Wednesday, February 3, 2016
THE CURRENT SRI LANKAN LAW RELATING TO ARREST OF SUSPECTS
Ø
The current Sri Lankan law relating to arrest of
suspects is aligned with the fundamental principles and standards adopted by
international treaties regarding to the protection of rights of suspects, But is
it true?
Ø An arrest is the act of depriving a person of
their liberty usually in relation to the
purported investigation or prevention of crime and
presenting (the arrestee) to a procedure as part of the criminal justice
system.
Ø Prof.
G.L. Peries said, “An arrest generally made upon a warrant”.
Ø Who is the suspect?
A person thought to
be guilty of a crime or offence.
Ø
Sri
Lankan Courts widely interpreted term of “arrest”
·
Namasivayam v. Gunawardhana (1989) 1
Sri L. R. 398
“The
use of force to arrest a suspect is unnecessary and is simply enough to obey a
police officer’s rising”.
·
Sirisena v. Perera (1991) 2 Sri L.
R. 97
“In
the criminal offense and the person who did not go to his freedom of movement
and obstruction by the police if it is to be arrested before the law”.
Ø
The
relevant provisions regarding an arrest in Sri Lanka
·
Article
13(1) of the 1978 Sri Lankan constitution
·
Section
23 to section 43 of the Code of Criminal Procedure No. 15 of 1979
·
Section
65 of the Police Ordinance No. 16 of 1865
·
Section
6 of The Prevention of Terrorism (Temporary Provisions) Act No. 48 of 1979
·
The
Public Security Ordinance No. 25 of 1947
·
Regulation
no. 2(1) of the Prevention of Terrorism Regulations 2011 of No. 4
Ø
According
to the codified law how to arrest a suspect in Sri Lanka?
·
Article
13(1) of the 1978 Sri Lankan constitution – “No person shall be arrested except
according to procedure established by law. Any person arrested shall be
informed of the reason for his arrest”.
·
Section
23 of the Code of Criminal Procedure No. 15 of 1979
23(1)-
“In making an arrest the person making the same shall actually touch of confine
the body of the person to be arrested unless there be a submission to the
custody by word or action and shall inform the person to be arrested of the
nature of the charge for allegation upon which he is arrested”.
23(2)-
“If such person forcibly resists the endeavor to arrest him or attempts to
evade the arrest, the person matting the arrest may use such means as are
reasonably necessary to effect the arrest”.
23(3)-
“Anything in this section shall not give a right to cause the death of person
who is not accused of an offence punishable with death”.
Ø Arresting a suspect without a
warrant Article 32(1) mentioned few restrictions. There are;
·
Who
in his presence commits any breach of peace
·
Who
has been concerned in any cognizable offence or against who a reasonable
complaint has been made or credible information has been received or a
reasonable suspicion exists of his having been so concerned etc.
·
In
Muththusami v. Kannangara 52 NLR 327, Coreya v. Queen
55 NLR 457 and Sanjeeva v. Suraweera (2003) Sri L.R. 314 the
court was emphasized this restrictions.
Ø What are the fundamental
principles and standards adopted by international treaties regarding to the
protection of rights of suspects in Sri Lanka?
· International Covenant on Civil
and Political Rights
Article 9 emphasized,
1). Everyone has the right to
liberty and security of person. No one shall be subjected to arbitrary arrest
or detention. No one shall be deprived of his liberty except on such grounds
and in accordance with such procedure as are established by law.
2). Anyone who is arrested shall
be informed, at the time of arrest, of the reasons for his arrest and shall be
promptly informed of any charges against him.
3). Anyone arrested or detained
on a criminal charge shall be brought promptly before a judge or other officer
authorized by law to exercise judicial power and shall be entitled to trial
within a reasonable time or to release. It shall not be the general rule that
persons awaiting trial shall be detained in custody, but release may be subject
to guarantees to appear for trial, at any other stage of the judicial
proceedings, and, should occasion arise, for execution of the judgment.
4). Anyone who is deprived of his
liberty by arrest or detention shall be entitled to take proceedings before a
court, in order that that court may decide without delay on the lawfulness of
his detention and order his release if the detention is not lawful.
5). Anyone who has been the
victim of unlawful arrest or detention shall have an enforceable right to
compensation.
Ø Universal Declaration of Human
Rights (UDHR)
·
Article
9 emphasized, “No one shall be subject to arbitrary arrest, detention or exile”
Ø Convention against Torture and
Other Cruel, Inhuman or Degrading Treatment or Punishment (CAT)
·
Article
10(1) emphasized, “Each State Party shall ensure that education and information
regarding the prohibition against torture are fully included in the training of
law enforcement personnel, civil or military, medical personnel, public
officials and other persons who may be involved in the custody, interrogation
or treatment of any individual subjected to any form of arrest, detention or
imprisonment”
But …
This is not enough for
protection of rights of arrested suspects
Because…
Ø Section
6(a) of The Prevention of Terrorism (Temporary Provisions) Act No. 48 of 1979 says
Any police officer not below the rank of Superintendent or any other police
officer not below the rank of Sub-Inspector authorized in writing by him in
that behalf may, without a warrant and with or without assistance and
notwithstanding anything in any other law to the contrary -
Arrest any person;
AND;
Ø According
to the Regulation no. 4 of the Prevention of Terrorism Regulations 2011
restrict arrested suspects rights and powers of magistrate.
So above regulation is
unsuitable with Articles 9 and 14 of ICCPR
Conclusion
Ø The
current Sri Lankan law adopted many international treaties and standards.
Ø But
some statutes and regulations are unsuitable with those international
standards.
Ø Because
those regulations are overlap with our code of criminal procedure.
Ø We
can precedent European Convention on the Transfer of Proceedings in Criminal
Matters Article 27 to developing our law.
Ø So
we think the current Sri Lankan law relating to arrest of suspects is aligned
with the fundamental principles and standards adopted by international treaties
regarding to the protection of rights of suspects. But it is not sufficient.
