකාරත්වය යටතේ සිටින දරුවන්ගේ ආරක්ෂණය පිළිබඳ වගකීම ඔහු සතු වන බවත්ය. එමෙන් කොස්ටාරිකා පවුල් සංග්රහයෙහි 143වන වගන්තිය  ප්රකාර දරුවන් නිවැරදි මගට ගැනීමට තම අධිකාරී බලය භාවිත කළ බව වැඩිදුරටත් තර්ක කළේය. නමුත් අධිකරණය ප්රකාශ කළේ, දෙමාපිය අයිතිවාසිකම් සහ යුතුකම් හුවා දක්වමින් දරුවන්ට හිංසාකාරී දෑ සිදුකිරීමට ඉඩදිය නොහැකි බවයි.

            Rita Maxera මහත්මිය දැක්වූ අදහසක් විනිසුරුවරුන් විසින් මෙහි දී උපුටා දක්වන ලදී. “දෙමාපියන්ගේ ක්රියාකාරකම් දරුවන් සමග බද්ධ පැවැත්විය යුතු බවත් දෙමාපිය අධිකාරී බලය යන දේහය තුළ පිහිටා දරුවාගේ ආරක්ෂාව පිළිබඳ දෙමාපිය වගකීම ඉටුකිරීමේ දී දෙමාපියන් තම බලය භාවිතා කරන ආකාරය අනුව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවිය හැකි අතර එය යුක්තිසහගත නොවිය හැකිය” . අධිකරණය තවදුරටත් ප්රකාශ කළේ, කොස්ටාරිකා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙහි 51වන ව්යවස්ථාව ප්රකාර අනතුරට භාජනය විය හැකි පුද්ගලයන් පිළිබඳ රාජ් වගකීම පිළිබඳ දැක්වෙන බවත් දරුවන් එයට අයත් වන බවයි. එමෙන් මෙහි 55වන ව්යවස්ථාව තුළ මෙම අයිතිවාසිකම් නිරීක්ෂණය කිරීමට කොස්ටාරිකා නෛතික රාමුව තුළ ස්වාධීන ආයතන පිහිටුවා ඇති බව විනිසුරුවරුන් විසින් ප්රකාශ කරන ලදී. අනුව අධිකරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 19(1) ව්යවස්ථාව  පූර්ණ ලෙස ඉටුකර ඇති බව අධිකරණය දැක්වීය. එමෙන් මෙම සම්මුතියෙහි 19(2) ව්යවස්ථාව  අධිකරණය මෙහි දී උපුටා දැක්වීය.

            එමෙන් ළමා හා යෞවන සංග්රහයෙහි 24වන වගන්තිය ප්රකාර ළමයින්ට තමාගේ ආරක්ෂාව සහ ගරුත්වය පිළිබඳ අයිතියක් පවතින බව අධිකරණය දැක්වූ අතර තුළින් පවුල් සංග්රහයෙහි පවතින දෙමාපිය අධිකාරී බලය සීමාකාරී වන බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. විත්තිකරු බඳපටියෙන් දරුවන්ට පහර දීම කොස්ටාරිකා අපරාධ සංග්රහයෙහි 140වන වගන්තියට  අදාළ වන බවයි. ඊට අමතර ගෘහස්ථ ප්රචණ්ඩත්වය සම්බන්ධ 1996 අංක 7586 දරන චක්රලේඛනයෙහි 2(b) සහ 2(c) යන වගන්ති අනුව පියා විසින් තම දරුවන්ට ශාරීරික මෙන් මානසික පීඩාවක් සිදුකර ඇති බව අධිකරණය දැක්වීය.

            අනුව විත්තිකරු දෙමාපිය අධිකාරී බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් සාධාරණත්ව මූලධර්ම උල්ලංඝනය කර ඇති බවත් සියලු කරුණු සලකා බලන කල අදාළ වරදවල් සඳහා උපරිම දඬුවම වශයෙන් මොහු මාස තුනක කාලයක් සිරගත කිරීමට නියම කරන ලදී.

            මේ අනුව බලන කල මෙම නඩු තීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අභිනියෝජනය කළ නඩුතීරණයක් ලෙස දැක්විය හැකිය. මෙහි දී අධිකරණය ළමයාට එරෙහි සියලු ප්රචණ්ඩත්වයන් තුළින් දරුවා ආරක්ෂා කිරීමේ රාජ් වගකීම හුවා දක්වමින් දරුවා ගෘහස්ථ ප්රචණ්ඩත්වයට ලක් වූ විට පවා මෙම සම්මුතිය මගින් දරුවාට, ආරක්ෂණයක්, යුතුකමක් රටේ ව්යවස්ථාපිත නීතියට අමතර හිමිවන බව යථෝක්ත නඩුතීරණය තුළින් මනාව විශද කර ඇත.