FROM - Suranga Bandara Senevirathna
Saranga Bandara Senevirathna
ව්යවස්ථා අර්ථනිරූපණයේ දී බාහිර ආධාරකයක් වශයෙන් හැන්සාර්ඞ් භාවිතය වර්ධනය වූ ආකාරය- ලංකාව සහ එක්සත් රාජධානිය ඇසුරින් විමර්ශනයක්
“සියලුම ආකාරයේ අර්ථනිරූපණයන්හි අරමුණ වන්නේ, පාර්ලිමේන්තුවේ චේතනාව අනාවරණය කරගැනීමය. ඒ අනුව බොහෝ විට පාර්ලිමේන්තුවෙහි චේතනාව ගවේෂණය කරන සාමාන්‍ය
ක්රමවේදය
වන්නේ, පනත තුළින් ම අදාළ ව්යවස්ථාදායකයෙහි
චේතනාව සෙවීමය (Contextual
Interpretation). නමුත්
අදාළ පනත තුළ පවත්නා වදන්වලින් අපැහැදිලි අරුත් ගෙන දෙයි නම් හෝ උභයාර්ථ ගෙන දෙයි නම් හෝ බහුඅර්ථ ගෙන දෙයි නම් හෝ හාස්යජනක
අරුතක් ගෙන දෙන සංකීර්ණ ස්වභාවයක් පවතී නම් එවන් ව්යවස්ථාවන්
අර්ථනිරූපණයේ දී අධිකරණය බාහිර ආධාරක අධ්යයනයට
යොමු වේ (Informed
Interpretation)”.
- Howard
Davis-
උක්ත ප්රකාශය
අනුව අධිකරණය හමුවේ යම් ව්යවස්ථාවක්
අර්ථනිරූපණය කිරීම ගැටලු සහගත වූ විට පාර්ලිමේන්තුවෙහි චේතනාව ගවේෂණය කිරීම උදෙසා පරිබාහිර සන්දර්භයන් කෙරෙහි අධිකරණයෙහි අවධානය යොමු විය යුතු බව හැඟවේ. William නම්
නීතිවේදියාගේ අදහස වන්නේ, පසුගිය වසර 100ක පමණ කාලය තුළ ලොව පුරා බොහෝ අධිකරණ කලාපයන් මේ සඳහා යොමු වෙමින් පැවති බවත්, නමුත් තවමත් ඔවුන් එහි කූඨප්රාප්තිය
කරා ළඟා වී නොමැති බවත්ය. ඒ අනුව මෙම වාර්තාව පදනම් වන්නේ, ව්යවස්ථාවක්
අර්ථනිරූපණයේ දී පාර්ලිමේන්තුවෙහි චේතනාව ගවේෂණය කිරීම උදෙසා බාහිර ආධාරකයක් වශයෙන් හැන්සාර්ඞ් වාර්තාවන්හි උපයෝගීතාව සම්බන්ධයෙනි. එසේ හෙයින් මෙම වාර්තාව තුළ මූලික ඉඩක් වෙන් කොට ඇත්තේ, ශ්රී
ලංකාවෙහි සහ එක්සත් රාජධානියෙහි නීති තත්ත්වයන් අධ්යයනය
කිරීම උදෙසාය. මෙහි දී ප්රමුඛ
වශයෙන්ම එක්සත් රාජධානියෙහි සහ ශ්රී
ලංකාවෙහි ව්යවස්ථා
අර්ථනිරූපණයේ දී බාහිර ආධාරකයක් ලෙස හැන්සාර්ඞ් වාර්තා භාවිතය වර්ධනය වූ ආකාරයත් ශ්රී
ලංකාවේ හැන්සාර්ඞ් වාර්තා භාවිතය සම්බන්ධ ව පැවති පරිචය සහ පවත්නා පරිචය මෙන් ම ඒ සඳහා පවත්නා අභියෝගයන් පිළිබඳ ව සාකච්ඡා කිරීමටත් මෙමගින් අපේක්ෂිතය. ඊට අමතර ව මෙම වාර්තාවෙහි ප්රමුඛ
අභිප්රේතය
වන්නේ, ලංකාවේ හැන්සාර්ඞ් වාර්තා භාවිතය සම්බන්ධයෙන් පවත්නා විභවය හඳුනාගැනීම සහ එකී යාන්ත්රණය
අර්ථාන්විත මෙන් ම කාර්යක්ෂම කිරීම උදෙසා අවශ්‍ය
නිර්දේශයන් ඉදිරිපත් කිරීමය.
ව්යවස්ථා අර්ථනිරූපණයේ දී බාහිර ආධාරකයක් ලෙස හැන්සාර්ඞ් වාර්තාවන්හි භාවිතය වර්ධනය වූ ආකාරය
මෙහි දී අදාළ විෂය ක්ෂේත්රය
සම්බන්ධ ව අධිකාරීත්වමය බලයක් දරන නඩුතීරණයක් වන Pepper
(Inspector of Taxes) v. Hart
[1993] 1 All E R 42 – House of Lords යන
නඩුතීරණය මැදිකොට ගෙන ඊට පෙර සහ පසු ව එක්සත් රාජධානියෙහි සහ ශ්රී
ලංකාවෙහි පැවති තත්ත්වය විග්රහ
කරබැලීම වැදගත් වේ.