Micronesia
STATE OF KOSRAE v. MIRAH D. NED  13 FSM Intrm. 351 (Kos. S. Ct. Tr. 2005)


Mirah Ned නම් දැරිය වයස අවුරුදු 15 තැනැත්තියකි. ඇය චෝදනා ලැබුවේ, පහරදීම, අඩන්තේට්ටම් කිරීම සහ පොදු ස්ථානයක අප්රසන්න ලෙස හැසිරීම යන වැරදිවලටය. KRJP, Rule 10.A වගන්තිය  අනුව ඇය සමාජසේවයෙහි යෙදවීම සුදුසු යැයි අධිකරණයේ මතය විය. අධිකරණය ප්රකාශ කළේ, වරදකාරී දරුවෙකුට දඬුවම් කිරීමට වඩා අවශ් වන්නේ, දරුවා නීතිගරුක පුද්ගලයෙකු බවට පත්කිරීම බවයි.

            පැමිණිලිකාර පාර්ශ්වයෙහි ප්රධාන තර්කයක් වූයේ, KRJP, Rule 10.A වගන්තිය අදාළ චූදිතයාට එරෙහි ක්රියාත්මක කිරීමට නම් එය නීතිපති කාර්යාලයෙන් සහ පොදුජන ආරක්ෂාව පිළිබඳ කාර්යාලයෙන් අනුමත විය යුතු බවයි. නමුත් අධිකරණයෙහි තර්කය වූයේ, මෙම KRJP, Rule 10. A වගන්තිය නඩුතීරණයෙහි සංරචක සුපෝෂණය කිරීමට උපකාරී වන බවයි. පැමිණිලිකාර පාර්ශ්වය ප්රකාශ කළේ, චූදිතයා සමාජසේවයෙහි යෙදවීම තුළ ඇතැම් විට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උල්ලංඝණය විය හැකි බවයි. එහි දී අධිකරණය පිළිබඳ පුළුල් විග්රහ කරන ලදී. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 37වන ව්යවස්ථාව සහ 40වන ව්යවස්ථාව ඍජුව අදාළ වන බව දැක්වීය. රටෙහි ව්යවස්ථාපිත නීතිය අනුව යමින් චූදිතදැරියට සිරගත කිරීමක් වැනි දඬුවමක් දිය හැකි වුවද එසේ නොකර ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 37වන ව්යවස්ථාව සහ 40වන ව්යවස්ථාව අනුව යමින් ළමයා සමාජසේවයෙහි යෙදවීමෙන් ඇයගේ උපරිම යහපත ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 3වන ව්යවස්ථාව අනුව සැලසෙන බව අධිකරණය ප්රකාශ කළේය. එබැවින් දරුවා සමාජසේවයේ යෙදවීම වැනි දඬුවමක් කිසිසේත් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට නොගැළපෙන බව කිවනොහැකි බව විනිසුරුවරු ප්රකාශ කළහ. මෙසේ සිදුකිරීම තුළ දරුවාට අනුශාසකත්වයක්, අධ්යාපනයක් සහ රැකියා පුහුණුවක් ලැබෙන බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී.

            අනුව අදාළ සිද්ධිමය කාරණා ප්රකාර පහරදීම සහ අඩන්තේට්ටම් කිරීම සාහසික අපරාධ ලෙස හඳුනාගත හැකි නමුත් විත්තිකරු බාලවයස්කාරියක් හෙයින් ඇයගේ අර්ථලාභය පිණිස රඳවා තැබීමේ දඬුවමක් නියම නොකරන බවටත්, සෙනසුරාදා දින 04ක් දිනකට පැය 06 බැගින් පැය 24 සමාජසේවාවක් සිදුකළ යුතු බවටත් එය අධීක්ෂණයට විත්තිකරුවන්ගේ ප්රජා මධ්යස්ථානය පත්කරන බවටත් අධිකරණය තීරණය කරන ලදී.

            මෙය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට මනාව ගැළපෙන නඩුතීරණයකි’. මෙහි දී විනිසුරුවරුන් විසින් Judicial hunt (විනිසුරු දඩයම) යොදාගනිමින් දැරියගේ උපරිම යහපත උදෙසා ක්රියාකළ අකාරය මනාව විශද වේ. හැරුණු විට ළමා අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීමෙන් ලැබෙන අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී මෙම නඩුතීරණය මනා පූර්වාදර්ශයක් සපයන බව පැහැදිලි වන කරුණකි.


Samoa
THE POLICE  v.  EFUTUPOU PULEMAGAFA FAIGA [2008] WSSC 96 (19 November 2008)

විත්තිකරු වයස අවුරුදු 31ක් වයස පුද්ගලයෙකි. මොහුට 08හැවිරිදි ගැහැනු දරුවෙකුට අශෝභන ලෙස අඩන්තේට්ටම් කිරීමක් සම්බන්ධ චෝදනා ගොනුකර තිබුණි. විත්තිකරු තම දේපළක ඇවිදිමින් සිටින අතරතුර වින්දිත දැරියට මොහු අඬගැසූ අතර ඇය ඔහු සමග ගියාය. ඉන්පසු ඇය ඔහු අතින් ඉතා කෲර ලෙස අපයෝජනයට ලක්විය. අධිකරණයේ දී සාක්ෂි විමසීමේ දී චූදිතයා කළ සියලු දේ ඇය හෙළි කළාය. මෙහි දී දැරියගේ මවගේ සාක්ෂි විමසීමේ දී දැරිය මෙම සිදුවීමෙන් පසු නිවසින් පිටතට යෑම ප්රතික්ෂේප කළ බවත් ඇය නිතරම බියෙන් පසු වූ බවත් අනාවරණය විය.

            අධිකරණය ප්රකාශ කළේ, මෙම සිදුවීම මාධ්යයෙන් ප්රකාශ කරන විට නම්ගම් ආදිය සඳහන් නොකර ප්රචාරය කළ යුතු බවත්, එසේ නම්ගම් දැමීමෙන් දැරියගේ උපරිම යහපතට බධාවක් වන බවත්ය. සැමෝවා රාජ්යය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්යයක් බවත් එහි පූර්විකාවෙහි 07වන ඡේදයෙහි  සඳහන් ආකාරයට කටයුතු කිරීම රාජ්යයේ වගකීමක් බවත් අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. එමෙන් අධිකරණය මෙහි දී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 19(1)වන ව්යවස්ථාව සහ 34වන ව්යවස්ථාව  මෙයට අදාළ වන බව ප්රකාශ කළේය. එමෙන් Attorney General v. Maumasi උපුටා දක්වමින් අධිකරණය ප්රකාශ කළේ, දරුවන් පිළිබඳ ප්රශ්නගත අවස්ථාවන්වල දී සියලු සැමෝවා අධිකරණ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සැලකිල්ලට භාජනය කළ යුතු බවයි.

            චූදිතයා තරුණ පවුලක් වන බැවින් ඔහු දීර්ඝ කාලයක් සිරගත කරතැබීමෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් පීඩාවට පත්විය හැකි බැවින් දඬුවම ලිහිල් කරන ලෙස චූදිතයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා විසින් ප්රකාශ කරන ලදී. සැමෝවා ව්යවස්ථාපිත නීතිය අනුව අදාළ වරදට උපරිම දඬුවම වසර 07ක් බවත්, එම දඬුවම දීමට තමා බැඳී සිටින බවත් විනිසුරුවරු ප්රකාශ කළහ. එමෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 19(1) සහ 34වන ව්යවස්ථාවන් අනුව ළමයින්ට එරෙහි ලිංගික අපයෝජනයන් සම්බන්ධ අදාළ උපරිම ක්රියාමාර්ග ගැනීමට සැමෝවා රාජ්යය බැඳී සිටින බවත් අධිකරණය ප්රකාශ කළේය. චූදිතයා දැරිය උපායසහගත පාළු ස්ථානයකට රැගෙන ගොස් අපයෝජනයට ලක්කිරීම තුළින් ඔහුගේ සාපරාධී චේතනාව මනාව විශද වන බව විනිසුරුවරුන් විසින් ප්රකාශ කරන ලදී.
            Police v. Kome නඩුවේ  දී අවුරුදු 17ක් වයස විත්තිකරුට සත්හැවිරිදි දැරියකට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධ වසර දෙකහමාරක දඬුවමක් වයස්භේදයකින් තොර ලබා දුන් බව අධිකරණය මෙහි දී දැක්වීය. එබැවින් චූදිතයාගේ දඬුවම ලිහිල් කිරීමේ අවශ්යතාවයක් නොමැති බව නෙල්සන් විනිසුරුවරයා විසින් ප්රකාශ කරන ලදී. නමුත් ලිහිල් කිරීමේ සාධක අනුව චූදිතයාගේ සිරදඬුවම වසර එකහමාරකින් අඩුකර වසර 03 සිරදඬුවමකට යටත් කරනු ලැබීය.