Pepper
(Inspector of Taxes) v. Hart නඩුතීරණයට පූර්වයෙන් එක්සත් රාජධානියෙහි අධිකරණයන් හැන්සාර්ඞ් භාවිතය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රවේශය
Mathiba v. Moschke [1920] AD
354 නඩුතීරණයේ දී අධිකරණය විසින් ප්රකාශ කරන ලද්දේ, පනතක් සම්බන්ධ ව ගැටලුවක් මතු වූ විට ව්යවස්ථාදායකය තුළ ඇතිවන වාදවිවාදවල ආලෝකයෙන් පනතක් අර්ථනිරූපණය නොකළ යුතු බවත් එසේ අර්ථනිරූපණය කරන්නේ නම්, එය ව්යවස්ථා අර්ථනිරූපණය හා සම්බන්ධ සියලු සිද්ධාන්තයන්ට පටහැනි වන බවත්ය. ඒ අනුව එක්සත් රාජධානිය තුළ Pepper (Inspector of Taxes) v. Hart යන නඩුතීරණයට පූර්වයෙන් පැවතියේ, ව්යවස්ථා අර්ථනිරූපණය කෙරෙහි බාහිර ආධාරකයක් ලෙස පාර්ලිමේන්තු වාදවිවාද හෙවත් හැන්සාර්ඞ් වාර්තා යොදා නොගත යුතුය යන ප්රවේශයයි. එබැවින් මුල්කාලීන ව එක්සත් රාජධානියෙහි අධිකරණයන් ව්යවස්ථා අර්ථනිරූපණයේ දී බොහෝවිට අනුගමනය කරඇත්තේ, හැන්සාර්ඞ් වාර්තා බැහැර කිරීමේ රීතියකි (Exclutionary Rule). ඊට අමතර Beswick v. Beswick [1968] AC
58 නඩුතීරණයේ දී Ried සාමිවරයා ප්රකාශ කළේ, ප්රායෝගික හේතූන් මත ව්යවස්ථා අර්ථනිරූපණය උදෙසා හැන්සාර්ඞ් වාර්තා උපයෝගී කරනොගත යුතු බවයි. නමුත් Ried සාමිවරයා විසින් මෙම නඩුවේ දී කළ ප්රකාශය ඔහු විසින් ම විනිශ්චය කරන ලද R v. Warner [1968] 2 WLR 1303 නඩුතීරණයේ දී වෙනස් ලෙස දක්වා ඇත. එනම්, එහි දී ඔහු ප්රකාශ කළේ, පාර්ලිමේන්තු විවාද ගවේෂණය නොකිරීම තුළ වගඋත්තරකාර පාර්ශ්වයට විත්තිවාචකයක් සපයන බවත් ඒ අනුව හැකි ඉක්මණින් යුක්තිය ඉටුකිරීම සඳහා එක් මාර්ගයක් හෝ මාර්ග කිහිපයක් පවතින විට යුක්තිය ඉටුකිරීම සඳහා එකී සියලු මාර්ග භාවිතා කළ යුතු බවත්ය. ඒ හැරුණු විට Davis v. Johnson [1979] AC
264 at 350 නඩුතීරණයේ දී Scarman සාමිවරයා හැන්සාර්ඞ් වාර්තා ප්රතික්ෂේප කළ අතර ඔහු එයට හේතූන් ද දැක්වීය. ඔහු ප්රකාශ කළේ, හැන්සාර්ඞ් වාර්තාවන් යනු, ව්යවස්ථාදායකයෙහි චේතනාව සොයා යෑමට විශ්වාස කළ හැකි ලේඛන නොවන බවත්, එය ව්යවස්ථාවෙහි අර්ථය තවදුරටත් ව්යාකූල කරවන බවත්ය. එමෙන් ම මෙහි දී Viscount Dilhorne සාමිවරයා ප්රකාශ කළේ, අර්ථනිරූපණයේ දී විනිසුරුවරුන් විසින් අධිකරණ කාර්යයන් සඳහා හැන්සාර්ඞ් වාර්තා යොදාගැනීම සාවද්‍ය සහගත බවත් නීති උපදේශකයන්ට ද එකී රීතිය අදාළ වන බවත්ය. එමෙන් ම මෙහි දී Kilbrandon සාමිවරයා ද අර්ථනිරූපණ කාර්යයේ දී බාහිර ආධාරකයක් වශයෙන් හැන්සාර්ඞ් වාර්තා යොදාගැනීමට අකමැති විය. Scarman සාමිවරයා විසින් කරන ලද කරුණු දැක්වීම Renton කමිටු වාර්තාව තුළ ද දක්වා ඇත. එනම්, බාහිර අධාරක ලෙස හැන්සාර්ඞ් යොදා ගැනීමේ දී යම් ගැටලුවක් පවතින බවය. පාර්ලිමේන්තුවෙහි මන්ත්රීවරුන් අදාළ ව්යවස්ථාව පිළිබඳ ව සාකච්ඡා කරනුයේ, සිය දේශපාලන දර්ශනය අනුවය. එබැවින් පනත පැනවීමෙහි අරමුණ හැන්සාර්ඞ් මගින් සෙවීම දුෂ්කර බව එහි දක්වා ඇත (Report of The Renton
Committee on the Preparation of Legislation (1975), p. 56, para. 10.1).
R v. Local Commissioner for Administration
[1979] QB 287 නඩුතීරණයේ දී Denning සාමිවරයා විසින් මහාචාර්ය වේඞ් විසින් පරිපාලන නීතිය සඳහා ලියන ලද පාඨග්රන්ථයක සඳහන් හැන්සාර්ඞ් කොටසක් නඩුතීරණය සඳහා උපුටාගෙන ඇත. මෙය හැන්සාර්ඞ් බැහැර කිරීමේ රීතිය යම්තාක් දුරකට යටපත් වී විනිසුරුවරයා Judicial hunt
අනුව යමින් තත්ත්වාකාරවාදී අදහස් ඉස්මතු කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. එය Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයට පෙර ස්වයංක්‍රීය ව ම හැන්සාර්ඞ්
බැහැර කිරීමේ රීතිය ලිහිල් වූ අවස්ථාවකි. නමුත් Benion
නම් නීතිවේදියා විසින් මෙය විවේචනය කර ඇත. එනම්, ඔහු දක්වන්නේ, මෙය හැන්සාර්ඞ් බැහැර
කිරීමේ රීතියට විසුළු සහගත අර්ථයක් දුන් එක් අවස්ථාවක් ලෙසයි. ඒ හැරුණු විට Hadmor Production Ltd. v. Hamilton [1983] 1 AC 191 නඩුතීරණයේ
දී හැන්සාර්ඞ් වාර්තාවන් ව්‍යවස්ථාවක් අර්ථනිරූපණයේ දී තවදුරටත් යොදා නොගත යුතුය යන
මතය අනුමත කරන ලදී. තවද, Doncaster Brough Council v. Secretary of State for the Environment [Cort of Appeal, Civil Division, 21st December 1992]- Unreported නඩුතීරණයේ දී අධිකරණය ප්රකාශ කළේ, ඇතැම් පනත් කෙටුම්පත්
සම්බන්ධ විවාදයන්හි දී බොහෝ මන්ත්‍රීවරු පනත් කෙටුම්පත අධ්‍යයනයකින් තොර ව විවාද කරන
හෙයින් හැන්සාර්ඞ්වල විශ්වසනීයභාවය ප්‍රශ්නගත වන බවයි. නමුත් මෙහි දී Simon Brown සාමිවරයා 1990 Town and Country Planinig Act හි 172 :4 (c) වගන්තියෙහි අර්ථය ගැටලුසහගත වූ විට හැන්සාර්ඞ් උපුටාගෙන
ව්‍යවස්ථාදායකයෙහි චේතනාව සෙවීය. ඒ අනුව මෙම නඩුතීරණය Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයට පෙර හැන්සාර්ඞ් වාර්තාවන්
ව්‍යවස්ථා අර්ථනිරූපණය උදෙසා බාහිර ආධාරකයක් වශයෙන් යොදාගත් තවත් එක් අවස්ථාවකි.
එමෙන් ම අයර්ලන්තයෙහි පහළ අධිකරණයන්
තුළ 19 වන සියවසේ දී හැන්සාර්ඞ් බැහැර කිරීමේ රීතිය ලිහිල් කිරීම සඳහා යම්තාක් දුරට
ප්‍රයත්නයන් දරා ඇත. නමුත් Wavin Pipes Ltd. v. Hepworth Iron Co. Ltd. [1982] F.S.R. 32
නඩුතීරණයේ දී සහ Rowe v. Law [1978] I.R. 55 නඩුතීරණයේ දී අයර්ලන්ත උපරිමාධිකරණයන්
උත්සාහ කර ඇත්තේ, හැන්සාර්ඞ් වාර්තා බැහැර කිරීමේ රීතිය අනම්‍ය ලෙස භාවිත කිරීම උදෙසාය.
මේ අනුව බලන විට ගම්‍ය වන්නේ, 19වන ශතවර්ෂයෙහි සහ 20වන ශතවර්ෂයෙහි මුල්භාගය තුළ එක්සත්
රාජධානිය බොහෝ දුරට අනුගමනය කරඇත්තේ, හැන්සාර්ඞ් බැහැර කිරීමේ රීතියයි.
Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයට පූර්වයෙන් ශ්රී ලංකාවෙහි අධිකරණයන් හැන්සාර්ඞ් භාවිතය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රවේශය
Sirisena and Others v. Honorable H.S.R.B. Kobbekaduwa,
Minister of Agriculture and Lands (1974) 80 NLR 1 නඩුතීරණයේ දී 1972 අංක 18 දරන අර්ථනිරූපණ (සංශෝධන) පනතෙහි 24වන වගන්තියෙහි අර්ථය ප්රශ්නගත විය. ඒ අනුව මෙහි දී ගුණසේකර විනිසුරුතුමන් ප්රකාශ කළේ, හැන්සාර්ඞ් වාර්තා යොදාගැනීම අනවශ්‍ය බවය. වෛත්යලිංගම් විනිසුරුතුමන් ප්රකාශ කළේ, පනත තුළ පවතින අනර්ථය වැළැක්වීම උදෙසා පනත පැනවීමේ දී ව්යවස්ථාදායකයේ චේතනාව සෙවීමට හැන්සාර්ඞ් වාර්තා යොදාගැනීම අනවශ්‍ය බවයි. මෙහි දී ඉස්මයිල් විනිසුරුතුමන් විසින් ද මෙම මතය පිළිගන්නා ලදී. එමෙන් ම J.B. Textiles Industries Ltd. v. Minister of Finance and
Planning (1981) 2 Sri L.R. 238 නඩුතීරණයේ අභියාචනාධිකරණ තීරණයේ දී රණසිංහ විනිසුරුතුමන් ප්රකාශ කළේ, හැන්සාර්ඞ් වාර්තා යනු, අධිකරණයට වසා දමන ලද ග්රන්ථයක් බවත් එම නිසා එම වාර්තා ව්යවස්ථා අර්ථනිරූපණය සඳහා බාහිර ආධාරකයක් වශයෙන් යොදාගත නොහැකි බවත්ය. නමුත් J.B. Textiles Industries Ltd. v. Minister of Finance and
Planning (1981) 1 Sri L.R. 156 නඩුතීරණයේ ශ්රේෂඨාධිකරණ තීරණයෙහි දී සමරකෝන් විනිසුරුතුමන් ප්රකාශ කළේ, හැන්සාර්ඞ් වාර්තා යනු, පාර්ලිමේන්තුවෙහි නිල වශයෙන් මුද්රණය කරනු ලබන පොදු ලේඛනයන් බවත් එය පවත්වාගෙන යන්නේ මහජනයාගේ දැනුම්වත්භාවය උදෙසා වන බවත්ය. ඒ අනුව ව්යවස්ථා අර්ථනිරූපණයේ දී බාහිර ආධාරක වශයෙන් හැන්සාර්ඞ් යොදාගත හැකි බවත් ය. ඒ තුළින් පාර්ලිමේන්තු වරප්රසාද කඩ වේ යැයි පැවසීම අසාධාරණ බවට ඔහු වැඩිදුරටත් දැක්වීය. මීට අමතර ව යථෝක්ත කරුණ Manawadu v. Attorney General (1987)
2 Sri L.R. 30 නඩුතීරණය තුළින් ද විශද වේ. එනම්, 1982 අංක 15 දරන කැළෑ ආඥා පනතට ගෙන ආ සංශෝධනයෙහි 07වන වගන්තිය සහ කළෑ ආඥා පනතෙහි 40වන වගන්තිය අතර තිබූ අපැහැදිලිතාවය මත වගඋත්තරකාර පාර්ශ්වය තර්ක කළේ, අදාල ගැටලුව නිරාකරණය කිරීමට ව්යවස්ථාදායකයෙහි චේතනාව සෙවිය යුතු බවත් ඒ සඳහා හැන්සාර්ඞ් වාර්තා යොදා ගත යුතු බවත්ය. මෙහි දී සෙනෙවිරත්න විනිසුරුතුමන් ප්රකාශ කළේ, පනතෙහි අරමුණ සෙවීමට හැන්සාර්ඞ් වාර්තා සම්පූර්ණයෙන් යොදා ගැනීම අනවශ්‍ය වන අතර ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්යවරයා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කළ ප්රකාශයක් පමණක් යොදාගත යුතු බවයි. ඒ අනුව උක්ත කරුණු මගින් විශද වන්නේ, ලංකා අධිකරණයන් තුළ දී ව්යවස්ථාවක් අර්ථනිරූපණය කිරීමේ දී අදාළ ව්යවස්ථාවෙහි සඳහන් යම් කොටසක අසංගතතාවයක් ඇති වූ විට ව්යවස්ථාදායකයෙහි චේතනාව ගවේෂණය කිරීම උදෙසා හැන්සාර්ඞ් වාර්තාවන් යොදා ගැනීමට පසුබට නොවී ඇති බවයි. එය හැන්සාර්ඞ් බැහැර කිරීමේ රීතියට ලංකා අධිකරණ එනයින් ම අනුගත නොවූ බවට පවත්නා කදිම සාධකයකි.