            මෙම නඩුතීරණයේ දී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි ප්රතිපාදන රැසක් ග්රහණය කර දරුවා සම්බන්ධ අන්තර්ජාතික ප්රාමාණිකයන් රටේ ව්යවස්ථාපිත නීතිය අනුව කෙසේ අර්ථ නිරූපණය කළ යුතුද යන්න මනාව දක්වා තිබේ. කෙසේ වෙතත් අවසානයේ දී අධිකරණය චූදිතයාගේ වරදට සාපේක්ෂ දඬුවම අඩුවෙන් නිර්ණය කළ බවක් විශද වේ. එනම්, දරුවාගේ උපරිම යහපත සුරැකීමට අදාළ චූදිතයාට රටේ ව්යවස්ථාපිත නීතිය අනුව අදාළ වරදට උපරිම දඬුවම වන වසර 07 සිරදඬුවම ලබා දිය යුතුව තිබුණි. අධිකරණය අන්තර්ජාතික ප්රාමාණිකයන්ට ගරු කළ මෙසේ දඬුවම් නියම කිරීම තුළ දරුවන් සම්බන්ධ ලිංගික අපයෝජන අවදානම වැඩි වී දරුවාගේ උපරිම යහපතට තර්ජනයක් විය හැකිය.

Namibia
JESSICA THUDINYANE v. ALBINUS INDILA EDWARD  SA 17/2005

පූර්ව නඩුතීරණයේ දී පියා විසින් දරුවාගේ ප්රවේශය තමා වෙත ලබා ගැනීමේ අරමුණින් මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරන ලදී. අදාළ දරුවා උපත ලබා තිබුණේ අවිවාහජ දරුවෙකු වශයෙනි. නමුත් දරුවාගේ මව පියාගේ පෙත්සමට විරුද්ධ වෙමින් පවසා සිටියේ, වසර 04කින් පියා දරුවා බැලීමට නොපැමිණි බැවින් වර්තමානයේ දරුවා ඔහුගේ සුළුපියාට හොඳින් හුරු වී ඇති බවයි. කෙසේ වෙතත් මහාධිකරණය පියාට දරුවාට ප්රවේශ වීමේ අයිතිය ලබා දුන්නේය. මව මෙම තීරණයට විරුද්ධ අභියාචනයක් ගොනු කරමින් පවසා සිටියේ පූර්ව නඩුතීරණය දරුවාගේ උපරිම යහපතට පටහැනි වන බවයි. මෙහි දී වගඋත්තරකාර පාර්ශ්වයෙහි ප්රධාන තර්කයක් වූයේනැමීබියානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 15(1) අනුව්යවස්ථාව  අනුව දරුවාගේ උපරිම යහපත සංස්ථාපනය කිරීමේ දී දරුවා ඔහුගේ ස්වභාවික පියා දැනගත යුතු අතර, දරුවාට ඔහුගේ රැකවරණය හිමිවිය යුතු බවයි.

            දරුවාගේ ස්වභාවික පියා වශයෙන් වගඋත්තරකරුව පෙත්සම්කාරිය පිළිගත්ත ඇය ප්රකාශ කරසිටියේ, වගඋත්තරකරු දරුවාට ආගන්තුකයෙක් පමණක් වන බවයි. අධිකරණය අභියාචකගේ බැංකුවාර්තා පරික්ෂා කළ අතර වගඋත්තරකරු ඇයට නඩත්තු ගෙවා ඇති බව තුළින් ඔප්පු විය. 2002 මැයි 21 දරන ලිපිය මගින් වගඋත්තරකරු අභියාචක වන මවගෙන් ඉල්ලා සිටියේ සෑම සතිඅන්තයකම දරුවාට ප්රවේශවීමේ අයිතිය ලබා දෙන ලෙසය. මව එය ප්රතික්ෂේප කළ බව වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයා දැක්වීය. අතරතුර මව වෙනත් විවාහයක් කරගත් බව වගඋත්තරකරු ප්රකාශ කළේය. අධිකරණය මේ පිළිබඳ ළමයින් පිළිබඳ විශේෂඥයන්ගෙන් විමසූ අතර ඔවුන් ප්රකාශ කළේ, ස්වභාවික පියාගේ ප්රවේශය දරුවාගේ උපරිම යහපතට හේතු වන බවයි. එමෙන් පෙර නඩුතීන්දුවේ දී ඩග නඩුතීරණය  උපුටා දක්වමින් දරුවාට ස්වභාවික පියාගේ ප්රවේශය අත්යවශ් බව දක්වා ඇති ආකාරය අධිකරණය පෙන්වා දුන්නේය.