හැන්සාර්ඞ් බැහැර කිරීමේ රීතිය ලිහිල් වීම
Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණය
මෙම නඩුතීරණයේ දී Browne-
Wilkinson සාමිවරයා ප්රකාශ කළේ, “පාර්ලිමේන්තු වරප්රසාදවලට යටත් ව ව්යවස්ථාපිත ප්රතිපාදනයක් බහුඅර්ථ, උභයාර්ථ දරන විට හෝ අපැහැදිලි විට අකුරුතා අර්ථය දීම තුළින් නිරර්ථක බවක් ඇතිවන විට දී ව්යවස්ථා අර්ථනිරූපණයට ආධාරකයක් ලෙස පාර්ලිමේන්තු ලේඛන යොදාගැනීමට අවසර දිය යුතුය. එහෙත් එවන් විටෙක දී හැන්සාර්ඞ් යොදාගත යුත්තේ, එමගින් පැහැදිලි ව අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය
තුළින් වැළැක්වීමට අරමුණු කළ අනර්ථය හෝ ප්‍රතිපාදනය පැනවීමෙහි අරමුණ පැහැදිලි ව නිරාවරණය
කරන්නේ නම් පමණි”
යනුවෙනි. මෙම නඩුතීරණයට පූර්වයෙන් හැන්සාර්ඞ් බැහැර කිරීමේ රීතිය සාධාරණීකරණය කිරීමට
පාදක කොටගත් තර්කයක් වන්නේ, 1689 අයිතිවාසිකම් පනතෙහි 9වන ව්‍යවස්ථාවය. ඊට අමතර ව
1980 ඔක්තෝබර් 31වන දින House
of Commons මගින් නිකුත්
කළ රෙගුලාසියක දැක්වූයේ, එසේ හැන්සාර්ඞ් වාර්තා ව්යවස්ථා අර්ථනිරූපණය සඳහා බාහිර ආධාරකයක්
වශයෙන් යොදා ගැනීම තුළ 1689 අයිතිවාසිකම් පනතෙහි 9වන ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවය. අයිතිවාසිකම්
පනත විග්‍රහ කරන Blackstone නම් රචකයා පෙන්වා දෙන්නේ, අයිතිවාසිකම්
පනත අනුව පාර්ලිමේන්තු සභිකයින්ට පවත්නා භාෂණයෙහි නිදහස අනුව පාර්ලිමේන්තුවෙන් පිටත
දී කිසිඳු අවස්ථාවක දී කිසිඳු කාර්යයක් සඳහා උපයෝගී කරනොගත යුතු බවයි. නමුත් Browne- Wilkinson සාමිවරයා උක්ත කරුණ සම්බන්ධයෙන්
ප්‍රකාශ කළේ, “පාර්ලිමේන්තු සභිකයින් පාර්ලිමේන්තුවේ දී සිදුකරනු ලබන කථාවන් සම්බන්ධ
ව ඔවුන්ට අපරාධ සහ සිවිල් නඩු පැවරීමෙන් මුක්තියක් ලබා දීමට අදාළ ව්‍යවස්ථාව සම්පාදනය
කර ඇති අතර හැන්සාර්ඞ් මෙහි දී භාවිතා කරනුයේ, හුදෙක් අර්ථනිරූපණයට ආධාරකයක් සඳහා මිස
ඔවුන් වගකීමට ලක්කිරීමට නොවේ”
යනුවෙනි. මොහුගේ මතයට Griffith සාමිවරයා සහ Bridge සාමිවරයා එකඟ වූ අතර Bridge සාමිවරයා ප්රකාශ කළේ, ඉතා දුර්ලභ අවස්ථාවන්හි දී පමණක්
හැන්සාර්ඞ් යොදාගත යුතු බවයි.
Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයට පසු ව එක්සත් රාජධානියෙහි අධිකරණයන් හැන්සාර්ඞ් භාවිතය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රවේශය
කෙසේ වෙතත් උපයුක්ත නඩුතීරණයෙන් පසු ව වුව ද ව්යවස්ථා අර්ථනිරූපණයේ දී බාහිර ආධාරකයක් වශයෙන් හැන්සාර්ඞ් බැහැර කිරීමේ රීතියෙහි භාවිතය ක්ෂය ව ගියේ නැත. නමුත් එක්සත් රාජධානිය තුළ හැන්සාර්ඞ් උපයෝගී කරගැනීමේ සම්භාවිතාවය තරමක් වර්ධනය විය. මේ බව පහත නඩුතීරණයන් තුළින් විශද වේ. R v. Secretary of State for the Environment,
Transport and the Regions ex p. Spath Holmes Ltd. [2001] 2 AC 349 නඩුතීරණයේ දී Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයෙහි සාකච්ඡා වුණු කරුණු එනයින් ම අනුගමනය කරන ලදී. නමුත් R v. National Asylum Support Service [2002] UKHL 38, [2002] 1 WLR 2956 නඩුතීරණයේ දී අධිකරණය ප්රකාශ කළේ, පනත තුළ දැක්වෙන පැහැදිලි කිරීමේ සටහන් මගින් ද ව්යවස්ථාදායකයෙහි චේතනාව අනාවරණය කරගත හැකි අතර යම් අවස්ථාවක දී හැන්සාර්ඞ් වාර්තා බාහිර ආධාරක ලෙස යොදා ගන්නේ නම් අර්ථනිරූපණය පැහැදිලි කිරීමේ සටහන්වලට අනනුකූල වන පරිදි සිදුනොකළ යුතු බවයි. ඒ මන්ද යත්, ව්යවස්ථාදායකයෙහි චේතනාව අදාළ පැහැදිලි කිරීමේ සටහන්වලට පරාවර්තනය වී ඇති බැවිනි. මෙහි දී හැන්සාර්ඞ් භාවිතයට අධිකරණය විරුද්ධ වී නොමැති අතර එය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ ව පෙන්වා දී ඇත. එමෙන් ම Willson and Others v. Secretary of State for Trade
and Industry [2003]
UKHL 40 නඩුතීරණයේ දී Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණය අනුමත කරන ලදී. නමුත් Robbinson v. Secretary of State for Nothern
Airland [2002] UKHL 32 නඩුතීරණයෙහි දී Hoffmon සාමිවරයා හැන්සාර්ඞ් භාවිතයට එරෙහි වෙමින් ප්රකාශ කළේ, හැන්සාර්ඞ් භාවිතය වියදම් අධික ක්රියාවලියක් යනුවෙනි.
Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයට පසු ව ශ්රී ලංකාවෙහි අධිකරණයන් හැන්සාර්ඞ් භාවිතය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රවේශය
Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයට පූර්වයෙන් වුව ද ශ්රී ලංකාවෙහි අධිකරණයන් තුළ හැන්සාර්ඞ් භාවිතය කෙරෙහි දැඩි විරෝධයක් හෝ බාධාකිරීමක් නොතිබූ බව උක්ත ව දැක්වූ කරුණු මත අනාවරණය විය. ඒ අනුව මෙම නඩුතීරණයෙන් පසු ව වුව ද හැන්සාර්ඞ් භාවිතය පිළිබඳ ලංකා අධිකරණයන් පෙර ප්රවේශය ම අනුගමනය කර ඇත. Ruwan Gunasekara v. Ravindra Karunanayake
C.A. (M.C. Revision) Application No: 05/2004 නඩුතීරණයෙහි දී 1997 අංක 30 දරන ඇප පනතෙහි 3(1) උපවගන්තිය සම්බන්ධ ව සිංහල සහ ඉංග්රීසි පාඨ අතර අපැහැදිලිතාවයක් පැවති අතර එහි දී අභියාචනාධිකරණය එකී අපැහැදිලිතාවය මගහරවාලීම උදෙසා පනත පැනවීම පිළිබඳ ව ව්යවස්ථාදායකයෙහි අරමුණ සොයා යෑමට යොමු විය. මෙහි දී ස්කන්ධරාජා විනිසුරුතුමන් Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයෙහි Browne- Wilkinson සාමිවරයාගේ මතය උපුටා දක්වමින් ප්රකාශ කළේ, ඇප පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී අධිකරණ අමාත්යවරයා වූ ජී.එල්. පීරිස් මහතා විසින් කරන ලද ප්රකාශය උපුටා දැක්විය යුතු බවයි. ඒ හැරුණු විට මෑතකාලීන ව මේ සම්බන්ධ ව අදාළ වන නඩුතීරණය වන්නේ Shiyam v. Officer-in-charge,
Narcotics Bureau and Another (2006) 2 Sri L.R. 156 at 165 නඩුතීරණයයි. මෙහි දී ශ්රේෂ්ඨාධිකරණය ප්රකාශ කළේ, 1997 අංක 30 දරන ඇප පනතෙහි 3(1) උපවගන්තිය අර්ථනිරූපණය කිරීමේ දී කාර්යාර්ථයේ අර්ථනිරූපණ න්යාය යොදාගත යුතු බවත් එහි දී ව්යවස්ථාදායකයෙහි චේතනාව සහ ව්යවස්ථාව පැනවීමෙහි සත්‍ය අරමුණ වටහා ගැනීම උදෙසා හැන්සාර්ඞ් පරීක්ෂා කළ යුතු බවත් ය. මේ අනුව විමසා බලන විට Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණය පාදක කොටගෙන හැන්සාර්ඞ් වාර්තාවන් අර්ථනිරූපණ කාර්යයන් සඳහා යොදා ගැනීම හෝ බැහැර කිරීම සම්බන්ධ ව එක්සත් රාජධානියෙහි සහ ශ්රී ලංකාවෙහි අධිකරණ ප්රතිචාර දක්වා ඇති අන්දම උක්ත විග්රහයෙන් පැහැදිලි වේ.
පාර්ලිමේන්තුවෙහි චේතනාව නිර්ණය කිරීම උදෙසා හැන්සාර්ඞ් වාර්තා යොදා ගැනීම සම්බන්ධ න්යායාත්මක ප්රවේශය
මේ යටතේ ප්රමුඛ වශයෙන් ම සාකච්ඡා කළ යුතු වන්නේ, හැන්සාර්ඞ් භාවිතය තුළ සිදුවන ආණ්ඩුක්රම ව්යවස්ථාමය සංකල්පයන් එකිනෙක අතිපිහිත (overlap) වීම පිළිබඳ ව ය. මේ යටතේ නීතියේ ආධිපත්යය, සහ පාර්ලිමේන්තු ස්වාධිපත්යය වැනි සංකල්පයන් උක්ත කරුණ සම්බන්ධයෙන් දක්වන සම්බන්ධතාවය පිළිබඳ ව විග්රහ කළ යුතුය. Fothergill v. Monarch Airlines Ltd.
[1981] AC 251, 279 නඩුතීරණයෙහි දී Diplock සාමිවරයා ප්රකාශ කළේ, නීති අර්ථනිරූපණයට බලය දී ඇති අධිකරණය සිය කාර්යය සඳහා ව්යවස්ථාදායකය ඈඳා ගැනීම නීතියේ ආධිපත්‍යයට පටහැනි
විය හැකි බවය. නමුත් United
States v. American
Trucking Association 310
U.S. 534, 60s. Ct. 1059 (1939)
නඩුවේ දී Reed විනිසුරුතුමන් ප්රකාශ කළේ, පනතක්
අර්ථනිරූපණය කිරීම සඳහා හැන්සාර්ඞ් භාවිත කිරීම තුළ කිසිවිටෙකත් නීතියේ ආධිපත්‍යය ප්‍රතිශේධනය
නොවන බවය. නමුත් Johan
Steyn නම් නීතිවේදියා
ප්රකාශ කරනුයේ, හැන්සාර්ඞ් බාහිර ආධාරකයක් ලෙස යොදා ගැනීම ව්‍යවස්ථා විරෝධී බවයි.
එනම්, යම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට එකිනෙකට
අනන්‍ය වූ කාර්යයන් පැවරී ඇත. මෙසේ හැන්සාර්ඞ් යොදා ගැනීම අධිකරණයෙහි අනන්‍ය කාර්යභාරය
ඉක්මවා යෑමකි. මේ හැරුණු විට න්‍යායාත්මක ප්‍රවේශය සම්බන්ධයෙන් විමසීමේ දී හැන්සාර්ඞ්
යොදාගත යුත්තේ කුමන අවස්ථාවල දී ද යන්න විමසා බැලීම වැදගත් වේ. Pepper (Inspector of Taxes) v. Hart නඩුතීරණයෙහි දී අභියාචක පාර්ශ්වයෙහි
නීතිඥවරයා විසින් හැන්සාර්ඞ් යොදාගත හැක්කේ කුමන අවස්ථාවල දී ද යන්න දක්වන ලද අතර අධිකරණය
විසින් ද එය පිළිගන්නා ලදී. එනම්, ප්‍රශ්නගත වාක්‍ය ඛණ්ඩයෙහි සත්‍ය අරුත හා ව්‍යවස්ථාදායකයෙහි
චේතනාව තහවරු කරගැනීමට, උභයාර්ථ, බහුඅර්ථ පදවල නිවැරදි අරුත නිර්ණය කිරීමට සහ ව්‍යවස්ථාව
සාමාන්‍යයෙන් කියවීමේ දී එයින් හැඟෙන සාමාන්‍ය අර්ථය අයුක්ති සහගත බවට හෝ අසාධාරණ බවට
සනාථ කිරීමට හැන්සාර්ඞ් යොදාගත හැකිය. එමෙන් ම මෙහි දී තවත් වැදගත් කරුණක් Hong-Kong Law Commission Report හි දක්වා ඇත. එනම්, අපරාධ නඩුවක
දී ඒ හා සම්බන්ධ පනත් අර්ථනිරූපණයේ දී හැන්සාර්ඞ් වාර්තා බාහිර ආධාරකයක් ලෙස යොදාගත
යුතු ද? යන්න පිළිබඳ ව මෑතකාලීන ව ප්‍රශ්නගත වී ඇත. Botross v. London Borougho Fullham [1995] 16 Cr. App. R (S.) 622 නඩුතීරණයේ දී Beldam විනිසුරුතුමන් ප්රකාශ කළේ, අපරාධ නඩුවක දී හැන්සාර්ඞ්
වාර්තා බාහිර ආධාරකයක් ලෙස යොදා ගැනීම අනවශ්‍ය බවයි. එනම්, අපරාධයක් හා සම්බන්ධ ව්‍යවස්ථාවන්
පැනවීමේ දී ව්යවස්ථාදායකයෙහි චේතනාව වන්නේ චූදිතයන්ට දඬුවම් ලබා දීම මිස අනෙකක් නොවන
හෙයිනි. මෙකී තත්ත්වය Massey v. Boulden [2003] 1 WLR 1792 නඩුතීරණයේ දී ද දක්වා ඇත.