            පියා පූර්ව නඩුතීරණය පරිදි දරුවාට නඩත්තු මුදල් ගෙවීම තුළ ඔහු දරුවාගේ උපරිම යහපත සැලැස්වීමට සමත් බව පෙනී යන බවයි. නමුත් අභියාචක පාර්ශ්වයේ නීතිඥවරයා තර්ක කළේ, පූර්ව නඩුවේ දී ළමා විශේෂඥයන් දරුවාගේ උපරිම යහපත වාචික සාක්ෂි මත පමණක් දැක්වූ බවත් ළමයාගේ උපරිම යහපත යනු කුමක්ද යන්න නොදැක්වූ බවත්ය. එමෙන් නැමීබියානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 144වන ව්යවස්ථාව  යටතේ පරිපූරක නීතියක් වශයෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යොදාගත යුතු බව දෙපාර්ශ්වයේ නීතිඥයන් විසින් පවසා සිටින ලදී.

            ළමයාගේ ප්රවේශය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ළමයාගේ උපරිම යහපත යන්න පුළුල් සාකච්ඡා කළ යුතු බව අධිකරණය ප්රකාශ කළේය. එමෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 7(1) ව්යවස්ථාව  සහ 7(2) ව්යවස්ථාව  අණ්ඩුක්රම ව්යවස්ථාවේ 15(1) අනුව්යවස්ථාවට සමාන බව අධිකරණය දැක්වීය. එහි පූර්විකාවේ පස්වන ඡේදය  ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14(3) අනුව්යවස්ථාවට සමාන බව අධිකරණය දැක්වීය. අනුව ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි ප්රාමාණිකයන් රටේ ව්යවස්ථාපිත නීතියට බද්ධ පවතින බවත්ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි ප්රාමාණිකයන් එලෙස ඉටුකිරීමට නැමීබියාව බැඳී පවතින බවත් අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. මෙහි දී අධිකරණය ඩග නඩුතීරණය  උපුටා දක්වමින් ප්රකාශ කළේ, අදාළ ගැටුම ඇතිවීමට හේතුව සොයා බැලිය යුතු බවත් සඳහා එක් එක් පාර්ශ්වයන්ගෙන් වාචික සාක්ෂි ලබාගත යුතු බවත් ළමයාගේ උපරිම යහපත යන්න කඩදාසියකට පමණක් සීමානොවන බවත්ය.

            මේ වන විට දරුවා නවජීවිතයකට හුරු වී ඇති බැවින් නැවත ස්වභාවික පියාගේ ප්රවේශය ලැබීම දරුවාගේ උපරිම යහපතට බාධාවක් විය හැකි බව අභියාචක පාර්ශ්වය විසින් තර්ක කරන ලදී. මෙහි දී  ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 9(3) ව්යවස්ථාව  මෙයට ඍජුව අදාළ වන බව අධිකරණයේ මතය විය. දරුවාගේ ස්වභාවික පියාගේ ප්රවේශය දරුවාට කොපමණ දුරට අවශ් යන්න අධිකරණය තීරණය කරන බවත්, දරුවාගේ උපරිම යහපතට මවගේ ප්රවේශය අත්යවශ් වන බවත් අධිකරණය තීරණය කරන ලදී.


            මෙම නඩුතීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි ප්රාමාණිකයන් එලෙස ඉටුකළ නඩුතීරණයක් ලෙස දැක්විය හැකිය. එනම්, නැමීබියානු අධිකරණය මෙම සම්මුතියෙහි පවත්නා ප්රතිපාදන සහ රටේ මූලික උත්තරීතර නීතිය වන ආණ්ඩුක්රම ව්යවස්ථාවෙහි ප්රතිපාදන හා සමවාය වන්නේ කෙසේ යන්න පිළිබඳ වැදගත් අර්ථවිග්රහයක් සිදුකර ඇත. කෙසේ නමුත් මෙම සම්මුතියෙහි 12(1) ව්යවස්ථාව  අනුව ළමයාගේ නිදහසට ගරුකර ඔහුගේ අදහස් විමසා සිටියේ නම් ඔහුගේ සහභාගීත්වයේ අයිතිය තහවුරු වී නඩුතීරණය වඩාත් අර්ථාන්විත වනු ඇති බව මනාව ගම්යමාන වේ.


From- Saranga Bandara Senevirathna


මෙම බ්ලොග් අඩවිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් දක්වන්න