ව්යවස්ථා අර්ථනිරූපණයේ දී හැන්සාර්ඞ් බාහිර ආධාරකයක් ලෙස යොදා ගැනීමේ දී ශ්රී ලංකාවට මුහුණපෑමට සිදුවන අභියෝග
ශ්රී ලංකාවට හැන්සාර්ඞ් භාවිත කිරීමේ දී මුහුණ පෑමට සිදුවන අභියෝගයන් සම්බන්ධ ව සාකච්ඡා කළ යුත්තේ, වෙනත් අධිකරණ කලාපයන් සමග සංසන්දනය කරමිනි. Daymond v. Plymouth Council [1976] AC 609 නඩුතීරණයේ දී Kilbrandon සාමිවරයා ප්රකාශ කළේ, අධිකරණමය අර්ථනිරූපණයන් සඳහා හැන්සාර්ඞ් භාවිතය අනිවාර්ය කළහොත් එයින් ව්යවස්ථා අර්ථනිරූපණ කාර්යයට යම් පිටුබලයක් ලැබුණ ද වැය වන පිරිවැය ඉතා ඉහළ බවයි. ඊට අමතර ව ස්කොට්ලන්තය තුළ හැන්සාර්ඞ් වාර්තාවන්ට අදාළ සියලුම වෙළුම් පුස්තකාලයන් තුළින් සොගැනීමට අපහසුය. ඇතැම් අවස්ථාවන්වල දී ව්යවස්ථාවෙහි අර්ථය සොයාගැනීමට ඍජු ව අදාළ වන වාර්තාවන්
පවා තෝරා බේරා සොයාගැනීමට නීතිඥවරුන්ට ද අසීරු වී තිබේ. ඒ අනුව මෙහි දී පෙනී යන්නේ,
ඉතා දියුණු යැයි සැලකෙන එක්සත් රාජධානිය තුළ පවා හැන්සාර්ඞ් විධීමත් පරිදි සංරක්ෂණය
කොට පවත්වා ගෙන යෑම පිළිබඳ ව ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි. ඒ සඳහා වැය වන අධික පිරිවැය
ඊට ප්‍රබල හේතුවක් වනු ඇත. මේ අනුව බලන විට දියුණු යැයි සම්මත රටවල්වල තත්ත්වය එසේ
නම් අර්ථනිරූපණ කාර්යයේ දී හැන්සාර්ඞ් වාර්තා භාවිතය සම්බන්ධ ව ලංකාව ඉදිරියේ ඉතා ප්‍රබල
අභියෝගයක් පවතින බවට තර්ක කළ හැකිය. ඒ හැරුණු විට Renton කමිටු වාර්තාව තුළ ද දක්වා ඇත්තේ,
බාහිර ආධාරක ලෙස හැන්සාර්ඞ් යොදාගැනීමේ දී පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ, පාර්ලිමේන්තු
මන්ත්‍රීවරු පනත් කෙටුම්පත් සම්බන්ධ ව සිය අදහස් පළ කරනුයේ, තමන්ට පවතින දේශපාලන දෘෂ්ටිය
සහ නෛතික දැනුම අනුවය. එබැවින් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ ව අවධානය
යොමු කිරීමේ දී විද්‍යමාන වන්නේ, දේශපාලන අත්දැකීම් සහිත මන්ත්‍රීවරු යම් ප්‍රමාණයක්
සිටිය ද උගත් මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතය ඉතා අවම බවය. ඒ මත පිහිටා තර්ක කළ හැකි වන්නේ,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි හැන්සාර්ඞ් වාර්තා බාහිර ආධාරක ලෙස යොදා ගෙන සාර්ථක අර්ථනිරූපණයක්
සිදුකළ නොහැකි බවය. මෙය ශ්‍රී ලංකාවට පවතින ප්‍රබල අභියෝගයකි.
ව්යවස්ථා අර්ථනිරූපණයේ දී හැන්සාර්ඞ් බාහිර ආධාරකයක් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පවතින උපයෝගීතාවය
යෝග්යතා
මෙහි පවතින ප්රමුඛත ම යෝග්යතාවයක් වන්නේ, අකුරුතා න්යාය අනුගමනය කිරීමෙන් ඇතිවන ගැටලු නිරාකරණයට මෙමගින් මනා පිටුවහලක් ලැබීමය. ඒ හැරුණු විට මෙහි දී කාර්යාර්ථයේ න්යාය අනුගමනය කරනු ලබන විනිසුරුවරුන්ට හැන්සාර්ඞ් වාර්තා පිරික්සා බැලීම තුළ ව්යවස්ථාදායකයෙහි චේතනාව මනාව අවබෝධ කරගත හැකිය. එමෙන් ම Magor and St. Mellons v. Newport D.C. [1951]
All E R 839, [1952] AC 189 නඩුතීරණයේ දී Denning සාමිවරයා ප්රකාශ කළේ, “අප මෙතැන සිටින්නේ පාර්ලිමේන්තුවෙහි චේතනාව එළියට ඇද එය කැබලි කිරීමට නොව එය සොයාගෙන හිස්තැන් පුරවමින් වඩාත් හොඳින් විශ්ලේෂණයට ඉදිරිපත් කිරීමටයි” යනුවෙනි. මේ බව 1990 අංක 17 දරන නවසීලන්ත නීති කොමිෂන් වාර්තාවේ ද දක්වා ඇත.
අයෝග්යතා
Johan Steyn නම් නීතිවේදියා ප්රකාශ කරනුයේ, පනත් කෙටුම්පතක් පාර්ලිමෙන්තුවෙහි බහුතරයකින් සම්මත කළ පසු එය නීතියක් බවට පත්වන අතර එහි දී පනත් කෙටුම්පතට පක්ෂ වූවන් සහ පක්ෂ නොවූවන් ලෙස දෙකොටසක් සිටී. ඒ අනුව ඔවුන් එකිනෙකට විරුද්ධ අදහස් දක්වා ඇති විට කුමන මතය පාර්ලිමේන්තුවේ චේතනාව නියෝජනය කරන්නේ ද? යන්න සෙවීම උභතෝකෝටිකයකි. එබැවින් මෙය මෙහි පවතින බලවත් අයෝග්යතාවයක් ලෙසට තර්ක කළ හැකිය. ඒ හැරුණු විට Jackson
විනිසුරුතුමන් ප්‍රකාශ කරන
පරිදි ව්‍යවස්ථාවක් අර්ථනිරූපණය කිරීමේ දී හැන්සාර්ඞ් යොදාගත යුතුයැයි කොතැනක හෝ දක්වන්නේ
නම් එය ඉතා අයුක්තිසහගත බවයි. එනම්, බොහෝ නීතිවෘත්තිකයන්ට එය අසාධාරණයකි. ඒ මන්ද යත්,
නිතිවෘත්තියෙහි අසාමාන්‍ය ලෙස සාර්ථක වූවන් පමණක් තම බලය භාවිතා කර අදාළ ලියකියවිලි
ගවේෂණය කරනු ඇත. ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයෙහි සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ
මෙය ඉතා ප්‍රබල ගැටලුවක් බවට පත් වී ඇත. එමෙන් ම මෙම කාරණාව තුළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවෙහි 12වන ව්‍යවස්ථාවෙන් පිළිගෙන ආරක්ෂා කරනු ලබන සමානාත්මතාවය සහ සර්වසාධාරණත්වයේ
අයිතිවාසිකම් හුදෙක් වචනයට පමණක් ලඝු කිරීමක් සිදුවේ. Church of Scientology of California v. Johnson Smith [1972]
1 QB 522 නඩුතීරණයේ දී අධිකරණය
ප්රකාශ කළේ, යම් වයවස්ථාවක් අර්ථනිරූපණයේ දී හැන්සාර්ඞ් යොදාගැනීම තුළ අදාළ ප්‍රකාශය
කර ඇති මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දෝෂදර්ශනයට ලක්වීමට ඉඩ ඇති අතර එමගින් අදාළ මන්ත්‍රීවරයාගේ
ගරුත්වයට හානියක් වීමේ හැකියාව අධිකය. ඊට අමතර ව දැකිය හැකි තවත් අයෝග්‍යතාවන් කිහිපයක්
වන්නේ, නඩු කල්ගත වීම, නීතිය පූර්වාපේක්ෂිත කිරීමේ ගුණයට හානි වීම ආදියයි.
ශ්රී ලංකාවෙහි ව්යවස්ථා අර්ථනිරූපණය සම්බන්ධයෙන් හැන්සාර්ඞ් යොදාගැනීම ප්රගමණය කීරීම උදෙසා ඉදිරිපත් කළ හැකි නිර්දේශ
Willson and Others v. Secretary of State for Trade
and Industry නඩුතීරණයේ දී හැන්සාර්ඞ් බැහැර කිරීමේ රීතිය ලිහිල් කිරීමත් සමග අයිතිවාසිකම් පනතෙහි 09වන ව්යවස්ථාව ප්රකාර ව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නීත්යනුකූල අපේක්ෂාවක් හටගත් බව අධිකරණය විසින් ප්රකාශ කරන ලදී. එනම්, යම් අවස්ථාවක අධිකරණය අර්ථනිරූපණ කාර්යයක් සඳහා හැන්සාර්ඞ් වාර්තා යොදාගෙන පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේ පාර්ලිමේන්තු වරප්රසාද කඩකළහොත් ඔහුට නීත්යනුකූල අපේක්ෂාව කඩ වූ බවට ප්රකාශ කළ හැකි අතර ඒ තුළ අධිකරණයට යම් සීමාවක් පවතී. එකී සීමාන්තික බව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ගරුත්වය රැකීම සඳහා ඉවහල් වේ. එමෙන් ම 1984 අංක 27 දරන ඕස්ටේ්රලියානු අර්ථනිරූපණ (සංශෝධන) පනතෙහි 7, 15 AB (1)( a) වගන්තිය (මෙහි දක්වා ඇත්තේ, ව්යවස්ථාවක අසංගතතාවයක් ඇති වූ විට, ව්යවස්තාවෙහි සාමාන්‍ය අර්ථය තහවුරු කිරීමට, ව්යවස්ථාවෙහි සන්දර්භය තේරුම්ගැනීමට බාහිර ආධාරක යොදාගත යුතු බවයි : (1) (a), (1) (b), 2(f) සහ 2 (h) යන වගන්ති.) උපස්ථම්භක කොට ගෙන හැන්සාර්ඞ් භාවිතය සම්බන්ධයෙන් ව්යවස්ථාපිත නීතියක් නිර්මාණය කළ යුතුය. කෙසේ වෙතත් නවසීලන්ත නීති කොමිසම ප්රකාශ කරනුයේ, ඕස්ටේ්රලියාව එලෙස හැන්සාර්ඞ් භාවිත කිරීම ව්යවස්ථාපිත ව දැක්වීම තරමක් දුරට අයෝග්‍ය වන අතර එය ස්වතන්ත්‍ර රීතියක් වශයෙන් අධිකරණයට සංවර්ධනය කිරීමට අවකාශය ලබාදිය යුතු බවයි. ඒ අනුව ඕස්ටේ්රලියාවහි මෙන් ව්යවස්ථාපිත නීතිය ශක්තිමත් කිරීම හෝ හැන්සාර්ඞ් භාවිතය පිළිබඳ වන රීතීන් අධිකරණය විසින් සංවර්ධනය කිරීම යන කරුණු දෙකෙන් එකක් ශ්රී ලංකාවට තෝරා ගත හැකිය.
From- Saranga Bandara
Senevirathna
Suranga Bandara Senevirathna
මෙම බ්ලොග් අඩවිය සම්බන්ධ ව ඔබගේ අදහස් පහතින් දක්වන්න